ඉලෙක්ට්‍රොනික් ශිල්පීන්ට
: ඉලෙක්ට්‍රොනික් ශිල්පීන්ට ඉතා වැදගත් tv memory ic data-1 ::..
සිප්සල නරඹන යාළුවන්ට ඉලෙක්ට්‍රොනික් සම්බඳ විශේශ දෙයක් අරන් එන්නයි අද සූදානම.TV හදන විට සමහර ලෙඩ එනව TV එකේ මතකයන් ගබඩා කරන උපකරණය එනම් memory ic තුලින්.ඉතින් මේකට මෙමරි IC භාවිතා කලයුතුයි.TCL වගේ TV වලට නම් හිස් IC එකක් යෙදූ විට එයා ගබඩා කරගන්නවා.නමුත් Hitachi,Sharp වගේ TV වලට ඒ ඒ TV වලට වුවමනාකරණ මෙමරි අපි විසින් හිස් IC එකක් භාවිතා කරන් එයට ප්‍රෝගෑම් කර TV එකට දැමිය යුතුය.
ෆ්ලෑශ් මෙමරි අයිසී කොතෙකුත් තිබ්බත් සුලබව භාවිතා වෙන්නේ ඉහත රූපයේ සඳහන් EEprom 24CXX වර්ගයේ ic.මෙමරි අයිසී පිලිබඳ කොතෙකුත් විස්තර කල හැකිද.නම්ත් එයට කාළය අවහිර වන නිසා මම හොයාගත්තු IC DATA වගයක් ඔයාල එක්ක බෙදා ගන්නම්.
ඔයාලට හම්බෙන TV වලින් කිසිම කරදරයක් නැතුව ලෙහෙසියෙන් memory ic වල DATA ගන්න විදි ක්‍රම මීලඟ ළිපියෙන් ඉදිරිපත් කරන්නම්.
Sony KV-XA25M60 Chassis BG3R 24C08
***********************************************
TCL 21M76S
***********************************************
TCL 2127
***********************************************
Hitachi LT-20PV2S
***********************************************
Hitachi MD-21SFL
***********************************************
LG 21FS2BL
***********************************************
LG 21FU4BL Slim
***********************************************
::වෘතීමය දිගු දුර 4W ට්‍රාන්ස්මීටරයක් අති සාර්ථකව පියවරෙන් පියවර හදමු-1::..
මුලින්ම කිවයුතු දෙයක් තිබේ.එනම් මෙම ට්‍රාන්ස්මීටරය පිලිබඳ සම්පූර්ණ ළිපිය මම කොටස් තුනකට කඩා ඉදිරිපත් කරමි.එය දීර්ග ළිපියක් බැවින්.තෙවෙනි ළිපියෙන් සම්පූර්ණ ළිපිමාලාව PDF එක් බවට පත් කරමින් සිප්සල ඔබට ලබාදෙමි.
************************************************
FM ට්‍රාන්ස්මීටරයක් කියන්නේ යම් තැනක සිට තවත් සීමාවූ ප්‍රදේශයක් වෙත ශබ්ද තරංගයක් වයර් අධාර නොකොට අවකාශයේ විසුරුවා හැරීමට උපකාරීවන උපකරණයකි. ඉලෙක්ට්‍රොනික් ශිල්පීන් බහුතරයක් අතහදා බැලීම් කිරීම සඳහා විවිධ ට්‍රාන්ස්මීටර් පරිපථ සාදති.කෙටිදුර පරිපථ වගේම දිගුදුර පරිපථද බහුලව අන්තර්ජාලය පිරික්සීමේදී සොයාගැනීමට අපහසු නොවේ.නමුත් අන්තර්ජාලයේ ඇතුලත් සෑම පරිපථයක්ම සාර්ථක ඒවා නොවේ.තමන්ගේ ඉලෙක්ට්‍රොනික් දැනුම මට්ටම පරිනත වෙද්දී යම් පරිපථයක සාර්තක අසාර්තක තත්වය පිලිබඳ දල අදහසක් ලබාගන්න පුලුවනි.
