BUILD YOUR OWN COMPUTER 01
පරිගණකයක් හදමු (BULD COMPUTER)
ඉතින්
කොම්පියුටරයක් හදන්න ඉස්සරවෙලා අපි දැනගන්න ඕනෙ අපේ අවශ්‍යතාවය.අද ලෝකයේ
බොහොමයක් දෙනා බොහොමයක් වැඩකරගන්න කොම්පියුටරය යොදාගන්නවා.ඒ නිසා අතේ තබාගෙන බාවිතකලහැකි “Palm top“ සිට
ගොඩක් බලසම්පන්න සුපිරි පරිගණක (Super computer) පරිගණක
පවා බිහිවී තිබෙනවා.
අපි මේ ඉගෙනගන්නේ සාමාන්‍යයෙන් භාවිතා කරන ඩෙස්ක්ටොප් පරිගණකයක් (Desktop
computer) එකලස් කිරීම සිදුකරන ආකාරය පිලිබඳවයි.
පරිගණකයේ මූලික ක්‍රියාවලිය සිදුවන්නේ දත්ත ඇතුලු කිරීම (Data
input), දත්ත සැකසීම (Data processing) සහ
ප්‍රතිඵලය ප්‍රතිදානය කිරීම (Output)
යන ක්‍රියාවලිය පදනම් කරගැනීමෙනි.මේ
සඳහා භාවිත වන උපාංග අනුව උපාංග වර්ග කරනු ලබයි.
ආදාන උපාංග (Input
device) :
·
යතුරු
පුවරුව (Key board)
·
මූසිකය
(Mouse)
·
කැමරාව
(Camera)
·
මයික්එක
(Microphone)
·
ඉවත්කල
හැකි උපාංග (Removable
device)
·
ස්කෑනරය
(Scanner)
ආදාන උපාංග මගින් ඇතුලු කරන දත්ත භාවිතා කරන්නා විසින් දෙනු ලබන
තොරතුරු සහ විධාන වලට අනුව පද්දති ඒකකය(System unit)
මගින් සැකසීම සිදු කරනු ලබයි.ඉන් පසුව සකසන ලද අවසන් ප්‍රතිඵලය
භාවිතා කරන්නා වෙත ලබා දීම සඳහා ප්‍රතිදාන උපාංග උපයෝගී කරගනී.
ප්‍රතිදාන උපාංග (Output
device) :
·
මොනිටරය
(Monitor)
·
ස්පීකර්
(Speaker)
·
ප්‍රින්ටරය
(Printer)
පද්ධති ඒකකයෙහි ක්‍රියාකාරිත්වය (Operation in system unit):
BUILD YOUR OWN COMPUTER 02
පද්ධති
ඒකකය (SYSTEM UNIT)
පද්ධති ඒකකය යනු පරිගණකයෙහි ප්‍රධාන කොටස වේ.පරිගණකය
තුල සියලුම සැකසීම්, දත්ත ගබඩා කිරීම, පාලනය සිදු කරනු ලබන්නේ මෙම කොටස තුලය.
අපි ප්‍රධාන වශයෙන් කතා කරනු ලබන්නේ පද්ධති ඒකකය තුල ක්‍රියාකාරීත්වය
සහ සැකැස්ම සිදුකරන ආකාරය පිලිබඳවයි.
පද්ධති ඒකකයෙහි ක්‍රියාකාරිත්වය (Operation in system unit):
සාමාන්‍ය
පරිගණකයක පධති ඒකකය ( system unit ) තුල පරිගණකයෙහි මධ්‍ය
සැකසුම් ඒකකය ( Processor/cup ), මව්පුවරුව (
Mother board ), ප්‍රවේශ මතකය (Ram), වීඩියෝ
කාඩ් (Video card ), දෘඩ තැටිය ( Hard disk ), සීඩී/ඩීවීඩී ධාවකය ( CD/DVD Rom ), නම්ය තැටි ධාවකය ( Floppy disk drive ), සහ
බල සැපයුම් ඒකකය ( Power supply unit ) අඩංගු වේ.මේ සියලුම කොටස් කේසින් එකතුල
ඇන සහ ක්ලිප් යොදාගනිමින් නිසි ආකාරයට සම්බන්ධ කල යුතුය.
ඉහත සඳහන් කල කොටස් සහ ඒවා පරිගණකයට සම්බන්ධ වන ආකාරය ගැන විමසා බලමු.
ඉහත සඳහන් කල කොටස් සහ ඒවා පරිගණකයට සම්බන්ධ වන ආකාරය ගැන විමසා බලමු.
BUILD YOUR OWN COMPUTER 03
මව්පුවරුව (MOTHER BOARD)
පරිගණකයෙහි සියලු කොටස්
මව්පුවරුව සමඟ සම්බන්ධ වේ.මේ සඳහා මව්පුවරුව මත
සොකට්(Socket) පිහිටා ඇත.සෑම
මව්පුවරුවක් අනුවම ඒ සඳහා යොදා ගන්නා බල සැපයුම(Power supply), ප්‍රොසෙසරය(Processor), රැම් කඩ් පත(RAM),
සහ දෘඩතැටි(Hard disk), සීඩී/ඩීවිඩී ධාවක (CD/DVD Rom)යන උපාංග වල වෙනස්කම්
දැකිය හැක.මේ නිසා මව්පුවරුව තෝරා ගැනීමේදී මේ පිලිබඳ මනා
අවබෝධයකින් සිටිය යුතුය.දැනට වෙලඳපොලෙහි ඇති බොහෝමයක්
මව්පුවරු වල වීඩියෝ කාඩ් පත(VGA Card), සවුන්ඩ් කාඩ් පත(Sound
card) සහ නෙට්වර්ක් කාඩ් පත (Network card) ඔන් බෝර්ඩ්(On board)(මව් පුවරුව මතම) පිහිටුවා ඇත.
වෙළඳපොළෙහි විවිධ සම්මත ප්‍රමාණයන්ගෙන් යුත් විවිධ වෙළඳ නාම යටතේ ඇති
විවිධ පහසුකම් වලින් යුත් මව්පුවරු ඇත.එහෙත් පළමුව අපේ අවශ්‍යතාවය
පිළිබඳව සලකා බලා ඊට ගැළපෙන ලෙස මව්පුවරුව තෝරා ගතයුතුය.විශේෂයෙන්ම
මිළදී ගන්නා වෙනත් දෘඩාංග සමඟ නිවැරදි ලෙස ක්‍රියාත්මක වන සහ ඒවාත් සමඟ නිසි පරිදි
සම්බන්ධ කිරීමට පහසුකම් ඇතිදැයි පරීක්ෂා කළ යුතුය.විශේෂයෙන්
මව්පුවරුව මිළදී ගන්නා විට ඉතාමත් සැළකිලිමත් ලෙස තමාට අවශ්‍ය වන පහසුකම් සපුරා ගත
හැකි නවීන පහසුකම් සහිත හොඳ වෙළඳ නාමයක්
යටතේ වැඩි වගකීම් කාළයක් (Warranty)ලබාදෙන එකක් සොයා
මිළදී ගන්න.විශේෂයෙන් අවශ්‍ය ප්‍රමාණයට එක්ස්පැන්ෂන්
ස්ලොට්(Expansion slot), රැම්
ස්ලොට්(Ram slot), යූ එස් බී පෝර්ට්ස්(USB Ports),
සාටා පෝර්ට්ස්(SATA Ports) සහ වෙනත්
උපාංග සම්බන්ධක ඇත්දැයි සැලකිලිමත් වන්න.
විශේෂයෙන්ම ප්‍රොසෙසරය සවිවන සොකට්ටුව(Processor
socket) සහ ප්‍රොසෙසරයෙහි වර්ගය(Processor Brand) ගැන අවධානය යොමුකල යුතුය.මව් පුවරුවෙහි වර්ගය
සහ කාර්යක්ෂමතාවය මත මිල වෙනස් වේ.
BUILD YOUR OWN COMPUTER 04
ප්‍රොසෙසරය (PROCESSOR)
දැනට ලෝකයේ
භාවිතාකරන ප්‍රධාන ප්‍රොසෙසර වර්ග 2ක් ඇත.එනම් ඉන්ටෙල් (Intel) සමාගම විසින් නිපදවනු
ලබන ප්‍රොසෙසර සහ ඒ එම් ඩී (AMD) සමාගම විසින් නිපදවනු
ලබන ප්‍රොසෙසර වේ.වඩාත් ජනප්‍රිය ප්‍රොසෙසර වන්නේ ඉන්ටෙල් සමාගම විසින් නිපදවනු ලබන ප්‍රොසෙසරයි.ඒ එම් ඩී සමාගම විසින් නිපදවනු ලබන ප්‍රොසෙසර ඉක්මනින් රත්වීමට ලක්වන
නිසා එම ප්‍රොසෙසර කාර්යක්ෂමතාවය අඩු යැයි මතයක් පවතී
කෙසේ වෙතත්
වඩාත් ජනප්‍රිය ප්‍රොසෙසරය වන්නේ ඉන්ටෙල් ප්‍රොසෙසරයයි.
ප්‍රොසෙසරයක් මිලදී ගන්නාවිට විමසා
බැලිය යුතු කාරනා කිහිපයක් ඇත.
- යොදා ගන්නා මව්පුවරුවෙහි සොකට්ටුවට ගැලපෙනවාද යනවග.
- යොදා ගන්නා මව්පුවරුවට කෑෂ් මෙමරි (Cache memory), ඝටිකා වේගය (Clock speed) සහ ප්‍රොසෙසරයෙහි වේගය(Processor speed) ගැලපෙනවාද යනවග.
- ප්‍රොසෙසරයෙහි වේගය සහ කෑෂ් මෙමරි (Cache memory)ප්‍රමානය.
- ප්‍රොසෙසරයෙහි ඝටිකා වේගය(Clock speed).
ඉහත සඳහන්කල විස්තර ප්‍රොසෙසරයෙහි මතුපිට තහඩුව මත සඳහන් කර ඇති
අතර ඒ සමග ලැබෙන අත්පොතෙහිද(Manual) විස්තර කර ඇත.
දැනට භාවිතා
කරන ජනප්‍රිය ඉන්ටෙල් ප්‍රොසෙසර වර්ග
කිහිපයක් ඇත. ඒවා කාලයෙන් කාලයට තාක්ෂනයෙන් නවීකරනය
වෙමින් ඉදිරියට පැමින ඇත.දැනට වඩාත් කාර්යක්ෂම ප්‍රොසෙසර
කිහිපයක බල සහිත මල්ටි කෝර්(Multi core) ප්‍රොසෙසර
වෙළඳපොල තුල ජනප්‍රිය වෙමින් පවතී.
