CCNA පාඩම් මාලාව I
CCNA® 3 - Network Devices
පරිගණක ජාලයක් තුළදී එක් එක් ආකාරයේ උපකාර්ණයන් භාවිතා කරන බව ඔබ දන්නවා. ඒ
එක් එක් උපකරණ භාවිතා කරන්නේ එක් එක් කාර්යයන්ට කියලත් ඔයාලා දන්නවා. අදාල
කාර්යයට අදාල උපකරණය භාවිතා නොකරන පරිඝණක ජාලයක ගැටලු මතුවීම නොවැලැක්විය
හැකි බව පරිගණක ජාල වල වැඩ කරන අය අත්දැකීමෙන් දන්නවා. ඉතින් අපි බලමු
පරිගණක ජාලයක පොදුවේ භාවිතා කරන උපකරණයන් හා ඒවායේ කාර්යයන් මොනවාද කියලා.
ආරක්ෂාකාරී කාර්යක්ශම නෙට්වර්ක් එකෙක් හදාගන්න නම් පහත දැක්වෙන උපකරණ ඕනේ කරනවා.
ආරක්ෂාකාරී කාර්යක්ශම නෙට්වර්ක් එකෙක් හදාගන්න නම් පහත දැක්වෙන උපකරණ ඕනේ කරනවා.
- Hub
- Switch
- Router
- Patch Panel
- Cable Rack
- Cable Management
ඉතින් අපි බලමු මේ එක් එක් උපකරණය කොහොමද පරිගණක ජාලයකට බලපෑම් කරන්නේ කියලා
- Hub
අද දකින්න ලැබෙන අලුත් පරිගණක උපාංගයන් හදුන්වාදෙන්න පෙර සිටම පරිගණක් ජාල
වල භාවිත වුණ ක්‍රියාකාරීත්වයෙන් තරමක් සරල උපකරණයක් තමයි මෙ Hub එක
කියන්නේ. මේ හරහා පරිගණක් කීපයක් එකට සම්බන්ධ කරගන්න පුලුවන්. එහිදී
නිර්මාණය වන මූලික පරිගණක ජාල කරන ආකාරය එහෙම නැති නම් Topology එක වෙන්නේ
Star Topology එකයි. ඊට අමතරව Mash Topology එකටත් මේ ආකරයේ හබ් බාවිතා
කරන්න පුලුවන්. ඉතින් මේ හබ් එකක් බාවිත කරද්දි එහි වාසි හා අවාසි
දැකගන්නත් පුලුවන්.
මෙහි ඇති මූලිකම අවාසිය වන්නේ හබ් වලින් එකට ඈදුනු පරිගණක ජාලයක ආරක්ෂාව
අඩු වීමයි. එනම් හබ් එකක් හරහා පරිගණක ජාලයක ආරක්ෂාව තහවුරු කරන්න
හැකියාවක් නැති වීම. ඒ කියන්නේ හබ් එකක් හරහා දත්ත ගලා යාමේදී එම පරිගණක
ජාලයේ ඇති ඕනේම පරිගණකයකින් අදාල දත්ත බැලීමට හැකියාවක් පවතිනවා.
එසේම හබ් එකට කිසිදු තීරණයක් ගැනීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ දත්තයන් හදුනාගැනීම, දත්ත අතර සිදුවන ගැටීම් (collision) හදුනාගැනීමේ හැකියාවක් තිබුණත් ඒවාට කරන්න ඕනේ මොනවද කියලා තීරණයක් ගන්න බැහැ. ඒ කියන්නේ අඩුම තරමින් එක් දත්ත ගැටීමක් සිදුවුවහොත් එය වලක්වාගෙන වැඩ කිරීමේ හැකියාවක්වත් පවතින්නේ නෑ. නමුත් CSMA/CD (Carrier Sense Multiple Access with Collision Detection) කියන තාක්ෂණයක් ගැන කතා කරනවා.
- Switch
හබ් එකක් තුලදී අපි දකින අවාසි සහගත තත්ත්වය වෙන්නේ ආරක්ෂාව අඩුවීම.
නමුත් Switch එකක් තුලදී නම් අපිට ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩ කරන්න පුලුවන්
වෙනවා. මේවා Manageable හා Unmanageable ලෙසින් ආකාරයන් දෙකක් දැකගන්න
පුලුවන්. Manageable Switch එකකදී නම් අපිට සැකසුම් හදන්න පුලුවන්.
Unmanageable Switch එකකදි නම් සැකසුම් සකසන්න හැකියාවක් නෑ. එසේම Switch
එකක් කියන්නෙ Uni-cast සහ Multicast කියන ආකාර දෙකටම දත්ත හුවමාරු කරනවා.
එසේම කලාතුරකින් Switch එකක් Broadcast කරන අවස්ථාත් අදුනගන්න පුලුවන්.