ට්‍රාන්ස්මීටර පරිපථ තුල කොයිල් සහ කැපැසිටර් ( ධාරිත්‍රක )දක්නට ලැබේ.කුඩා අවදියේ පරිපථවල දක්නට ලැබෙන්නේ කොයිල් සහ කැපැසිටර් සුසර කොට යම් තරංගමාලාවකට සකසා ගැනීමයි.නමුත් එය එතරම් සාර්තක කරුණක් වන්නේ නැහැ යම් නිශ්චිත කටයුක්තකදී ට්‍රාන්ස්මීටරයක් භවිතා කිරීමේදී. එනම් ට්‍රාන්ස්මීටරයට ලබාදෙන සුමට බලසැපයුම යම් හෙයකින් අඩුවෙත්ම අප සුසරකල තරංගමාලාවෙන්
ඉවත්වේ.ඒවගේම නිතර නිතර කොයිල් සහ කැපෑසිටර් සුසර කිරීමේදී එම උපකරණ ගෙවී යන හේතූන් සහ කාර්යක්ශමතාව පදනම් කරගෙන එම පරිපථ ඉතා සරල ක්‍රියාවන් සඳහා යොදා ගැනේ. එවැනි සාර්තක කුඩා පරිපථයක් ඉහල රූපයෙන් දැක්වේ.
ඒ වගේම විවිද ගුවන් විදුලි විකාශනාගරයන් වලට සහ නිශ්චිත ස්ථීර වැඩ සඳහා කොයිල්,කැපෑසිටර් මෙන්ම ක්‍රිස්ටල් නම් උපකරණය භාවිතයට ගනිමින් සුසර කරගැනීමට කැකි දිගුදුර වගේම කෙටිදුර ට්‍රාන්ස්මීටර් නිර්මාණයවී ඇත.
මෙම පරිපථ වල ඇති විශේසත්වය වන්නේ බලසැපයුම සුලුවශයෙන් පසුබෑමකට ලක් වුවද සකසා ඇති තරංගය නොවෙනස්ව පැවතීම.ඒ වගේම සුවිචයන් මගින් අවශය සංක්‍යාතයන් ඉතා පහසුවෙන් මෙන්ම ඉතාමත් කෙටි කාළයකින් මාරු කිරීමට හැකිවීම.මූලික සුදුසුකම් වේ.
මෙන්න මේ විදියට ඉතාම සරල ආකාරයෙන් සහ ඉතාම කෙටියෙන් FM ට්‍රාන්ස්මීටර් පිලිබඳව හැඳින් වීමක් සිදුකලා.
*****************************************************
මම මිට කලින් සඳහන් කලානෙ ඉලෙක්ට්‍රොනික් ශිල්පීන්ගෙන් බහුතරයක්ම ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න කාළයේ අනිවරෙන් හදන පරිපථයක් තමයි ට්‍රාන්ස්මීටර් පරිපථ කියල.ඉතින් මටත් ඒ උණ ඒ කාළයේ තිබ්බ.දැනටත් හොඳටම තියනව.ඉතින් මමත් යම් යම් අත්හදාබැලීම් සිදුකරනවා දැනටත්.
* මට කියන්න අමතක වුන සැලකිය යුතුම කරුණක් තිබේ.මෙය තරයේම සිතේ තියාගන්න.
මෙය කිවයුතුම කරුණක් වුනත් ශ්‍රී ලංකාවට අවමන් කිරීමට ගන්නා උත්සහයක් නොවේ.ශ්‍රී ලංකාව කියන්නේ තවම දියුණුවෙමින් පවතින රටක්නේ.ඉතින් ගුවන්විදුලි නීතිමය තත්වය යටතේ මීටර් 100 වලට වඩා දුර විකාශනය වන ට්‍රාන්ස්මීටර් පරිපථ සැදීම සහ ලඟතබාගැනීම වරදක් කියල තමයි කියන්නේ මම දන්න විදියට.මම වැරදිනම් නිවරදි කරන්න.ඒ නිසා අත්හදාබැලීම් සිදුකිරීමට අපට නොහැක.නමුත් ආසාව උනන්දුව තියේනම් නීතියට හොරා අත්හදා බලීම් සිදුකිරීමට හැකිය.
නමුත් අත්හදා බැලීම් සිදුකිරීමට පමනකි.දිගින් දිගට මෙය ක්‍රියා කිරීමට නොව.ඒගැන මමද වගකියනු නොලැබේ.අත්හදා බැලීමකට දුශ්කර ප්‍රදේශ භාවිතා කිරීම සහ අනෙකුත් විකාශන සංඛයාතයන් අවහිර නොවන අයුරින් මෙය සිදු කිරීමට තරයේ සිතට ගන්න.
හුදෙක්ම මෙම පරිපථය මම ඉදිරිපත් කරනුයේ,ට්‍රාන්ස්මීටර් වලට ඇලුම් කරන ඉලෙක්ට්‍රොනික් සහෝදර ශිල්පීන්ගේ දැනුම මට්ටම නගාසිටමීම සඳහාය.අනිත් කරුණ නම් මෙම පරිපථයේ උපකරණ සමහර දේවල් ලංකාවේ නැත.හැම ජහ ජරාවක්ම ලංකාවට ආවත් මේවගේ දීවල් ලංකාවට නෝඒම කණගාටුවට කරුණකි.ලංකාවේ තිබෙන උපකරණ භාවිතා කරමින් මෙය සුළු වෙනස්කම් කරමින් මම ඉදිරිපත් කරන්නම්.