දැනට වෙළඳපොලෙහි
පවතින ප්‍රොසෙසර අතර ඉන්ටෙල් ඩුවල් කෝර් (Dual core), ඉන්ටෙල්
කෝර් ටු ඩුවෝ (Core2duo), ඉන්ටෙල් ක්වඩ් කෝර් (Quad
core), ඉන්ටෙල් කෝර් ටු ක්වඩ්(Core2quad), ඉන්ටෙල් කෝර් අයි ත්‍රී (Core i3), ඉන්ටෙල්
කෝර් අයි ෆයිව් (Core i5), ඉන්ටෙල් කෝර් අයි සෙවන් (Core
i7) යන ප්‍රොසෙසර ජනප්‍රියත්වයක් උසුලයි.මේවා කාර්යක්ෂමතාවය අනුව මිල ප්‍රමානයන් වෙනස් වේ.
ඉන්ටෙල් සමාගම විසින්
සෙලරොන් (Celeron) යන නමින් කාර්යක්ෂමතාවයෙන් අඩු ප්‍රොසෙසරයක්ද
නිපදවයි.මෙම සෙලරොන් ප්‍රොසෙසරයෙහි මිලද සාපේක්ෂව අඩු
අගයකි.
ඉන්ටෙල් සමාගමට
සමගාමීවම ඒ එම් ඩී සමාගමද ප්‍රොසෙසර නිෂ්පාදනය කරනු ලබයි.මේවාද
ඉන්ටෙල් ප්‍රොසෙසර වලට වඩා මිලෙන් අඩු අගයක පවතී.
ප්‍රොසෙසරය
මිලදී ගන්නා විට ඒ සඳහා සිසිලන පංකාවක් (Cooling fan) සහ
හීට් සින්ක් (Heat sink) එකක්ද මිලදී ගත යුතුය.ප්‍රොසෙසරය රත්වීම වලක්වා ගැනීම සඳහා මෙය අනිවාර්යයෙන්ම යෙදිය යුතුය.අලුතින් ප්‍රොසෙසරයක් මිලදී ගන්නා විට සිසිලන පංකාවක් සහ හීට් සින්ක්
එක ප්‍රොසෙසරය සමග ලබාදෙයි.සිසිලන පංකාවක් සහ හීට් සින්ක්
එක නොමැතිව ක්‍රියාත්මකවීම නිසා ප්‍රොසෙසරය අක්‍රීය තත්වයට පත්විය හැකි නිසා ඒ
පිළිබඳව විමසිලිමත් වන්න.
ප්‍රොසෙසරය මව්පුවරුව මත සවිකරන ආකාරය ඒ සමග ලැබෙන අත්පොතෙහි(Manual) විස්තර කර ඇත.මෙය එතරම් අපහසු කාර්යයක් නොවන අතර මව් පුවරුවෙහි ඇති ලිවරය(Lever) පරිස්සමෙන් ඔසවා නිවැරදි ලෙස ප්‍රොසෙසරය මත ඇති කට්ට(Notch) වලට මව් පුවරුව මත ඇති සොකට්ටුවෙහි කට්ට(Notch) ගැලපෙන ලෙස තබා නිසි පරිදි පරිස්සමින් ලිවරය(Lever) අගුලු දමන්න.මෙය ඉතාමත් පරිස්සමින් සිදුකල යුතු අතර නිසි පරිදි සවි නොවීමෙන් ගැටලු මතුවිය හැක.
ප්‍රොසෙසරය මව්පුවරුව මත සවිකරන ආකාරය ඒ සමග ලැබෙන අත්පොතෙහි(Manual) විස්තර කර ඇත.මෙය එතරම් අපහසු කාර්යයක් නොවන අතර මව් පුවරුවෙහි ඇති ලිවරය(Lever) පරිස්සමෙන් ඔසවා නිවැරදි ලෙස ප්‍රොසෙසරය මත ඇති කට්ට(Notch) වලට මව් පුවරුව මත ඇති සොකට්ටුවෙහි කට්ට(Notch) ගැලපෙන ලෙස තබා නිසි පරිදි පරිස්සමින් ලිවරය(Lever) අගුලු දමන්න.මෙය ඉතාමත් පරිස්සමින් සිදුකල යුතු අතර නිසි පරිදි සවි නොවීමෙන් ගැටලු මතුවිය හැක.
ප්‍රොසෙසරයක් සවිකිරීමේදී ප්‍රොසෙසරය මතුපිට තර්මල් පේස්ට් (Thermal
past)නම් ආලේපයක් තවරනු ලබයි.අලුතින් ප්‍රොසෙසරයක්
මිලදී ගන්නා විට මෙම ආලේපය හීට් සින්ක් එකමත තවරා ඇති බව දැකගත හැක.නැතිනම් කුඩා ටියුබයක් ලෙස වෙලඳපොලෙන් මිලදී ගත හැක.මෙය ප්‍රොසෙසරය රත්වනවිට තාපය හීට් සින්ක් එකට උරාගැනීම පහසු කරවීම
සඳහා යොදනු ලබයි.
ඉන්පසු සිසිලන පංකාව(Cooling fan) සහ හීට් සින්ක් එක ඒමත නිවැරදිව සවිකල යුතු අතර මෙයද ඉතාමත්
පරිස්සමින් සිදුකල යුතු ලෙහෙසි කාර්යයකි.බොහෝවිට අගුලු(Lock) මගින් මෙය සවිවන අතර වර්ගය අනුව සවිකරන ආකාරය වෙනස්විය හැක.
පසුව සිසිලන
පංකාවෙහි වයරය ව්පුවරුව මත ඇති පින් 3ක් හෝ 4ක් ඇති සීපීයූ ෆෑන්(CPU FAN) නම් කර ඇති
සොකට්ටුවට නිසි පරිදි සවි කරන්න.නියමිත පැත්තට සවි කිරීමට
වගබලා ගන්න.නිසි පරිදි සවි නොවූයේනම් පංකාව ක්‍රියා
නොකරනු ඇත.BUILD YOUR OWN COMPUTER 05
රැම් පරිපථය (RAM)
සසම්භාවී
ප්‍රෙව්ශ මතකය(Random access memory) හෙවත් රැම් එක
යනු පරිගණකය ක්‍රියාත්මක වන අවස්ථාවේදී පමනක් ක්‍රියාත්මක වන මධ්‍ය සැකසුම් ඒකකයට
අවශ්‍ය දත්ත සහ තොරතුරු තාවකාලිකව රඳවා තබාගන්නා ප්‍රාථමික මතක උපාංගයයි (Primary
storage device).වීඩියෝ කාඩ්පත ඹන් බෝර්ඩ් (On board) පිහිටා ඇති මව්පුවරුවල වීඩියෝ මතකය(Video memory) ගබඩා කරගැනීම සඳහාද රැම් කාඩ්පත උපයෝගී කරගනී.තවද
පරිගණකය ක්‍රියාත්මක කරන අවස්ථාවේදී මෙහෙයුම් පද්දතියට (Operating system) අදාල තොරතුරු දෘඩ තැටිය (Hard disk) මගින්
රැම් කාඩ්පත වෙත ලබාගනියි. විදුලි බලය ඇතිතාක් මතකය
ගබඩාකර තබාගන්නා අතර විදුලි බලය විසන්ධි කල විට මෙහි ඇති තොරතුරු මැකීයයි.අප යම්කිසි කාර්යයක් සිදුකරන අවස්ථාවේදී ද්විතීය ගබඩා මාධ්‍යයක (Secondary
storage media) ගබඩා කරනතුරු රැම් කාඩ්පත තුල රඳවා තබා ගන්නා අතර
හැකි සෑම විටකම කරනලද කාර්යය දෘඩ තැටියෙහි හෝ වෙනත් ගබඩා මාධ්‍යයක ගබඩා කිරීම
මගින් එහි ආරක්ෂාකාරීව තබාගත හැක.
පරිගණකයෙහි ක්‍රියාකාරීත්වය
සඳහා අත්‍යවශ්‍ය උපාංගයක්වන රැම්කාඩ්පත පරිගණකයෙහි වේගය(System speed) අඩු වැඩි වීම කෙරෙහිද බලපායි.මෙහෙයුම් පද්ධතිය
ක්‍රියාත්මක වන අවස්ථාවේ සිට වැඩි සැකසුම්(Process) ප්‍රමානයක්
සිදුවන මෘදුකාංග (Software) භාවිතා කරන විටද රැම්
කාඩ්පතෙහි ඝටිකා වේගය (Clock speed) සහ ගබඩා කරගතහැකි ප්‍රමානය
ඒ සඳහා අවශ්‍ය පරිදි නොමැතිවුවහොත් ගැටලු සහිත තත්වයකට පත්විය හැක.
රැම්කාඩ්පත
මිලදී ගන්නා විට මව් පුවරුවට ගැලපෙන ඝටිකා වේගය සහ ගබඩා කරගතහැකි ප්‍රමානය පරිදි
තෝරා ගතයුතුය.මව්පුවරුව මත පිහිටා ඇති දෙපසින් අගුලු
දෙකක් සහිත රැම් ස්ලොට් (Ram slot)දෙකක් හෝ වැඩි ප්‍රමානයක්
පිහිටා ඇති අතර මව්පුවරුවට අනුව රැම්කාඩ්පතෙහි වර්ගය තීරනය කල යුතුය.රැම්කාඩ්පත් එකක් හෝ කිහිපයක් මව්පුවරුවට සම්බන්ධ කලහැක.
විවිධ කාල
පරාසයන් වලදී රැම්කාඩ්පත් නිපදවන සමාගම් විසින් නොයෙක් ආකාරයෙන් වැඩි දියුනු කරන
ලද රැම්කාඩ්පත් ඉදිරිපත් කල අතර මෙම සෑම රැම්කාඩ්පතක්ම සෑම මව්පුවරුවකටම සවිකල
නොහැක.මව්පුවරුවට ගැලපෙන රැම් කාඩ්පත තෝරා ගැනීමේදී
මව්පුවරුව නිෂ්පාදකයා(Manufacturer) විසින්
ලබා දෙන අත් පොතෙහි(Manual) ගැලපෙන රැම් කාඩ්පත් වර්ගය
සඳහන් කර ඇති අතර මව්පුවරුව මත පිහිටා ඇති රැම් ස්ලොට්(Ram slot) පැහැදිලිව නිරීක්ෂනය කිරීමෙන් හඳුනාගත හැක.