එසේම Switch එකක් කියන්නේ ටිකක් කල්පනා කරලා වැඩ කරන Network Devices
එකක්. ඒ කියන්නේ තමාට සම්බන්ධ කරලා තිබෙන පරිගණක හෝ උපාංග වල තොරතුරු, ඒවා
සම්බන්ධ වී තිබෙන පෝට්ස්, ඒවායේ IP ලිපිනයන් වගේම ඒවායේ MAC Address
තොරතුරු පවා රදවා ගන්නවා, පොදුවේ මේ තොරතුරු රදවාගන්නේ MAC address table
එකේ. එක් පරිගණකයක සිට දත්තයක් Switch එක වෙත ලැබුණු විට MAC address table
එකේ ඇති දත්ත හා සසදා බලා අඩුම කාලයකින් කෙටිම මාර්ගයෙන් දත්තය අදාල තැනට
යොමු කිරීමට තරම් Switch එකක් බුද්ධිමත්. මේවා පෝට් 8,16,24,48 වශයෙන්
ගන්න පුලුවන්.
- Router
Switch එකකට වඩා බුද්ධිමත් මේ උපකරණය Manageable ආකාරයටයි පවතින්නේ, ඒ
කියන්නේ අපේ පරිගණක ජාලයට අවශය කරන ආකාරයට මෙහි සැකසුම් සකසා ගන්න හැකියාව
පවතිනවා. ඉතින් මුලු CCNA කතා මාලාව පුරාම වැඩි වශයෙන්ම කතා කරන්නේ මේ
Router ගැන. මේවා ආරක්ෂාව අතින් ඉහල පරිගණක ජාල වල මූලික අංගයක වෙනවා.
එකිනෙකට වෙනස IP ලිපිනයන් බාවිතා කරන පරිගණක ජාල දෙකක් හෝ එකම Layer එකේ IP
ලිපින බාවිතා කරන පරිගණක ජාල දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් එකිනෙකට සම්බන්ධ
කිරීම වෙනුවෙන් මේ උපකරණ බාවිතා කරනවා.
- Patch Panel
පරිගණක් ජාලයේ පවතින කේබල් ටික ලස්සනට තියාගන්න ඕනේ නම් මේ ආකාරයේ Patch
Panel භාවිතා කරන්න වෙනවා. මේවා භාවිතා කිරීමෙන් හදිසියකදී නෙට්වර්ක් කේබල්
මාරු කරගැනීමට උවමනා උනොත් සරළවම් එය කරගන්න පුලුවන්.
මහාපරිමාණ පරිගණක ජාල වලදී මේවා අනිවාර්යයෙන් භාවිතා වෙනවා. පැහැදිලිව
කේබල් ටික බලාගන්න වගේම කලබලයකින් තොරව නෙට්වර්ක් එකේ වෙනස් කම් කරගන්නත්
මේවා
උපකාර කරගන්න පුලුවන්.
උපකාර කරගන්න පුලුවන්.
- Cable Management
මේ විදියට උපකරණ ටික එක්කාසු කරගෙන හොද ආරක්ෂිත පරිගණක ජාලයක් නිර්මාණය කරගන්න පුලුවන්. අපි ඊලගට රවුටරයට එබිලා බලමු.
CCNA® 4 - Communicate With Router
පරිගණක ජාලයක බුද්ධිමත් හා ඉතාමත් ආරක්ෂාකාරී උපාංගය වන්නේ රවුටරය කියලයි
අපි කලින් පාඩම නැවැත්තුවේ. ඉතින් අදින් ඇරබෙන්නේ රවුටරයේ අභ්‍යන්තර කොටස්
පිලිබද කරන අධ්‍යයන කොටසුයි. එහිදී අපි මූලිකවම අදුනාගත යුතුයි රවුටරයක
කොටස්. ඒ වගේම එය හා ගණුදෙනු කරන ආකාරයත් අපි දැනගෙන ඉන්න ඕනෑ.
සාමාන්‍ය පරිගණක මවුපුවරුවක් වගේ දකින්න ලැබෙන රවුටරයේ මවු පුවරුව තුළත් රවුටරයට අදාල මෙහෙයුම් පද්ධතියට (IOS) සහය දක්වන දෘඩාංග කොටස් දැකගන්න පුලුවන්. IOS ගැන අපි වෙනත් පාඩමකින් දීර්ඝව කතා කරමු.
ඉතින් රවුටරයක අතුරුමුහුණත ගත්තොත් පහල රූපයේ ආකාරයෙන් දැකගන්න පුලුවන්.
මෙහි තිබෙන Serial 1/3 ලෙසින් දක්වන සියල්ලට පොදුවේ Interface ලෙසින් හදුන්වනවා. ඒ එක් එක් Interface වලට වෙන වෙනම සැකසුම් සකස් කිරීම සකස් කිරීමට අදාල විධානයන් තිබෙනවා. ඒවා සියල්ල ඉදිරි පාඩම් වලදී විස්තර කෙරෙනවා.