නමුත් එකම එක අයිසී එකක් පිට රටින් ගෙන්වා ගැනීමට මට සිදුවිය.නමුත් මේ කාළය වන විට එයත් කොළඹ ඇතැයි කියා සිතමි.
ඒ සඳහා මට බෙහෙවින් උපකාරී වුනේ සහ මෙය නිර්මාණය කිරීමට මට මගපෙන්වීම කලේ මගේ පළමු ඉලෙක්ට්‍රොනික් ගුරුවරයා වන සංජීව (බොබී)කියල අයිය කෙනෙක්.
**************************************************
මුලින්ම පරිපථයට ඇවැසි බල සැපයුම සාදමු.
මෙහිදී ඉතාම වැදගත් කොටසක් තමයි බල සැපයුම.ඉතාම සුමට කරන ලද බලසැපයුමක් ලබාදීම ට්‍රාන්ස්මීටරයේ වගේම විසුරුවා හරින තරංගයේ ගුණාත්මකබව තහවුරු කරයි. මෙහිදී ප්‍රායෝගික නොවුනත් මම නිර්දේශ කරන්නේ සුමට බලසැපයුමක් සාදාගන්න අපහසුනම් 12V ත්‍රීවීල් බැටරියකින් සැපයුම ලබාදෙන්න.එය වඩාත් සාර්ථකයි.
• උපකරණ ලයිස්තුව
*C1, C2, C4, C5 - 10 nF, 50 V
*D1-D5 - 1N5408 or 1N5060
*C3 - 4700 uF, 35 V
*IO1 - 7812
*C6 - 100 uF
*Tr1 – 12v / 3A
දැන් ට්‍රාන්ස්මීටර් පරිපථය වෙත යොමුවෙමු.
* Capacitors:
C1 - 4,7 uF (electrolytic)
C2 - 0,22 uF (electrolytic)
C3, C4, C12 - 100 pF (ceramic)
C6, C9, C11, C13, C14, C19 - 1 nF (ceramic)
C7, C8 - 10 pF (ceramic)
C10 - 8.2 pF (ceramic)
C18 - 22 pF (ceramic)
C15 - trimmer 47 pF
C16, C17 - trimmer 60 pF
C20, C5 - 100 nF (ceramic)
C21 - 470 uF (electrolytic)
* Coils:
(All coils are free-standing air-core types, wound of 0,7 mm Cu wire, 6 mm internal diameter.)
L1, L6 - 4,5 coils
L3 - 2,5 coils
L4 - 1,5 coils
L2 - 6,5 coils around R9 resistor
L5 - 9,5 coils
L7 - 3,5 coils
* Resistors:
R1 - 10 k pot.
R2 - 4,7 k
R3, R4, R5, R8, R10 - 27 k
R6, R16 - 10 k
R7, R15 - 470
R9 - 100
R11 - 270
R12 - 1 k
R13 - 43
R14 - 10
* Diodes:
D1, D2 - BB109G, BB409 or BBY31
* Transistors:
T1 - BC547C (BC548C, BC547B)
T2 - BFR91A
T3 – 2n3355
T4 - 2SC1971
* මෙම පරිපථය සැදීමේදී වැදගත් කරුණු කිහිපයක් වෙත සිත යොමුකල යුතුය.
1. එනම් මූලිකවම පරිපථය ගොඩනැගීමේදී එය මුද්‍රිත පරිපත පුවරුවක් (PCB) ගොඩනගා ගත යුතුමය.
2. මෙහි අන්තර්ගත BB109 වෙරිකැප් ඩයොඩ් මට ලබාගැනීමට නොහැකි වූ නිසා BB910 ඩයොඩ ලබාගැනීමට සිදුවිය.ඔබත් ලිස්ට් එකේ සඳහන් BB109 ඩයොඩ සොයාගැනීමට නොකැකිනම් පමනක් මම ලබාදුන්නු ඩයොඩ් අංකය යොදන්න.