රැම් කාඩ්පතෙහි
වර්ගය අනුව එහි පහල මව්පුවරුව සමග සම්බන්ධ වන කොටසෙහි පිහිටා ඇති කැපුම් කොටස් (Notch)
අතර දුර පුමානයන් මත රැම් කාඩ්පතෙහි වර්ගය තීරනය කරනු ලබයි.දැනට වෙලඳ පොලෙහි පවතින රැම්කාඩ්පත් වර්ග අතර ඩී.ඩී.ආර් 1 (DDR1), ඩී.ඩී.ආර් 2 (DDR2), ඩී.ඩී.ආර් 3 (DDR3) යන රැම්කාඩ්පත් වර්ග දැකගතහැක.
ඩී.ඩී.ආර් 1 රැම්
කාඩ්පත් වල දත්ත සැකසුම් වේගය තත්පරයට මෙගා බිට් 200 (200Mbps) සිට 400 (400Mbps)දක්වා වන අතර ඩී.ඩී.ආර් 2 රැම්
කාඩ්පත් වල දත්ත සැකසුම් වේගය තත්පරයට මෙගා බිට් 400 (400Mbps) සිට 800 (800Mbps) දක්වාද, ඩී.ඩී.ආර් 3 රැම් කාඩ්පත් වල දත්ත සැකසුම්
වේගය තත්පරයට මෙගා බිට් 800
(800Mbps)සිට 1600 (1600Mbps)දක්වාද වේ.
ඩී.ඩී.ආර් 1
රැම් කාඩ්පත් වල ක්‍රියාකාරී වෝල්ටීයතාවය වෝල්ට්2.5
(2.5V)ක් ද, ඩී.ඩී.ආර් 2 රැම්
කාඩ්පත් වල ක්‍රියාකාරී වෝල්ටීයතාවය
වෝල්ට්1.8 (1.8V) ක් ද, ඩී.ඩී.ආර් 3 යන රැම්කාඩ්පත් වල ක්‍රියාකාරී වෝල්ටීයතාවය වෝල්ට්1.5
(1.5V) ක් ද ලෙස දැක්වේ.මෙම නිසා ඩී.ඩී.ආර් 3 රැම්
කාඩ්පත් රත්වීම අඩු අතර වේගය අතින්ද ඉතා උසස් තත්වයක පවතී.
රැම් කාඩ්පත
ගැන විස්තර ඒ මතම කුඩා ස්ටිකරයක සඳහන් කරඇත.මව් පුවරුවට
ගැලපෙන රැම් කාඩ්පත තෝරා ගැනීමෙන් පසුව එය ඉතා පරිස්සමින් මව්පුවරුවට සම්බන්ධ කරගත
යුතුය.මව්පුවරුව මත පිහිටා ඇති රැම් ස්ලොට් එක දෙපස
පිහිටා ඇති අගුලු(Lock) දෙක පරිස්සමින් දෙපසට කර රැම් කාඩ්පතෙහි පිහිටා ඇති කැපුම් කොටස්(Notch) නිසි පරිදි රැම් ස්ලොට්(Ram slot) එක මත
පිහිටි නෙරපුම් මතට සමාන්තරව තබා සීරුවෙන් පහලට තෙරපන්න.අනවශ්‍ය
ලෙස බලය යෙදීම නිසා රැම් කාඩ්පත හෝ මව්පුවරුව පලුදු විය හැකි නිසා ඉතා පරිස්සමින්
සිදු කිරීමට මතකතබා ගන්න.
නිසි ආකාරයට
රැම් කාඩ්පත සම්බන්ධ නොවීම නිසා ගැටලු මතු විය හැක.රැම්
කාඩ්පත නිසිපරිදි සම්බන්ධ නොවුනේනම් මව් පුවරුවමත පිහිටා ඇති ස්පීකරයෙන් බීප් හඬක්
කඩින් කඩ නගනු ඇත.රැම් කාඩ්පත සවිවන මව් පුවරුව මත පිහිටා
ඇති රැම් ස්ලොට් එක සහ රැම් කාඩ්පතෙහි අග්‍ර පිරිසිදුව තිබිය යුතුය.නැතිනම් පිරිසිදු මකන කැබැල්ලක් ගෙන ඉතා පරිස්සමින් රැම් කාඩ්පතෙහි අග්‍ර
සහිත කොටස(Pin line) පිරිසිදු කරගන්න.පිරිසිදු බුරුසුවක් සහ සර්ජිකල් ස්ප්‍රීතු හෝ ඇල්කොහොල් ස්වල්පයක් ගෙන
මව්පුවරුව මත පිහිටා ඇති රැම් ස්ලොට්(Ram slot) එක ඉතා
පරිස්සමින් පිරිසිදු කරගත හැක.ඝටිකා වේගය(Clock
speed) එකිනෙකට සමාන නොවන රැම් කාඩ්පත් හෝ මව්පුවරුවේ ඝටිකා
වේගයට නොගැලපෙන ඝටිකා වේගයක් සහිත රැම් කාඩ්පත් භාවිතා කිරීම නිසා ද ගැටලු මතු විය
හැක.ඒ නිසා හැකි සෑම විටම එකිනෙකට සමාන ඝටිකා වේගයක් සහිත
රැම් කාඩ්පත් ලබාගැනීමට උත්සාහ කරන්න.ඹබේ පරිගණකයෙහි වේගය(System
speed) උසස් තත්වයක තබා ගත හැක.
රැම්
කාඩ්පත නැවත ඉවත් කිරීමට සිදු වුවහොත් දෙපසින් ඇති අගුලු දෙක පහලට තල්ලු කල විට
රැම් කාඩ්පත ඉබේම රැම් ස්ලොට් එක මතින් ඉවත් වනු ඇත.
බොහෝ විට
නවීන පරිගණක ක්‍රීඩා කිරීම, ත්‍රිමාන සජීවී කරන වැඩ සටහන්
නිපදවීම, චිත්‍ර පට නිෂ්පාදනය, චිත්‍රක
නිර්මාණ කටයුතු වැනි සංකීර්ණ කටයුතු සඳහා වැඩි ධාරිතාවයක් සහ වැඩි කායක්ෂමතාවයක්
සහිත වීඩියෝ කාඩ්පතක් අවශ්‍ය වේ.සාමාන්‍ය ලේඛන කටයුතු,
අන්තර්ජාලය භාවිතය, චිත්‍රපට නැරඹීම
වැනි කටයුතු සඳහා ඹන් බෝර්ඩ් වීඩියෝ
කාඩ්පතක් යොදාගැනීම ප්‍රමානවත් වේ.
BUILD YOUR OWN COMPUTER 06
වීඩියෝ කාඩ්පත(Video card)
පරිගණකයක
ප්‍රධාන ප්‍රතිදාන ඒකකය (Output unit) වන මොනිටරය(Monitor) මගින් ලබාදෙන රූප සැකසුම එහෙමත් නැතිනම් වීඩියෝ අවුට් පුට් (Video
output)එක සඳහා අවශ්‍ය වන වීඩියෝ සංඥා (Video signal) සැකසීම සිදු කරනු ලබන්නේ වීඩියෝ කාඩ්පත(Video card) මගිනි.
නිල් හෝ
කලු පැහැති කුහර(Hole) 15 කින්
සමන්විත "D"ටයිප් ෆී මේල් (Fe mail) ආකාරයේ සම්බන්ධකයක්(Connector) සාමාන්‍ය වීඩියෝ කාඩ්පතක ඇත.මේ
මගින් වීඩියෝ කාඩ්පත මොනිටරය සමඟ සම්බන්ධ කිරීම සිදුකරයි.මොනිටරයෙහි
ඇති "D"ටයිප් මේල් (Mail) ආකාරයේ සම්බන්ධකය වීඩියෝ කාඩ්පතෙහි ඇති "D"ටයිප් ෆී මේල් ආකාරයේ සම්බන්ධකයට සම්බන්ධ කරනු ලබයි.
බොහොමයක් මව්පුවරු
නිෂ්පාදන සමාගම් බොහෝ විට පරිගණක මව්පුවරුව මතම වීඩියෝ කාඩ්පත ඹන් බෝර්ඩ් (On
board) ආකාරයට නිෂ්පාදනය කරනු ලබයි.එහෙත්
සමහර මව්පුවරු මත වීඩියෝ කාඩ්පත ඹන් බෝර්ඩ් ආකාරයට දක්නට නොමැත. ඹන් බෝර්ඩ් ආකාරයට නිෂ්පාදනය කරනු ලබන වීඩියෝ කාඩ්පත් සඳහා දත්ත
රඳවාගැනීමට අවශ්‍ය වන මතකය රැම් පරිපථය මගින් ලබා ගනිමින් ක්‍රියාත්මකවීම සිදුවේ.මේ නිසා පරිගණකයෙහි රැම් ධාරිතාවය(RAM Capacity) යම් ප්රමානයකින් අඩු වීමක් සිදුවේ.මේ ආකාරයේ
වීඩියෝ කාඩ්පත්වල ධාරිතාවය පරිගණකයකයෙහි සී මොස් (C MOS) වැඩසටහන
මගින් සකසා ගතහැකි අතර මෙය පරිගණකයෙහි රැම් ධාරිතාවය හෝ සී මොස් වැඩසටහන මගින්
සැකසිය හැකි උපරිම ප්‍රමානය මත සීමා සහිත වේ.
මව්පුවරුවට පිටතින් සවි
කරනු ලබන වීඩියෝ කාඩ්පත් මගින් වැඩි ධාරිතාවයක් සහ වඩාත් කාර්යක්ෂමතාවයක් ලවාගත
හැකි අතර අප සිදු කරනු ලබන කාර්යයට සරිලන ධාරිතාවයක් සහිත වීඩියෝ කාඩ්පතක් වෙලඳ
පලෙන් මිලදී ගතහැක.
කලින් කලට විවිධ ලෙස
නවීකරනය වෙමින් මව්පුවරුව මත ඇති වී ජී ඒ ස්ලොට්(VGA Slot) වැඩි දියුනු වී ඇති අතර මව්පුවරුව මත ඇති පී සී අයි (PCI), ඒ ජී පී (AGP), හෝ පී සී අයි එක්ස්ප්‍රස් (PCI Express) ස්ලොට් සඳහා වීඩියෝ කාඩ්පත්
සම්බන්ධ කරනු ලබයි.නවීන මව්පුවරුව මත පිහිටා ඇත්තේ පී සී
අයි එක්ස්ප්‍රස්(PCI Express) ස්ලොට් ය.මෙහි දත්ත සැකසුම් වේගය(Data processing speed) වැඩිය.