රවුටරයක ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ දෘඩාංගය වන්නේ එහි RAM කොටසයි. එහි ප්‍රධාන කොටස් 4ක් අදුනාගන්න පුලුවන් වගේම ඒවායෙන් රවුටරයට ලැබන දායකත්වයත් එකිනෙකට වෙනස්.
ඉතින් මේ පහලින් දක්වලා තිබෙන්නේ එක් එක් ආකාරයේ CISCO රවුටර් වර්ගයන්. මේ හැම දෘඩාංගයකම ඉහල රූපයේ ආකාරයේ Interface දකින්න ලැබෙනවා. සමහර රවුටර් සංස්කරණ වල Interface ගණනාවක් දැකගන්න පුලුවන්. කෙසේ නමුත් පොදුවේ සියල්ල වෙනුවෙන් භාවිතා කරන්නේ එකම විධානයන් වීම නිසා ඕනේම ආකාරයක රවුටරක් වින්‍යාශගත කිරීම එකම ආකාරයෙනුයි සිදුවන්නේ.
මීලගට අපි බලමු ඕනේම ආකාරයේ රවුටරයක් කොහොමද පරිගණකයක් හරහා වින්‍යාශගත කිරීමට සුදානම් කරගන්නේ කියලා. එහෙම නැතිනම් රවුටරයේ Internet-work Operating System [IOS] එකත් එක්ක පරිගණකයක් හරහා වැඩ කරන්න පුලුවන් වෙන ආකාරයට කොහොමද හදාගන්නේ කියලා. පොදුවේ ඕනේම ආකාරයක රවුටරයක් අපි DOS වලින් විධාන ලබාදී පරිගණකයක සැකසුම් සකසනවා වගේ සැකසුම් සකසන්න පුලුවන්. අපි එයට කියන්නේ Command Line Interface එක හරහා සම්බන්ධ වෙනවා කියලා. ඒ වගේම මේ ඕනේම රවුටරයකට Graphical User Interface ආකාරයෙනුත් සම්බන්ධ වෙන්න්න පුලුවන්.

- RAM
- NVRAM
- Flash
- ROM
- RAM
පරිගණකයක වගේම මෙහිදිත් RAM නැතිනම් Random Access Memory කොටසින් විශේෂ වූ
කාර්යයක් සිදු කරනවා. ඒ රවුටරය ඔන් වුන තැන සිට එහි සියලු ක්‍රියාවන්
සිදුවන්නේ මේ මත සිටයි. එනම් Running configuration file එක මතකයේ තබාගෙන
එහි සැකසුම් අනුව රවුටරය මෙහෙයවන්නේ මේ RAM මතකයයි.
- NVRAM
මේ මතකය විදුලිය ඇති අවස්ථාවේ පමණක් ක්‍රියාත්මක වන එහෙම නැතිනම් Non
Volatile Random Access Memory ලෙසින් දක්වන්න පුලුවන්. රවුටරය ඔන් වුන
පසුව සිදුකල යුතු ක්‍රියාවන් සියල්ල මෙහි ගබඩා වෙලා තිබෙනවා. ඒ කියන්නේ
රවුටරයේ Start-up Configuration File ක්‍රියාත්මක වන්නේ මේ මත සිටයි.
Start-up Configuration File වල සිදුකරන වෙනස්කම් සුරක්ෂිත කළ යුතු අතර
එවිට එය RAM මත සටහන් වෙනවා. විදුලිය විසන්ධි කළ පසුව RAM වල සැකසුම් රැදී
නොතිබුනාට මෙහි සැකසුම් රැදී පවතිනවා.
- Flash
Flash මතකය ඉතාමත් වැදගත් වන්නේ මේ තුළ CISCO IOS ගොනුව දැකගන්න පුලුවන්.
නැවත නැවත ලියන්න පුලුවන් ආකාරයේ මතකයක් ලෙසයි මෙය පවතින්නේ. ඒ කියන්නේ
CISCO IOS ගොනුව වුවත් අපට වුවමනා ආකාරයෙන් සැකසුම් සකස් කරමින් වෙනස්
කරමින් උපස්ථ (Backup) ලබාගැනීම් හා ඒවා නැවත ස්ථාපිත කිරීම වගේ දේවල්
කරගන්න Flash මතකය ඉතාමත් වැදගත් වෙනවා.