3. අනෙක් කාරණාවනම් පරිපථ පුවරුව මත ඊයම් ආලේපනය කරනවානම් ඉතා හොඳය.එසේ කරනුයේ මෙම PCB එක අප විසින් නිර්මාණය කරන නිසා තඹ පුවරුවමත කිසියම් ආලේපනයක් නොකරන බැවින් පසුකාලීනව තඹ මතුපිට අවකාශයට නිරාවරණය වීම තුලින් දිරීමකට ලක්වීමට පුලුවන්.එම නිසා ඊයම් ආලේපනය තුලින් එය අවම කරගැනීමට පුලුවන්.
4. අනෙක් කාරණාවනම් යන ට්‍රාන්සිස්ටර් දෙකම ඊයම් ආලේපිත පැත්තෙන් සවි කිරීම ඉතා ගුණදායකය. ඔබ දන්නවා යම් උපකරණයක නිසි ක්‍රියාකාරීතවය සිදුවන්නේ විශේශයෙන් ට්‍රාන්ස්මීටර්වල එනම් තරංග ආශ්රිත පරිපථවල උපකරණ ඉතාමත්ම තඹ පුවරුවට ලඟින්ම සම්බන්ද කිරීම ඉතා සාර්ථකය.
5. අනෙක් කරුණ නම් මෙම පරිපථයට සම්බන්ඳ කරන උපකරණ වල අගයන් ඉතාම නිවැරදි විය යුතුය.එනම් රෙසිස්ටර් ගන්නකොට 5band ගන්නේනම් ඉතාම සාර්ථකයි.නමුත් ලංකාවෙ එහෙම ගන්න අඩුයි. නැත්තෙමත් නැහැ.නමුත් හැමතැනම නැහැ.එමනිසා 4band වලින් ලබාගන්න. දාරිත්‍රක (Capasitro) නම් අනිවාරෙන්ම මෙහි සඳහන්ම අගය යොදන්න. ටිමර් පවා නිවැරදිව ලබාගන්න.
* මේ පරිපථයේ මතුපිට
* මෙය තමයි ඔබ ගතයුතු PCB එක.මෙය සාදා ගත යුතුය.
** PCB එකක් සාදාගන්න ආකාරය පහත ලින්ක් එකෙන් ගිහින් බලන්න.
http://adf.ly/WghFH
:: PLL - digital tuning-4W FM ට්‍රාන්ස්මීටරය-post 4 ::..
PLL - digital tuning
මේ පහතින් තිබෙන පරිපථයත් වෘතීමය ට්‍රාන්ස්මීටරයකට (දිගුදුර ස්ථීර වැඩ සඳහා යොදා ගන්න ) ඉතාම වැදගත් ඒකකයකි.මෙම ඒකකය යම් යම් විශාල වොට් අගයන් පිට කරන ට්‍රාන්ස්මීටර් වල විවිද අයුරින් නිර්මාණය කර ඇත.
මෙමඟින් තමයි මම කලින් කියපු ආකාරයට කොයිල් සහ කැපෑසිටර් භාවිතා නොකර අපට උවමනා සංඛ්‍යාතයට යොමුකිරීම සිදුකරන පරිපථය.( PLL - digital tuning) මේ පරිපථය සෑදීමේදී තමයි මට අයි.සී එකක් රටින් ගෙන්න ගන්න ඕන වුනා කියුවෙ.එනම් SAA1057 IC එක.නමුත් මේ කාළය වනවිට කොළඹ මේක ගන්න ඇති බොහෝ දුරට.
මෙහි අනිත් අය්.සී එක Pic IC එකක්.මෙය ප්‍රෝගෑම් කරගත යුතුය.ඒ කාර්යය නම් පහසුවෙන් කරගැනීමට පුලුවන්.මේ වනවිට කොළඹ වගේම පිට පලාත් වලත් PIC IC ප්‍රෝගෑම් KIT ගන්න තියේ.මම පහලින් ලබා දී ඇති ලින්ක් එක වෙත ගොස් hex ෆයිල් එක ලබාගෙන එය ප්‍රෝගෑම් කරගන්න.
ඉහලින් ඇත්තේ එම ටියුනින් පරිපථයයි.මෙහි PCB එක පහලින් පෙන්වයි.ඔබට මෙය PCB එකක් නිර්මාණය කරගැනීමට අපහසුනම් වෙරෝ බෝඩ් එකක හෝ ඩොට් බෝඩ් එකක හදාගන්න.මෙය PCB එකක හැදුවොත් නිමාව හොඳයි.ඒ හැරෙන්න ට්‍රාන්ස්මීටරය වගේ PCB එකකම හදන්න ඕන කියල අනිවර්ය නැහැ.