වීඩියෝ කාඩ්පත මව්පුවරුවට
සවි කිරීම ඉතාමත් පහසු කටයුත්තක් වන අතර මෙය පරිස්සමින් සිදු කල යුතුය.පරිගණක චැසිය තුල මව්පුවරුව සම්බන්ධකර ඉන්පසු චැසිය පිටුපස කොටසෙහි වී
ජී ඒ ස්ලොට්(VGA Slot) එක කෙලින් පිහිටා ඇති ඉවත් කලහැකි
තහඩු කොටස ඉවත්කර පරිස්සමින් වීඩියෝ කාඩ්පත වී ජී ඒ ස්ලොට් එක මත තබා පහතට තෙරපන්න.අනවශ්‍ය ලෙස බලය යොදන්න එපා.ඉන් පසු කුඩා
ඉස්කුරුප්පු ඇනයක් මගින් වීඩියෝ කාඩ්පත
චැසියට සවිකරන්න.
නිසි අයුරින් සම්බන්ධ නොවීම නිසා ගැටලු
මතු විය හැක.සමහර වීඩියෝ කාඩ්පත් වල බල සැපයුම්
සොකට්ටුවක් (Power supply socket)ඇති අතර මේ සඳහා බල
සැපයුම් ඒකකය(Power supply unit) මගින් ලබාදෙන කුඩා බල
සැපයුම් වයරය සම්බන්ධ කල යුතුය.
වීඩියෝ
කාඩ්පත පරිගණකයට සම්බන්ධකල පසු එය පරිගණකය විසින් හඳුනා ගැනීම සඳහා මෘදුකාංග(Software) ස්ථාපනය කලයුතුය.මේ සඳහා අවශ්‍යය මෘදුකාංග
ඇතුලත් සීඩී තැටියක් නිෂ්පාදකයා(Manufacturer) විසින් ලබා
දෙනු ලබන අතර අවශ්‍ය වුවහොත් අන්තර්ජාලය(Internet) මගින්
බා ගත(Download) කරගැනීමද සිදුකර ගත හැක.
BUILD YOUR OWN COMPUTER 07
එක්ස්පැන්ෂන් ස්ලොට් (Expansion slot)
එක්ස්පැන්ෂන් ස්ලොට්ස් යනු මව්පුවරුව මත පිහිටා ඇති නොයෙක් කාර්යයන් සඳහා යොදාගන්නා ඉන්පුට් අවුට්පුට් කාඩ් (Input output card) සම්බන්ධ කරනු ලබන ස්ලොට්ය.මේවා කාලයත් සමඟ වඩාත් කාර්යක්ෂම ලෙස නවීකරනය වෙමින් මේ දක්වා පැමින ඇත.නවීන මව් පුවරු වල මේ සඳහා යොදාගනු ලබන්නේ පී සී අයි එක්ස්ප්‍රස්(PCI Express) හෝ පී සී අයි(PCI) ස්ලොට්ස්ය. පී සී අයි එක්ස්ප්‍රස් ස්ලොට්ස් වඩා වේගවත්ය.
බොහෝ විට දැනට භාවිතයෙහි පවතින අයි ඹ් කාඩ් පී සී අයි ආකාරයෙන් නිෂ්පාදනය කරනලද ඒවාය.එක් මව් පුවරුවක් මත මෙවැනි පී සී අයි එක්ස්ප්‍රස් හෝ පී සී අයි ස්ලොට්ස් කිහිපයක් පිහිටා තිබේ.මව්
පුවරුවක් තෝරා ගැනීමේදී අප සම්බන්ධ කිරීමට බලාපොරොත්තුවන ඉන්පුට්
අවුට්පුට් කාඩ් ප්‍රමානයට සරිලන ලෙස ස්ලොට්ස් පිහිටා තිබේද යන්න පරීක්ෂාකර
බැලිය යුතුය.
පරිගණකයක සාමාන්‍යයෙන් භාවිතා කරනු ලබන අයි ඹ් කාර්ඩ් වර්ග රාශියක් ඇත.වී ජී ඒ කාඩ් (VGA card), සවුන්ඩ් කාඩ් (Sound card) ,නෙට්වර්ක් කාඩ් (Network card), ටීවී ටියුනර් කාඩ් (TV tuner card), මොඩම් කාර්ඩ් (Modem card) සහ තවත් බොහොමයක් කාඩ් වර්ග මෙම එක්ස්පැන්ෂන් ස්ලොට්ස් හරහා පරිගණකයට සම්බන්ධ කරනු ලබයි.
පී සී අයි සහ පී සී අයි එක්ස්ප්‍රස් ස්ලොට් ඒවායේ පිහිටා ඇති කැපුම් කොටස්(Notch) සහ භාහිර පෙනුම(Appearance) මගින් වෙන්කර හඳුනාගත හැක.පී සී අයි එක්ස්ප්‍රස් ස්ලොට්, පී සී අයි ස්ලොට් වලට වඩා සංකීර්ණ වඩාත් ලංව පිහිටා ඇති සන්නායක තුඩු පිහිටීමකින් යුක්ත වේ.මේවායේ දත්ත ගමන් කල හැකි උපරිම වේග පරාසය මත ස්ලොට් වල දිග ප්‍රමානයන් වෙනස් වේ.
අයි ඹ් කාඩ් පරිගණකයට සම්බන්ධ කිරීම ඉතාමත් පහසු කටයුත්තකි.පලමුවෙන් අයි ඹ් කාඩ් එකෙහි වර්ගයට අනුව සම්බන්ධ කලයුතු ස්ලොට් එක නිවැරදිව තෝරා ගන්න.පරිගණක
කේසින් එකෙහි පිටුපස ඇති ගලවා ඉවත්කල හැක් තහඩු කොටස ඉවත් කර සම්බන්ධ
කිරීමට අවශ්‍ය අයි ඹ් කාඩ් එක එක්ස්පෙන්ෂන් ස්ලොට්ස් එක මත තබා සීරුවෙන්
පහලට තද කරන්න.මෙය ඉතා පරිස්සමින් සහ නිවැරදි ලෙස සිදුකිරීම කලයුතුය.සම්බන්ධ කිරීමට ප්‍රථම සන්නායක තුඩු සහ ස්ලොට් එක පිරිසිදුව ඇත්දැයි පරීක්ෂා කරන්න.නිවැරදිව සම්බන්ධ කලපසු කුඩා ඉස්කුරුපුපු ඇනයක් යොදා කේසිනයට සවිකරන්න.නිවැරදි ලෙස සම්බන්ධ නෙවීම නිසා ගැටලු මතු විය හැක.
බොහෝ විට පරිගණකයට සම්බන්ධකරන ලද අයි ඹ් කාඩ්ස් පරිගණකය විසින් හඳුනාගැනීම සඳහා නිෂ්පාදකයා විසින් ලබාදෙනු ලබන ධාවක මෘදුකාංග (Driver software) ස්ථාපනය (Install)කල යුතුය.මේවා වෙලඳපොලෙන් මිලදී ගන්නාවිට සීඩී හෝ ඩීවීඩී තැටියක් ලෙස ලබා දෙනු ලබන අතර අවශ්‍ය වුවහොත් අන්තර්ජාලය(Internet) මගින් බාගත (Download) කල හැක. ධාවක මෘදුකාංගය(Driver software) නිවැරදිව ස්ථාපනය නොවීම නිසා ගැටලු මතු විය හැකි බැවින් මෙය පරීක්ෂාකාරීව නිවැරදි ලෙස මෙහෙයුම් පද්ධතිය(Operating system) සහ සංස්කරණය (Version)තෝරා ස්ථාපනය(Install) කිරීම සිදු කරන්න.
BUILD YOUR OWN COMPUTER 08
බල සැපයුම් ඒකකය (Power supply unit)
පරිගණකයෙහි පද්දති ඒකකය(System unit) තුල පිහිටා ඇති උපාංග ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය වන විදුලිය නිසි අයුරින් පාලනය කර බෙදා හැරීම සඳහා බල සැපයුම් ඒකකය යොදා ගනී.මේ සඳහා විවිධ වොට්(Watt) ප්‍රමාණයන්ගෙන් යුතු විවිධ වර්ගයන්ගේ බල සැපයුම් ඒකක වෙලඳපොලෙන් මිලදී ගත හැක.
බල සැපයුම ප්‍රධාන වශයෙන් AT සහ ATX ලෙස වර්ග කල හැක.AT වර්ගයේ බල සැපයුම් තාක්ෂනය පැරණි පෙන්ටියම් 3 ( Pentium 3) මව්පුවරුවල භාවිතා කල අතර නවීන මව්පුවරු වල ATX තාක්ෂණය භාවිතා කරනු ලබයි.
බල සැපයුම් ඒකකය මගින් මව්පුවරුව සඳහා අග්‍ර 20(20 pin) හෝ 24(24 pin)ක් සහිත සම්බන්ධකයක් සහ තවත් අග්‍ර 4 ක් සහිත වෝල්ට් 12(12V) ක සම්බන්ධකයක් මගින් විදුලිය සැපයීම සිදුකරනු ලබයි.මීට අමතරව දෘඩ තැටි/සීඩී,ඩීවීඩී ධාවක සඳහා අග්‍ර 4 ක් සහිත මොලෙක්ස්(Molex) වර්ගයේ සම්බන්ධක ද, නම්ය තැටි ධාවකය(Floppy disk drive) සඳහා අග්‍ර 4 ක් සහිත සම්බන්ධකයක්ද, තවත් නවීන වර්ගයේ වීඩියෝ කාඩ් පත් සඳහා විදුලිය සැපයීමට අවශ්‍ය වන අග්‍ර 6ක් සහිත සම්බන්ධකයක් ද.නවීන සාටා(SATA) තාක්ෂණය යොදා ගනු ලබන දෘඩ තැටි/සීඩී,ඩීවීඩී ධාවක සඳහා යොදා ගනු ලබන සාටා වර්ගයේ සම්බන්ධක ද නවීන තාක්ෂණය සහිත බල සැපයුම් ඒකකයක් මත පිහිටා තිබෙයි.
සාමාන්‍යයන්
බල සැපයුම් ඒකකයක් තෝරා ගන්නා විට තමන්ට අවශ්‍ය කරන උපාංග ක්‍රියාත්මක
කිරීම සඳහා අවශ්‍ය විදුලිය සැපයීම සඳහා අවශ්‍ය වන සම්බන්ධක නිසි පරිදි තිබේ
දැයි පරීක්ෂාකර බලා මිලදී ගත යුතුය.තවද හැකිනම් සම්බන්ධක තුලින් නිසි පරිදි විදුලිය ලැබෙනවාදැයි පරීක්ෂා කිරීම සඳහා යොදා ගනු ලබන පවර් සප්ලයි ටෙස්ටර්(Power supply tester) උපාංගයක් මගින් පරීක්ෂාකර ගත හැකිනම් වඩාත් හොඳය.