- ROM
ඉතින් මේ පහලින් දක්වලා තිබෙන්නේ එක් එක් ආකාරයේ CISCO රවුටර් වර්ගයන්. මේ හැම දෘඩාංගයකම ඉහල රූපයේ ආකාරයේ Interface දකින්න ලැබෙනවා. සමහර රවුටර් සංස්කරණ වල Interface ගණනාවක් දැකගන්න පුලුවන්. කෙසේ නමුත් පොදුවේ සියල්ල වෙනුවෙන් භාවිතා කරන්නේ එකම විධානයන් වීම නිසා ඕනේම ආකාරයක රවුටරක් වින්‍යාශගත කිරීම එකම ආකාරයෙනුයි සිදුවන්නේ.
මීලගට අපි බලමු ඕනේම ආකාරයේ රවුටරයක් කොහොමද පරිගණකයක් හරහා වින්‍යාශගත කිරීමට සුදානම් කරගන්නේ කියලා. එහෙම නැතිනම් රවුටරයේ Internet-work Operating System [IOS] එකත් එක්ක පරිගණකයක් හරහා වැඩ කරන්න පුලුවන් වෙන ආකාරයට කොහොමද හදාගන්නේ කියලා. පොදුවේ ඕනේම ආකාරයක රවුටරයක් අපි DOS වලින් විධාන ලබාදී පරිගණකයක සැකසුම් සකසනවා වගේ සැකසුම් සකසන්න පුලුවන්. අපි එයට කියන්නේ Command Line Interface එක හරහා සම්බන්ධ වෙනවා කියලා. ඒ වගේම මේ ඕනේම රවුටරයකට Graphical User Interface ආකාරයෙනුත් සම්බන්ධ වෙන්න්න පුලුවන්.
ඉතින් අපි බලමු කොහොමද CLI එහෙම නැතිනම් Command Line Interface එක හරහා
රවුටරයක් වෙත සම්බන්ධ වෙන්නේ කියලා. ආකාර කීපයකින් ඒ වැඩේ කරගන්න පුලුවන්.
ඒට කලින් මේ පහල රූපය ආයෙමත් මතක් කරගන්න.
මෙහි තිබෙන Serial 1/3 වැනි පෝට් පොදුවේ Interface ලෙසින් හදුන්වන බව කලින්
සදහන් කලා. අපි රවුටරයක් වෙත ලොග් වෙන්න භාවිතා කරන්නේ මේ ආකාරයේ
Interface යි. පහල රූපයේ දැක්වෙන ආකාරයෙ කේබල් එකක් බාවිත කරමින් පරිගණකයකට
රවුටරය සම්බන්ධ කරගන්න පුලුවන්. මේවා පොදුවේ console cable ලෙසින්
හදුන්වනවා.
Cisco DB9 to RJ45 Console Cable
මේවා රවුටරය මිලදී ගත්දිම ලැබෙනවා වගේම මිලදී ගන්නත් පුලුවන්. හදාගන්නත්
පුලුවන්. ඉතින් මේ වගේ කේබල් එකක් හරහා පරිගණකය වෙත පහල රූපයේ ආකාරයෙන්
ඔන්න ඉතින් අපිට පුලුවන් වුණා console cable එකක් හරහා රවුටරයක් ලැප් එක්කට හරි ඩෙක්ස්ටොප් එකකට හරි සම්බන්ධ කරගන්න. මෙහෙම නිකන් ගහගත්තා කියලා නම් අපිට රවුටරයට රිංගන්න වෙන්නේ නෑ. ඒ වෙනුවෙන් අපිට සිදුවෙනවා Hyper terminal වැඩසටහන හරහා terminal එකක් හදාගන්න. අපි බලමු කොහොමද terminal එකක් වින්ඩෝස් වලදී නිර්මාණය කරගන්නේ කියලා. දැන් එක් එක් ආකාරයේ වින්ඩෝස් මෙහෙයුම් පද්දති තිබෙන නිසා terminal එකක් නිර්මාණය කරන්න යන මාර්ගය එක් එක් ආකාර වෙන්න පුලුවන්. මං මෙතනදී RUN විධානයක් හරහා කරගන්න හැටි කියලා දෙන්නම්.
එහෙනම් මුලින්ම Run වලදී hypertrm.exe
මෙතනදී අපි හදන්න යන terminal එකට නමක් දෙන්න. ඒක හදුනාගැනීමට පමණයි.
මෙහි දැක්වෙන සැකසුම් නම් අවශ්‍ය ආකාරයෙන් වෙනස් කරගන්න පුලුවන්. ඉන් පසුව අපිට හැකියාව ලැබෙනවා අපි හදාගත්ත terminal එක හරහා අදාළ රවුටරයට ලොග් වෙන්න.මේ ක්‍රමය හැරුණාම තවත් ආකාරයන් දෙකකින් අපිට රවුටරය වෙත ලොග් වෙන්න පුලුවන්.
- Auxiliary port එක හරහා
- Telnet හරහා
ඉදිරියේදී මේ ආකාරයන් දෙක ගැනත් වැඩි විස්තර කතා කරමු.
Comments
Post a Comment