විදුලි

මම පළවෙනියට ගන්නේ එක්තරා නගරයක ඉදි උන , අලංකාර හෝටලයකින්, මේ හෝටලය අයත්ව තියෙන්නේ විදේශිකයෙකුට , ඔහු වුර්තීයෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඔහු පළවෙනියටම කලේ ඔහු දැකපු තරු පන්තියේ හෝටලයක නිමාවක් සහ හැම අංගයක් ම මෙයට ඇතුල් කරන්න . ඉතින් ඔහු පළවෙනියටම හිතුව , ඉදිකරන ප්‍රදේශය මුහුද අයිනෙන් තෝරාගන්න. ඔහු එය ලබාගත්ත , දෙවනියට ඔහුට ඕනේ උනා ඒ මුහුද එක්ක කිට්ටු දුරකින් පිහිනුම් තටාකයක් ඉදිකරන්න. ඒ වගේම තමය් ඔහු ඒ පිහිනුම් තටාකය සමග Pool bar(සිංහල නම දන්නේ නෑ ) කියන පහසුකම සපයන්න. තෙවැනි අවශ්‍යතාව උනේ ඒ පිහිනුම් තටාකයට ළමා පිහිනුම් තටාකයක් සහ ඒ දෙක අතර සම්බන්ධයක් ඇති කරන්න. තුන්වෙනියට ඔහුට ඕනේ උනා ඒ ළමා පිහිනුම් තටාකයට සම්බන්ධ වන ළමා ක්‍රීඩා කාමරයක් (කාමරයක් කිව්වට මේක ලොකු ප්‍රදේශයක්). 04. මුහුදු ක්‍රීඩා උපකරණ කාමරයක්. 05. මුහුදු බෝට්ටු කාමරයක්. 06. වාහන නැවතීමට ඉඩක්. 07. ප්‍රධාන විදුලි බෙදාහැරීමේ කාමරය. 08. පිහිනුම් තටාක පොම්ප , ගිනි නිවුම් පොම්ප සහිත කාමරය. 09. ප්‍රධාන ගබඩාව. 10. ප්‍රධාන විදුලි සෝපාන , බඩු ප්‍රවාහන සෝපාන . 11. ප්‍රධාන පිළිගැනීමේ අංශය ..... ගොඩක් තව තියනවා(මේ කිව්වේ ගොඩනැගිල්ලේ පලවෙනි මට්ටම ) . ඉතින් මෙහෙම ඔහු ඇඳපු චිත්‍රය(conceptual architectural drawing) එයා දුන්න උපදේශකයෙකුට. ඒ උපදේශකයා අනුව සෙසු උපදේශකයන් ලබාදුන්නා විදුලිය ,ජලය , සනීපාරක්ෂක , වායුසමීකරණ, ගෑස් ..ආදී සියලු පහසුකම් සඳහා ප්‍රායෝගික චිත්‍ර (Realistic civil & Services drawings). ඒ ඔක්කොම කලේ අවුරුදු දෙකකින් (කොටින්ම චිත්‍ර අඳින එක නැවැත්තුව මාස 2කින් , ඊට පස්සේ බිල්ඩිම හදන කණ්ඩායම තමා සියලු පහසුකම් හැදුවේ). ඉතින් මෙතනින් විදුලිය ගැන මම කියන්නම් (අනිත් එව්වා කලාට මම වැඩිය දන්නේ නෑ ,එව්වා හුඟක් අනුන්ගෙන් අහගෙන කලේ). පලවෙනි දේ තමා මේ හිතේ තියන දේවල් ඔක්කොම එක පාර දුවන්න කොච්චර ධාරාවක් ඕනේ වෙනවද කියන එක. ඉතින් ඕක ගණනය කරද්දී අපි හිතන ප්‍රධාන කොටස් තියනවා, 01. වායුසමීකරණ යන්ත්‍ර සඳහා ධාරාව. 02. ආලෝක කරණය. 03. ප්‍රධාන ඉවුම් උපකරණ සඳහා ධාරාව. 04. රේදි සේදුම් යන්ත්‍ර කාමරයේ ධාරාව. 05. මෝටර් කාමරයේ ධාරාව. 06. ජල තාපක සඳහා ධාරාව . 07. කුඩා විදුලි උපකරණ සඳහා ධාරාව. 08. පරිගණක ගත පද්ධති සඳහා ධාරාව. 09. ව්‍යායාම උපකරණ කාමරයේ ධාරාව. 10. සලරූ කාමරයේ ධාරාව. තව ගොඩක් තිබ්බත් ..ඔක්කොම කියන්න වෙලාවක් නෑ , ඊට පස්සේ විදුලි උපදේශක පටන්ගන්නවා ගණනය කරන්න, 01. උපරිම විදුලි අවශ්‍යතාවය(මේක ඕනේ වෙන්නේ අදින කම්බි ගණනය කරන්න). 02. සාමාන්‍යයෙන් භාවිතා විය හැකි ධාරාව(මේක ඕනේ වෙන්නේ ආරක්ෂාව සහ බෙදාහැරීම සඳහා) 03. ආරක්‍ෂිත කලාප සහ කාර්මික කලාප (මේක ඕනේ වෙන්නේ මිනිසුන් ගේ ආරක්ෂාව සඳහා , කොටින්ම සංචාරකයා උපරිමව ආරක්ෂා කිරීම සහ උපකරණ සඳහා උපරිම සේවා කාලයක් ලබාදීම සඳහා) 04. සේවා අවශ්‍යතා(Mechanical & electrical services, coordination corrections ). 05. බාහිර පෙනුම. ඉතින් මේ දේවල් අනුව ගණනය කරන්න පටන් ගත්තත් , ඇත්තටම ගෘහ නිර්මාණ ශිල්පියාට ඕනේ දේ හරියටම නොදැන අසම්පූර්ණ දෙයක් කළා උනත් , කුඩා පරිමාන හෝටලයක් නිසා ටිකක් වැඩිපුර බෙදාහැරීමේදී සල්ලි වියදම් වෙන්න දීල වැඩි දාරාවක් ඉල්ලන එක , බෙදන එක වටිනවා. මේක සංකීර්ණ දෙයක් , නමුත් අදහසක් ගන්න ඕනේ නිසා සරල නිවසකට හරියන විදියට මම ගාන හදල පෙන්නන්නම්. නමුත් ඇත්තටම ප්‍රායෝගිකව බැලුවොත් , හිතපු ගානට වඩා ලොකු වෙනසක් එනවා එක එක සාධක වලින් මේ උත්තරය වැඩි කලේ නැත්තන්. Example, ගොඩනැගිල්ලට අවශ්‍ය කරන මුළු ජවය = 200000W(200kW). ලයින් වෝල්ටීයතාව = 415v. එම නිසා අවශ්‍ය මුළු ධාරාව =I P=VIcos(x) I=P/V I=200000/415 I=482A ඊළඟ ප්‍රශ්නේ මේ 482A කොහොමද බෙදන්නේ කියල , කීයක් දෙනවද එක තට්ටුවකට , ඒ ටික කොහොමද බෙදන්නේ, බෙදද්දී මොනවාද හිතන්න ඕනේ , පස්සේ බෙදපු ටික මදි උනොත් මොකද කරන්නේ...???

Comments

Popular posts from this blog

Network Commands

මෙන්න එහෙනම් Proxy list එක ...

ඉලෙක්ට්‍රොණික පන්තිය..