Power supply tester |
සාමාන්‍යයෙන් බල සැපයුම් ඒකකයක් තුල ගමන් කරන වොල්ටීයතාව අනුව යොදා ගනු ලබන වයර් වල පැහැයන් වෙනස් වේ.සම්මත පරිදි එම වයර් වල පැහැය අනුව ඒතුලින් ලැබෙන වෝල්ට් ප්‍රමාණයන් පහත පරිදි වේ.
තැඹිලි පාට (Orange) : +3.3 V
කහ පාට (Yellow) : +12 V
නිල් පාට (Blue) : -12 V
රතු පාට (Red) : +5 V
සුදු පාට (White) : -5 V
කලු පාට (Black) : ග්‍රවුන්ඩ් (GND)
කොල පාට (Green) : පවර් ඔන් (POWER-ON)
අලු පාට (Gray) : පවර් ඕකේ (POWER-OK)
දම් පාට (Purple) : +5 V SB (Stand By Mood)(ස්ටෑන්ඩ් බයි මූඩ්)
සාමාන්‍යෙයන් එක් එක් උපාංගය සඳහා යොදා ගනු ලබන සම්බන්ධක ඒ සඳහා නියමිත ප්‍රමිතියක් අනුව නිෂ්පාදනය කරනු ලබයි.මව්පුවරුව සඳහා බල සැපයුම් සම්බන්ධකයෙහි තුඩු සහ මව්පුවරුව මත ඇති සොකටයෙහි හතරැස් සහ D ආකාරයෙහි හැඩයන් සහිතව නියමිත පරිදි සොයා ගැනීමට පහසු පරිදි සකසා ඇත.මෙහි ඇති තුඩු 24 ක් සහිත සම්බන්ධකයෙන්වෙනමම ගැලවිය හැකි තුඩු 4 ක් සහිත සම්බන්ධකයක්ද ඇත.මෙයට අමතරව තවත් පින් 4 ක් සහිත 12V සම්බන්ධකය සම්බන්ධ වන සොකටය මව්පුවරුව මත වෙනමම ස්ථානයක පිහිටා ඇත.
Molex power connector |
දෘඩ තැටි/සීඩී,ඩීවීඩී ධාවක සඳහා විදුලිය සපයන මොලෙක්ස්(Molex) වර්ගයේ සම්බන්ධකය D හැඩයකින් යුතු වන අතර තුඩු 4 කින් යුක්තය.මෙය සම්බන්ධ කිරීමේදී නිවැරදි දිශාව සොයා ගැනීමේ පහසුව සඳහා D හැඩය උපකාර කර ගනී.
SATA Power connector |
තවද දෘඩ තැටි/සීඩී,ඩීවීඩී ධාවක සඳහා විදුලිය සපයන සාටා(SATA) වර්ගයේ සම්බන්ධක වල වයර් 5 ක් දැක ගත හැකි අතර තුඩු 15 ක් පිහිටා ඇත.මේවා
ඉතා සියුම් අයුරින් නිපදවා ඇති අතර මේවා සම්බන්ධ කිරීමේදී නිවැරදි දිශාව
සොයා ගැනීම සඳහා මෙහි එක් පසෙක හරස් අතට පිහිටා ඇති නෙරුම උපයෝගී කර ගනී.
Floppy disk drive power connector |
නම්ය තැටි ධාවකය සඳහා යොදා ගනු ලබන සම්බන්ධකය ප්‍රමාණයෙන් කුඩා එකක් වන අතර තුඩු 4 කින් සමන්විතය.මෙහිද සම්බන්ධ කිරීමේදී නිවැරදි දිශාව සොයා ගැනීම සඳහා කුඩා නෙරුම්(Notch) පිහිටා ඇත.
VGA card power connector |
වීඩියෝ කාඩ්පත සඳහා විදුලිය සපයන සම්බන්ධකය තුඩු 6 කින් සමන්විත වන අතර මෙහිද සම්බන්ධ කිරීමේ පහසුව සඳහා බල සැපයුම් සම්බන්ධකයෙහි තුඩු සහ මව්පුවරුව මත ඇති සොකටයෙහි හතරැස් සහ D ආකාරයෙහි හැඩයන් සහිතව නිපදවා ඇත.
බල සැපයුමට විදුලි බලය සැපයීම සඳහා D හැඩය සහිත
මේල්(Male) ආකාරයේ සොකට්ටුවක් බල සැපයුම් ඒකකය මත පිහිටා ඇති අතර ඇතැම් ඒවායේ තවත් D හැඩය සහිත ෆී මේල්(Fe male) ආකාරයේ නැවත බලය ලබාගතහැකි සොකට්ටුවක් ද පිහිටා ඇත.බොහෝ බල සැපයුම් ඒකක මත ස්විචයක්(Switch) පිහිටා ඇත.මෙය බල සැපයුමට ලැබෙන විදුලිය විසන්ධි කිරීම(Power off) සඳහා යොදා ගනීයි.
BUILD YOUR OWN COMPUTER 09
ආවරණය (Casing)
පද්ධති ඒකකයෙහි සියළුම උපාංග රඳවා ඇති කොටස හෙවත් පරිගණකයෙහි ආවරණය අපට අවශ්‍ය පරිදි නිවැරදිව තෝරා ගත යුතුය.වෙළඳපොලෙහි විවිධ වෙළඳ නාම සහ විවිධ පහසුකම් සහිතව විවිධ මිල ගනන් වලට පරිගණක ආවරණයක් මිලදී ගත හැක.
එහෙත් පරිගණකය සඳහා ආවරණයක් මිලදී ගන්නා විට සොයා බැලිය යුතු කරුණු කිහිපයක් ඇත.විශේෂයෙන්ම
අප පළමුවෙන්ම මව්පුවරුවෙහි සම්මත ප්‍රමාණයට ගැලපෙන පරිදි සහ අපගේ පරිගණකයට
ස්ථාපනය කරනු ලබන සියළුම කොටස් නිසි පරිදි සම්බන්ධ කිරීම සඳහා ඉඩ පහසුකම්
සහිත ආවරණයක් තෝරා ගතයුතුය.ඒ ටී එක්ස්(ATX), මිනි ඒ ටී එක්ස්(Mini ATX), මයික්‍රෝ ඒ ටී එක්ස්(Micro ATX)
වැනි විවිධ සම්මත ප්‍රමාණයන් ගෙන් යුත් මව්පුවරු ඇති නිසා මව්පුවරුව
සම්බන්ධ කිරීමට ගැළපෙන ප්‍රමාණවත්ව ඉඩ පහසුකම් සහිත ආවරණයක් තෝරා ගත යුතුය.මව්පුවරුවෙහි ඇති ඉස්කුරුප්පු ඇණ යොදා සවි කිරීමට යොදා ගන්නා සිදුරු වලට සමාන්තරව ආවරණය මත ඇති සම්බන්ධක(Mount) නිවැරදිව ඇති දැයි සොයා බැලිය යුතුය.තවද ආවරණය පිටුපස කොටසෙහි ඇති පසු පැනලය(Back panel) මව්පුවරුවට ගැලපෙන පරිදි නිවැරදිව සම්බන්ධ කළ හැකිද යන්න සොයා බැලිය යුතුය.
මීට අමතරව අවශ්‍ය ප්‍රමාණයට දෘඩ තැටි, සීඩී/ඩීවීඩී ධාවක, නම්ය තැටි ධාවක සහ වෙනත් කොටස් සවි කිරීම සඳහා ඉඩ පහසුකම් සහ නිවැරදි ලෙස ඇණ සිදුරු ඇත්දැයි සොයා බැලිය යුතුය.
බොහෝ
ආවරණ මත නිෂ්පාදකයා විසින්ම බල සැපයුම් ඒකකය සම්බන්ධ කර ලබාදෙනු ලබන අතර
එවන් අවස්ථාවකදී බල සැපයුම මනාව පරීක්ෂා කර එය තමාගේ අවශ්‍යතාවයට ගැළපෙන බව
තහවුරු කර ගත යුතුය.නැති නම් වෙනත් බල සැපයුමක් සම්බන්ධ කිරීම සඳහා අවග්‍ය පහසුකම් පරීක්ෂා කර බලා මිළදී ගත යුතුය.
ආවරණය ඉදිරිපස පිහිටා ඇති පවර් ස්විචය(Power switch), රී සෙට් ස්විචය(Reset switch), සහ පවර් ඔන්(Power on), දෘඩ තැටි දර්ශක(Hard disk display) බල්බ, යූ එස් බී පෝර්ට්ස්(USB Ports), ෆ්රන්ට් පැනල් ඹ්ඩියෝ පෝර්ට්ස්(Front panel audio ports) නිවැරදිව ක්‍රියාත්මක වනවාදැයි සොයා බැලිය යුතුය.තවද මේවායින් මව්පුවරුවට සම්බන්ධ වන සම්බන්ධක නිවැරදිව ඇත්දැයි පරීක්ෂා කළ යුතුය.
වඩාත් හොඳ ආවරණයක පරිගණකයෙහි සිසිලන පද්ධතියට(Cooling system) ඉතා හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි සිදුරු සහ සිසිලන පංකා(Cooling fan) සවි කිරීමට අවශ්‍ය වන පහසුකම් මනාව පිහිටුවා තිබේ.මෙවැනි
ඉතා හොඳින් වාතාශ්‍රය ලැබෙන හොඳ තත්වයේ ආවරණයක් තෝරා ගැනීම නිසා පරිගණකය
ඉතාමත් කාර්යක්ෂමව වැඩිකාලයක් පරිහරණය කිරීමට හැකියාව ලැබෙයි.
BUILD YOUR OWN COMPUTER 10
දෘඩ තැටිය (Hard disk)
පරිගණකයෙහි ප්‍රධානම ද්විතියික මතක උපාංගය(Secondary storage device) මෙන්ම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය(Operating system) ස්ථාපිත කරනු ලබන ස්ථානය වන්නේ ද දෘඩ තැටියයි(Hard disk).එම නිසා දෘඩ තැටිය මිලදී ගන්නා විට සොයා බැලිය යුතු වැදගත් කරුණු කිහිපයක් ඇත.විවිධ වෙළඳ නාම යටතේ විවිධ මිල ගනන් යටතේ විවිධ ධාරිතාවයන්ගෙන් සහ වේගයන්ගෙන් යුත් දෘඩ තැටි වෙළඳපොලෙන් මිළදී ගත හැක.
එහෙත් දෘඩ තැටිය මිලදී ගන්නා විට පළමුව අප සොයා බැලිය යුත්තේ අපට අවශ්‍ය කොපමණ ධාරිතාවයකින්(Capacity) යුත් එකක්ද යන බවයි.එය තීරණය කරනු ලබන්නේ අප ස්ථාපනය(Install) කිරීමට බලා පොරොත්තු වන මෙහෙයුම් පද්ධතිය(Operating system) සහ අප පරිගණකයෙන් කිරීමට බලාපොරොත්තු වන කාර්යයන් මතය.අපට බොහෝ වැඩ සටහන් ගබඩා කර තබා ගැනිමට අවශ්‍යනම් වඩා වැඩි ධාරිතාවයක් සහිත දෘඩ තැටියක් මිලදී ගතයුතුය.
Hard drive |
තවද බොහෝ විට දෘඩ තැටියෙහි පරිභ්‍රමන වේගය(Revolution per minute) වැඩි එකක් නම් එය පරිගණකයෙහි වේගය වැඩි වීම කෙරෙහි බලපෑමක් ඇතිකරයි.එම නිසා පරිභ්‍රමන වේගය(Revolution speed) වැඩි එකක් මිලදී ගන්න.නවීන තාක්ෂණය සහිත එස් එස් ඩී(SSD) දෘඩ තැටි වල දත්ත සම්ප්‍රේෂන වේගය(Data transmission speed) ඉතාමත් වැඩිය.එහෙත් මේවායේ තැටි අඩංගු නැත.
SSD Hard drive |
දෘඩ තැටිය පරිගණකය සමඟ දත්ත හුවමාරු කරනු ලබන ක්‍රමය අනුව පැරණි තාක්ෂණය අනුව පැරලල් ඒ ටී ඒ(Parallel ATA) දෘඩ තැටි අයි ඩී ඊ කේබල්(IDE Cable) මගින් මව්පුවරුවට සම්බන්ධ කරනු ලබන අතර නවීන තාක්ෂණය යොදා ගන්නා සීරියල් ඒ ටී ඒ(Serial ATA) දෘඩ තැටි සාටා(SATA) කේබල් යොදා ගනිමින් මව්පුවරුව සමඟ දත්ත හුවමාරු කරනු ලබයි.සාටා තාක්ෂණය සහිත දෘඩ තැටි වඩා වේගවත්ව දත්ත සම්ප්‍රේෂණය කරනු ලබයි.
PATA and SATA Hard drives |
දෘඩ තැටිය මිලදී ගන්නා විට එය මව්පුවරුවට සහ බලසැපයුමට සම්බන්ධ කල හැකිදැයි පරීක්ෂා කළ යුතුය.විශේෂයෙන් අයි ඩී ඊ(IDE) සහ සාටා(SATA) පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
බොහෝවිට පළමුවෙන්ම අප තෝරා ගතයුතු දෘඩාංග කොටස් වශයෙන් අපගේ අවශ්‍යතාවයට සරිලන ප්‍රොසෙසරයක්(Processor) සහ ඊට ගැළපෙන නවීන අංග සහිත මව්පුවරුවක්(Mother board) තෝරා ගතයුතුය.ඉන් පසුව මව්පුවරුවට ගැළපෙන පරිදි රැම් පරිපථය(RAM) මිලදී ගතයුතු අතර අවශ්‍ය ධාරිතාවය(Capacity) සහ වේගය(Speed) ගැන පළමුව සැළකිලිමත් විය යුතුය.බොහෝ විට වීඩියෝ කාඩ්පත(Video card) සහ සවුන්ඩ් කාඩ්පත (Sound card) මව්පුවරුව මත ඔන් බෝර්ඩ්(On board) ආකාරයට පිහිටා ඇති අතර එසේ නොමැති නම් හෝ වඩා වැඩි කාර්යක්ෂමතාවයක් සහිත එකක් අවශ්‍ය නම් පමණක් වීඩියෝ කාඩ්පතක් සහ සවුන්ඩ් කාඩ්පතක් මව් පුවරුවට ගැළපෙන පරිදි මිලදී ගත යුතුය.දෘඩ තැටිය(Hard disk) අවශ්‍ය ධාරිතාවයකින් මව් පුවරුවට ගැලපෙන පරිදි තෝරා ගත යුතුය. බල සැපයුම් ඒකකය(Power supply unit) බොහෝ විට කේසිනය(Casing) සමඟ ඇති අතර බල සැපයුම් ඒකකය මව්පුවරුවට සහ වෙනත් දෘඩාංග(Hardware) වලට සහාය දක්වන එකක්දැයි වඩාත් සැළකිළිමත් විය යුතුය.අවශ්‍ය පහසුකම් සහිත සීඩී/ඩීඩීඩී තැටි ධාවකයක්ද මිලදී ගත යුතුය.
පළමුවෙන්ම මව්පුවරුව මත ප්‍රොසෙසරය(Processor) සහ හීට් සින්ක්(Heat sink) එක නිවැරදිව සම්බන්ධ කරගන්න.ඉතාමත් කල්පනා කාරීව නිවැරදි ලෙස කිරීමට වග බලාගන්න.සිසිලන පංකාවෙහි(Cooling fan) වයරය මව්පුවරුව මත ඇති සොකටයට(Socket) සම්බන්ධ කරන්න.ඉන් පසු රැම් පරිපථය(Ram) මව්පුවරුව(Mother board) මත සම්බන්ධ කරගන්න.
දැන් කේසිනය(Casing) විවර කර එහි පිටුපස කොටසට මව්පුවරුව සමඟ ලබාදෙන ලද බැක් පැනලය(Back panel) සවි කරන්න.දැන් මව්පුවරුව නිවැරදි ලෙස සම්බන්ධක(Mount) මත තබා ඇණ දමා සවිකර ගන්න.ඇණ තද කරන විට කල්පනාකාරීව කරන්න.අනවශ්‍ය ලෙස බලය යෙදීම නිසා මව්පුවරුව පළුදු විය හැක.සාමාන්‍ය තරමට තදකරන්න.කේසිනය සමඟ මව්පුවරුව විදුලි කාන්දු නොවන ලෙස සවි කරන්න.සාමාන්‍යයෙන් සම්බන්ධක උස්ව පිහිටන නිසා විදුලි කාන්දුවක් ඇති නොවේ.දැන් පවර් ස්විචය(Power switch), රී සෙට් ස්විචය(Reset switch), ෆ්රන්ට් යූඑස්බී(Front USB) සහ ඕඩියෝ පෝර්ට්ස්(Audio ports) ඇතුළු ෆ්රන්ට් පැනලයට(Front panel) සම්බන්ධ වන වයර් සහ සම්බන්ධක(Connectors) නිසි පරිදි සවි කරන්න.මේ පිළිබඳ සටහන් මව්පුවරුව මත සහ මව් පුවරුව සමඟ ලැබෙන අත් පොතෙහිද(Manual) පැහැදිලිව සටහන් කර ඇත.
පසුව දෘඩ තැටිය සහ සීඩී/ඩීවීඩී ධාවක නිසි පරිදි අවශ්‍ය ස්ථාන වලට ඇණ හෝ සම්බන්ධක මගින් සම්බන්ධ කරන්න.සම්බන්ද කිරීමට ප්‍රථම ඒවායේ ජම්පර් සැකසුම්(Jumper settings) ආදිය සිදුකරන්න.දැන් ඒවාට අයි ඩී ඊ(IDE) හෝ සාටා(SATA) කේබල් ආධාරයෙන් මව්පුවරුවට සම්බන්ධ කරන්න.
දැන් බලසැපයුම් ඒකකය නිවැරදිව ස්ථානගත කරන්න.ඉන්පසු නිවැරදි පරිදි මව්පුවරුවට(Mother board), දෘඩ තැටියට(Hard disk), සීඩී/ඩීවීඩී ධාවක(CD/DVD Drives) වලට බල සැපයුම් සම්බන්ධක සවි කරන්න.
අමතර සිසිලන පංකා(Extra cooling fan) යොදාගන්නේ නම් සමහර ඒවාට මව්පුවරුව මගින් හෝ සමහර ඒවාට බල සැපයුම මගින් ද බලය සපයා දිය යුතුය.අමතර සිසිලන පංකා මව්පුවරුවට සම්බන්ධ කළ හැකි තැන් මව්පුවරුව මත සටහන් කර ඇත.
සියළුම කොටස් නිසි පරිදි සම්බන්ධ කර ඇත්දැයි මනාව පරීක්ෂා කරන්න.වයර් සහ අනෙකුත් උපාංග ඉඩ කඩ ඇති පරිදි ක්‍රමානුකූලව අසුරන්න.සිසිලන පංකා ආවරණය නොවන පරිදි සකසන්න.සියල්ල පිළිබඳ පරීක්ෂා කර සෑහීමකට පත් වූයේනම් ආවරණය ඇණ දමා සම්බන්ධ කරන්න.දැන් පද්ධති ඒකකය(System unit) සකසා අවසන්.
BUILD YOUR OWN COMPUTER 11
සීඩී/ඩීවීඩී තැටි ධාවකය (CD/DVD Disk drives)
විවිධ වෙළඳ නාම සහ විවිධ පහසුකම් සහිත සීඩී/ඩීවීඩී තැටි ධාවක වෙළඳපොලෙන් මිලට ගත හැකි අතර බොහෝ විට සීඩී/ඩීවීඩී තැටි ලිවීමට හාකියාව ඇති රයිටර්(Writer) එකක් මිලදී ගැනීම බොහෝ ප්‍රයෝජනවත් විය හැක.මේවාද දෘඩ තැටි මෙන්ම මව් පුවරුව සදඟ දත්ත හුවමාරු කරන ක්‍රමය අනුව පැරලල් ඒ ටී ඒ (Parallel ATA)සහ සීරියල් ඒ ටී ඒ(Serial ATA) ලෙස වර්ග කල හැක.මෙවන් සීඩී/ඩීවීඩී තැටි ධාවකයක් මිලදී ගන්නා විට විශේෂයෙන් අයි ඩී ඊ(IDE) සහ සාටා(SATA) පිළිබඳ සැලකිලිමත් විය යුතුය.තවද දත්ත කියවන වේගය සහ දත්ත ලියන වේගය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
දැනට වෙලඳපලෙහි වඩා වැඩි ධාරිතාවයන්ගෙන් යුතු නවීන තාක්ෂනයෙන් යුතු බ්ලූ රේ තැටි(Blue ray disk) සහ බ්ලු රේ තැටි ධාවක(Blue ray disk driver) මිලදී ගත හැක.මෙය සාමාන්‍ය ඩීවීඩී තැටියට බෙහෙව්න්ම සමාන වුවද එක් තැටියක සාමාන්‍ය ධාරිතාවය ගිගා බයිට් 25(25GB)කි.මෙම බ්ලූ රේ රයිටර්(Blue ray writer) එකක් සාමාන්‍ය ඩීවීඩී රයිටර් එකකට බොහෝ දුරට සමානකම් දක්වයි.
BUILD YOUR OWN COMPUTER 12
අයි ඩී ඊ කේබල් සහ සාටා කේබල් (IDE & SATA Cable)
පරිගණකයට දෘඩ තැටි සහ සීඩී/ඩීවීඩී තැටි ධාවක සම්බන්ධ කිරීමේදී ඒවා මව්පුවරුව සමඟ දත්ත හුවමාරු කරන ක්‍රමය අනුව පැරලල් ඒටීඒ(Parallel ATA) සහ සීරියල් ඒටීඒ(Serial ATA) ලෙස තාක්ෂණික(Technical) වශයෙන් ක්‍රම දෙකකට වර්ග වන අතර සීරියල් ඒ ටී ඒ තාක්ෂණය වඩාත් වේගවත් ලෙස දත්ත හුවමාරු කරන නවීන තාක්ෂණය වේ.එහෙත් සමහර නවීන මව්පුවරු මතද පැරලල් ඒ ටී ඒ තාක්ෂණය යොදා ගනු ලබන අයි ඩී ඊ පෝර්ට්ස් දක්නට ලැබෙයි.
අයි ඩී ඊ කේබලය රිබන් කේබලයක්(Ribbon cable) වන අතර සාමාන්‍ය අයි ඩී ඊ කේබලයක මාස්ටර්(Master) සහ ස්ලේව්(Slave) වශයෙන් සම්බන්ධක 2 ක් ද මව්පුවරුවට සම්බන්ධ කිරීමට සම්බන්ධකයක්ද පිහිටා ඇත.මේ සම්බන්ධක මැදට වන්නට කුඩා කැපුම් කොටසක්(Notch) පිහිටා ඇති අතර එක් පසෙක රතු පැහැති රේඛාවක් කේබලය දිගට සලකුණු කර ඇත.
අයි ඩී ඊ කේබල් මගින් දෘඩ තැටි සහ සීඩී/ඩීවීඩී තැටි ධාවක සම්බන්ධ කරනු ලබන විට ඒවා පරිගණකයට හඳුනා ගැනීම සඳහා මාස්ටර්(Master) සහ ස්ලේව්(Slave) ලෙස ජම්පර් සැකසුම්(Jumper settings) සකස් කර සම්බන්ධ කල යුතුය.මේ සඳහා අවශ්‍ය වන ජම්පර් සැකසුම් සකස් කරන අයුරු එම දෘඩ තැටි සහ සීඩී/ඩීවීඩී තැටි ධාවක මත නිෂ්පාදකයා(Manufacturer) විසින් සටහන් කරඇත.ඒවා වඩාත් පැහැදිලි ලෙස සටහන් කර ඇති අතර නිවැරදිව සම්බන්ධ කල යුතුය.නිවැරදි ලෙස ජම්පර් සැකසුම් නැතිනම් එම දෘඩ තැටි හෝ සීඩී/ඩීවීඩී තැටි ධාවකයන් පරිගණකය විසින් හඳුනා නොගනී.එම නිසා ඒ පිළිබඳව වඩා සැළකිලිමත් විය යුතුය.
අයි ඩී ඊ කේබලය මව්පුවරුව මතට සම්බන්ධ කරන විට නිවැරදිව සම්බන්ධ කළ යුතුය.ඒ සඳහා අයි ඩී ඊ කේබලය මත එක් පසෙක රතු පැහැයෙන් සටහන් කර ඇති රේඛාව සහ එය සවිකරන කොටසෙහි මැද පිහිටා ඇති කැපුම් කොටස(Notch) උපකාර කරගත යුතුය.අයිඩීඊ කේබලයෙහි දිග වැඩි ප්‍රමාණයකින් යුක්ත කොටස සාමාන්‍යයෙන් මව්පුවරුව දෙසට වන්නට සම්බන්ධ වේ.මැද පිහිටා ඇති සම්බන්ධකය ස්ලේව්(Slave) ලෙස සකසාගත් ධාවකයටත් කෙළවරින් පිහිටා ඇති සම්බන්ධකය මාස්ටර්(Master) ලෙස සකසාගත් ධාවකයටත් සම්බන්ධ කලයුතුය.එක් දෘඩ තැටියක් හෝ සීඩී/ඩීවීඩී තැටි ධාවකයක් පමණක් සම්බන්ධ කරන අවස්ථාවකදී එය මාස්ටර්(Master) ලෙස ජම්පර් සැකසුම්(Jumper settings) සකස් කර සම්බන්ධ කළ යුතුය.අයි
ඩී ඊ කේබලය ධාවකයන්ට සම්බන්ධ කරන විටද එම සම්බන්ධක කොටස මැද පිහිටා ඇති
කැපුම් කොටස සහ රතු පැහැති රේඛාව මගින් නිවැරදි දිශාව සොයා සම්බන්ධ කළ
යුතුය.
සාටා තාක්ෂණය යොදා ගන්නා දෘඩ තැටි සහ සීඩී/ඩීවීඩී තැටි ධාවක සම්බන්ධ කිරීමේදී සාටා කේබලය(SATA CABLE) උපයෝගී කරගනී.සාටා කේබලය අයි ඩී ඊ කේබලයට වඩා ඉතා සිහින් වන අතර මේවායේ දත්ත සම්ප්‍රේෂණ වේගය(Data transmission speed) ඉතා ඉහල මට්ටමක පවතී.නවීන තාක්ෂණය අනුව නිෂ්පාදනය කරනු ලබන මේවා එක් කේබලයක් එක් ධාවකයකට පමණක් සම්බන්ධ කරනු ලබයි.සාටා
තාක්ෂණය සහිත ධාවක පරිගණකයට හඳුනා ගැනීම සඳහා විශේෂ සැකසුම් සිදු කිරීමට
අවශ්‍ය නොවන අතර අවශ්‍ය තරම් ධාවක සවි කීරීම සිදුකරගත හැක.
සාටා තාක්ෂණය සහිත දෘඩ තැටි සහ සීඩී/ඩීවීඩී තැටි ධාවක සම්බන්ධ කිරීමේදී නිවැරදිව සම්බන්ධකිරීමේ පහසුව සඳහා සම්බන්ධක කොටසෙහි එක් පසෙක කුඩා හැඩයක් පිහිටුවා ඇත.මෙය ඉතා සියුම් බැවින් පරීක්ෂාකාරීව සම්බන්ධ කළයුතුය.සමහර සාටා කේබල් සවිකළ පසුව අගුලු(Lock) වැටෙන අතර මෙවැනි කේබලයක කුඩා තහඩු කොටසක් සහිතව ඇත.එම කේබලයක් නැවත ගලවන විට එම තහඩු කොටස මඳක් ඇතුලට තෙරපා ගලවාගත හැක.
BUILD YOUR OWN COMPUTER 13
පද්ධති ඒකකය එකලස් කිරීම (Assemble system unit)
පරිගණක දෘඩාංග(Computer hardware) එකලස් කර පරිගණක යන්ත්‍රයක්(Computer) සාදා ගැනීම ඉතාමත් පහසු ,ලාභදායී සහ විනෝද ජනක ක්‍රියාවලියකි.එහෙත් දැඩි අවධානයක් සහ අවබෝධයක් සහිතව නිවැරදි අයුරින් සියළුම කොටස් මනාව එකලස් කරගත යුතුය.බොහෝ විට කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතුය.ඇණ සවිකිරීම සහ වෙනත් කටයුතු සඳහා හොඳ තත්වයේ ආම්පන්න(Tools) භාවිතා කර නිසි පරිදි ක්‍රමානුකූලව භාවිතා කර සිදුකර ගත යුතුය.බොහෝ විට ප්‍රති-ස්ථිතික අත් පළඳනාවක්(Anti-static wrist band) භාවිතා කිරීම දෘඩාංග වල ආරක්ෂාවට හොඳය.
පද්ධති ඒකකය(System unit) එකලස් කිරීම සඳහා යොදාගනු ලබන සියළුම දෘඩාංග(Hardware)
කොටස් පිළිබඳව සහ ඒවා එකිනෙකට සම්බන්ධ වන ආකාරය සවිස්තරව පැහැදිලි අයුරින්
ඉහතින් දක්වා ඇති අතර ඒවා නිසි පරිදි එකිනෙකට ගැලපෙන අයුරින් සහ තමාගේ
අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට නිවැරදිව සොයා බලා තෝරා ගත යුතුය.
බොහෝවිට පළමුවෙන්ම අප තෝරා ගතයුතු දෘඩාංග කොටස් වශයෙන් අපගේ අවශ්‍යතාවයට සරිලන ප්‍රොසෙසරයක්(Processor) සහ ඊට ගැළපෙන නවීන අංග සහිත මව්පුවරුවක්(Mother board) තෝරා ගතයුතුය.ඉන් පසුව මව්පුවරුවට ගැළපෙන පරිදි රැම් පරිපථය(RAM) මිලදී ගතයුතු අතර අවශ්‍ය ධාරිතාවය(Capacity) සහ වේගය(Speed) ගැන පළමුව සැළකිලිමත් විය යුතුය.බොහෝ විට වීඩියෝ කාඩ්පත(Video card) සහ සවුන්ඩ් කාඩ්පත (Sound card) මව්පුවරුව මත ඔන් බෝර්ඩ්(On board) ආකාරයට පිහිටා ඇති අතර එසේ නොමැති නම් හෝ වඩා වැඩි කාර්යක්ෂමතාවයක් සහිත එකක් අවශ්‍ය නම් පමණක් වීඩියෝ කාඩ්පතක් සහ සවුන්ඩ් කාඩ්පතක් මව් පුවරුවට ගැළපෙන පරිදි මිලදී ගත යුතුය.දෘඩ තැටිය(Hard disk) අවශ්‍ය ධාරිතාවයකින් මව් පුවරුවට ගැලපෙන පරිදි තෝරා ගත යුතුය. බල සැපයුම් ඒකකය(Power supply unit) බොහෝ විට කේසිනය(Casing) සමඟ ඇති අතර බල සැපයුම් ඒකකය මව්පුවරුවට සහ වෙනත් දෘඩාංග(Hardware) වලට සහාය දක්වන එකක්දැයි වඩාත් සැළකිළිමත් විය යුතුය.අවශ්‍ය පහසුකම් සහිත සීඩී/ඩීඩීඩී තැටි ධාවකයක්ද මිලදී ගත යුතුය.
පළමුවෙන්ම මව්පුවරුව මත ප්‍රොසෙසරය(Processor) සහ හීට් සින්ක්(Heat sink) එක නිවැරදිව සම්බන්ධ කරගන්න.ඉතාමත් කල්පනා කාරීව නිවැරදි ලෙස කිරීමට වග බලාගන්න.සිසිලන පංකාවෙහි(Cooling fan) වයරය මව්පුවරුව මත ඇති සොකටයට(Socket) සම්බන්ධ කරන්න.ඉන් පසු රැම් පරිපථය(Ram) මව්පුවරුව(Mother board) මත සම්බන්ධ කරගන්න.
දැන් කේසිනය(Casing) විවර කර එහි පිටුපස කොටසට මව්පුවරුව සමඟ ලබාදෙන ලද බැක් පැනලය(Back panel) සවි කරන්න.දැන් මව්පුවරුව නිවැරදි ලෙස සම්බන්ධක(Mount) මත තබා ඇණ දමා සවිකර ගන්න.ඇණ තද කරන විට කල්පනාකාරීව කරන්න.අනවශ්‍ය ලෙස බලය යෙදීම නිසා මව්පුවරුව පළුදු විය හැක.සාමාන්‍ය තරමට තදකරන්න.කේසිනය සමඟ මව්පුවරුව විදුලි කාන්දු නොවන ලෙස සවි කරන්න.සාමාන්‍යයෙන් සම්බන්ධක උස්ව පිහිටන නිසා විදුලි කාන්දුවක් ඇති නොවේ.දැන් පවර් ස්විචය(Power switch), රී සෙට් ස්විචය(Reset switch), ෆ්රන්ට් යූඑස්බී(Front USB) සහ ඕඩියෝ පෝර්ට්ස්(Audio ports) ඇතුළු ෆ්රන්ට් පැනලයට(Front panel) සම්බන්ධ වන වයර් සහ සම්බන්ධක(Connectors) නිසි පරිදි සවි කරන්න.මේ පිළිබඳ සටහන් මව්පුවරුව මත සහ මව් පුවරුව සමඟ ලැබෙන අත් පොතෙහිද(Manual) පැහැදිලිව සටහන් කර ඇත.
පසුව දෘඩ තැටිය සහ සීඩී/ඩීවීඩී ධාවක නිසි පරිදි අවශ්‍ය ස්ථාන වලට ඇණ හෝ සම්බන්ධක මගින් සම්බන්ධ කරන්න.සම්බන්ද කිරීමට ප්‍රථම ඒවායේ ජම්පර් සැකසුම්(Jumper settings) ආදිය සිදුකරන්න.දැන් ඒවාට අයි ඩී ඊ(IDE) හෝ සාටා(SATA) කේබල් ආධාරයෙන් මව්පුවරුවට සම්බන්ධ කරන්න.
දැන් බලසැපයුම් ඒකකය නිවැරදිව ස්ථානගත කරන්න.ඉන්පසු නිවැරදි පරිදි මව්පුවරුවට(Mother board), දෘඩ තැටියට(Hard disk), සීඩී/ඩීවීඩී ධාවක(CD/DVD Drives) වලට බල සැපයුම් සම්බන්ධක සවි කරන්න.
වීඩියෝ කාඩ්පතක්(Video card) හෝ වෙනත් එක්ස්පැන්ෂන් කාඩ්(Expansion card) පත් සවි කරන්න.ඒවාටද නිසි පරිදි බල සැපයුම්(Power supply) ලබාදෙන්න.
අමතර සිසිලන පංකා(Extra cooling fan) යොදාගන්නේ නම් සමහර ඒවාට මව්පුවරුව මගින් හෝ සමහර ඒවාට බල සැපයුම මගින් ද බලය සපයා දිය යුතුය.අමතර සිසිලන පංකා මව්පුවරුවට සම්බන්ධ කළ හැකි තැන් මව්පුවරුව මත සටහන් කර ඇත.
සියළුම කොටස් නිසි පරිදි සම්බන්ධ කර ඇත්දැයි මනාව පරීක්ෂා කරන්න.වයර් සහ අනෙකුත් උපාංග ඉඩ කඩ ඇති පරිදි ක්‍රමානුකූලව අසුරන්න.සිසිලන පංකා ආවරණය නොවන පරිදි සකසන්න.සියල්ල පිළිබඳ පරීක්ෂා කර සෑහීමකට පත් වූයේනම් ආවරණය ඇණ දමා සම්බන්ධ කරන්න.දැන් පද්ධති ඒකකය(System unit) සකසා අවසන්.
දැන් මොනිටරය(Monitor), යතුරු පුවරුව(Key board), මවුසය(Mouse), ස්පීකර්(Speaker), ප්‍රින්ටරය(Printer) ඇතුළු සියළුම ආදාන(Input), ප්‍රථිදාන(Output) උපාංග පද්ධති ඒකකය වෙත සම්බන්ධ කර ගන්න.නිවැරදිව සම්බන්ධ කර බල සැපයුම් කේබල්(Power cable) මගින් ප්‍රධාන විදුලි පද්ධතියට නිවැරදිව සම්බන්ධ කර යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න.දැන් මෙහෙයුම් පද්ධතිය(Operating system) ස්ථාපනය(Install) කිරීම සඳහා පරිගණකය සූදානම්.
BUILD YOUR OWN COMPUTER 14
මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය (Install
operating system)
පරිගණකය
සහ එය භාවිත කරන්නා අතර අන්තර් සම්බන්ධය ගොඩනැගීම සඳහා මෙහෙයුම් පද්ධතිය(Operating
system) ස්ථාපනය කළ යුතුය.විවිධ ආයතන මගින් විවිධ කටයුතු සඳහා
නොයෙක් ආකාරයේ මෙහෙයුම් පද්ධති නිෂ්පාදනය කර ඇත.එහෙත් බොහෝ විට පුද්ගල පරිගණක(Personal
computer) සඳහා යොදා ගන්නා මෙහෙයුම් පද්ධති කිහිපයක් ලෝකයේ ජනප්‍රිය
වී ඇත.මෙයින් සමහර ඒවා නොමිලයේ(Free ware) ලබාදෙන අතර සමහර මෙහෙයුම් පද්ධති අදාල සමාගම් වලින් මිලදී ගත
යුතුය.මේවා සීඩී හෝ ඩීඩීඩී ආකාරයෙන් බූටබල් ඩිස්ක(Bootable disk) වශයෙන් ඉදිරිපත් කරයි.මෙය ස්ථාපනය කරන ආකාරය එකින් එකට වෙනස් වන අතර
සාමාන්‍යයෙන් ස්ථාපනය(Install) කරන අයුරු විධාන(Command) මගින් පියවරෙන් පියවර පෙන්වනු ලබයි.
පරිගණකයට
මෙහෙයුම් පද්ධතිය අඩංගු බූටබල් ඩිස්කය(Bootable disk) ඇතුල් කර පරිගණක යන්ත්‍රය ක්‍රියාත්මක කළ විට සමාන්‍යයෙන් ඒ හරහා
පරිගණකය ක්‍රියාත්මක වී ස්ථාපනය ආරම්භවීම සිදුවේ.එසේ නොවන අවස්ථාවන් වලදී පරිගණකයේ
මව් පුවරුව මත පිහිටුවා ඇති ස්ථිර අංගයක්(Firmware) වන සී
මොස් චිපය(C MOS chip) තුල පිහිටුවා ඇති සී මොස් වැඩ
සටහනට(C MOS Program) පිවිස එහි සැකසුම් තුල ෆස්ට් බූට්
ඩිවයිස්(First boot device) එක සීඩී හෝ ඩීවීඩී රොම් ලෙස
සකස් කර සේව්(Save) කල යුතුය.සී මොස් වැඩ සටහන වෙත
පිවිසීම සඳහා පරිගණකය ක්‍රියාත්මක වන අවස්ථාවේ යතුරු පුවරුව(Key board) මත යතුරක් ඔබා ඒ තුලට පිවිසිය හැක.මේ සඳහා භාවිතා වන යතුර පරිගණකය ක්‍රියාත්මක
වන අවස්ථාවේ තිරය මත දිස්වන අතර බොහෝ විට ඩිලීට්(Delete)), එස්කේප්(Escape),එෆ්1(F1) හෝ එෆ්2(F2) යතුර වේ.මෙලෙස සැකසුම් සකස් කර පරිගණකයට මෙහෙයුම් පද්ධතිය අඩංගු
බූටබල් ඩිස්කය ඇතුල් කර පරිගණක යන්ත්‍රය ක්‍රියාත්මක කළ විට ඒ හරහා පරිගණකය ක්‍රියාත්මක
වී ස්ථාපනය ආරම්භවීම සිදුවේ.
ඉන්
පසු පියවරෙන් පියවර පරිගණක යන්ත්‍රය තුලට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කළ යුතුය.මේ
සඳහා අවශ්‍ය සැකසුම් සිදුකරන ආකාරය පියවරෙන් පියවර තිරය(Screen) මත පෙන්වනු ලබන අතර එහි සැකසුම් තමාට අවශ්‍ය ආකාරයට සකස් කර ගත හැක.
මෙහෙයුම්
පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසුව පරිගණක යන්ත්‍රයට සම්බන්ධ දෘඩාංග ක්‍රියාත්මක වීම
සඳහා ඒවාට අදාල ධාවක මෘදුකාංග(Driver software)
ස්ථාපනය කළ යුතුය.ඒවා මව්පුවරුව හෝ අදාල දෘඩාංගය නිෂ්පාදකයා(Manufacture) විසින් සීඩී හෝ ඩීඩීඩී ආකාරයෙන් ලබා දෙයි.බොහෝ විට ඔන් බෝර්ඩ් වීජීඒ(On
board VGA), ඔන් බෝර්ඩ් සවුන්ඩ්(On board sound), නෙට්වර්ක්(Network) සහ චිප් සෙට් ඩ්‍රයිවර්ස්(Chipset
drivers) මව්පුවරුව සමඟ ලැබෙන අතර වෙනත් එක්ස්පැන්ෂන් කාඩ්) වලට අදාල ධාවක මෘදුකාංග(Driver software) ඒ ඒ
නිෂ්පාදකයා(Manufacturer) විසින් ලබා දෙයි.
දැන්
මෙහෙයුම් පද්ධතිය සහ ධාවක මෘදුකාංග ස්ථාපනයෙන් පසු පරිගණකය භාව්තයට සූදානම්.දැන්
ඔබට අවශ්‍ය වන ඕනෑම මෘදුකාංගයක්(Software) පරිගණකය
තුල පිහිටුවා ගතහැක.එසේම අන්තර් ජාලය(Internet) භාව්තය,
පරිගණක ක්‍රීඩා(Computer game), ලිපි
ලේඛණ කටයුතු(Word processing), විවිධ නිර්මාණ කටයුතු,
අධ්‍යාපන කටයුතු(Education) හෝ අවශ්‍ය
ඕනෑම කටයුත්තක් සඳහා පරිගණක යන්ත්‍රය බාවිතා කළ හැක.
Comments
Post a Comment