** Capacitors:
C1, C12 - 2,2 nF (ceramic)
C2, C9 - 10 nF (ceramic)
C3 - 47 uF (electrolytic)
C4 - 10 uF (tantalum)
C5 - 0,47 uF (electrolytic)
C6, C11 - 100 nF (ceramic)
C7 - 1 nF (ceramic)
C8 - 220 uF (electrolytic)
C10 - 22 pF (ceramic)
** Resistors:
R1 - 1k
R2 - 4k7
R3, R4, R5, R7 - 10k
R6 - 1k (optional)
R8 - 47k (optional, see below)
** Misc.:
IC1 - SAA1057
IC2 - PIC16F84 (programmed) + socket
IC3 - 78L05
X1 - 4 MHz crystal
D1 - LED diode (optional)
Tl1 - button (optional)
jumpers or DIP switches
Power supply: 8-15 V stabilized, 40 mA
Frequency range: 82,5-108 MHz
Step frequency: 100 kHz
RF input voltage range: 10-500 mV
RF input impedance: 135 ohm
** Pin meaning:
1 - tuning voltage (output)
3 - RF signal from oscillator (input)
2, 4 - ground
Tl1 - reset
PLL - digital tuning පරිපථය සෑදීමේදී පැන නගින ගැටළු කිහිපයක් තිබේ.ඒවා කරුණු වශයෙන් පෙළගස්වන්නම් පිළිතුරු සමගම.
1. මූලිකවම මෙය PCB එකක හෝ DOT Board එකක නිර්මාණය කරගැනීම.මෙය PCB එකක එකලස් කරගත්විට හොඳ නිමාවක් සහිතව තිබේ.එසේ කරගැනීමට අපහසු නම් DOT Board එකක එකලස් කලාටද කමක් නැහැ.
2. මෙම IC දෙකට IC බේස් යොදාගැනීම අනිවාර්ය.එසේ කිවුවේ යම්හෙයකින් IC එක පාස්සන විට අධිකව රත් වුවහොත් එය පිලිස්සී යා හැක.
3. මෙයට ලබාගන්න ක්‍රිස්ටල් (4 MHz crystal )එක නිවැරදිම අගය යොදන්න.මෙය සංඛයාත ආශිතව ඇති පරිපථයක් නිසා.
4. ප්‍රතිරෝදක භාවිතයේදී 5Band Coloer Resistor ලබාගන්න පුලුවන්නම් ඉතාමත් හොඳයි.එසේ 5Band Coloer Resistor ලංකාවේ ගන්න අඩුයි. 4Band Coloer Resistor හරි එයට යොදන්න. 4Band Coloer Resistor ලබාගන්න විට නිවැරදි අගයම යොදන්න. මොකද 5Band Coloer Resistor නැති නිසා.
5. (IC1) IC එක ප්‍රෝගෑම් කරගත යුතුය. hex ෆයිල් එක මම ළිපියේ ඉහලින් ලබාදී ඇත. එය ලබාගන්න.එය ප්‍රෝගෑමරයක් හරහා ප්‍රෝගෑම් කරගත යුතුය.එය එතරම් අපහසු නැත. hex ෆයිල් එක ලබාදී තිබෙන නිසා.
6. C4 ධාරිත්‍රකය (Capacitor) 10uf tantalum එකක්ම යොදන්න.මෙය ඉලෙක්ට්‍රෝලයිටික් ආකාරයේ ධාරිත්‍රකයකි.(+/-) සඳහන්ව පවතී.
7. (IC3) IC එක සඳහා 78L05 එකක් යොදන්න.මෙහිදී 78L05 එකක්ම සපයා ගැනීමට අපහසුනම් 7805 වුවද කමක් නැහැ.L අකුරෙන් පෙන්වන්නේ OUT කරන්න පුලුවන් ඇම්පියර් ගනන.මේ පරිපථය සඳහා එතරම් ලොකු ඇම්පියර් ගනනක් අවශය නැත.
8. TL1 සඳහා ශෝට් කරගන්න Pin දෙකක් අවශ්‍ය වෙන්නේ.ඒ සඳහා PUSH TO ON ස්විචයක් වුවද කමක් නැහැ.
9. IC2 කොළඹ ගන්න තියේද කියල බලන්න.යුදමය කාළයේ තමයි මම මේක මුලින්ම හැදුවේ.ඒ දින වලනම් ගන්න තිබ්බේ නැහැ.නමුත් දැන්නම් බොහෝ දුරට ඇති. මට මෙය ගෙනත් දුන්නේ මගේ යාළුවා.
10. DIP ස්ව්චය කොළඹ නම් ගන්න තියේ.එය ඉල්ලනවිට ස්විච් ගනන කියල ඉල්ලන්න ඕන.එය සපයා ගැනීමට අපහසුනම් ON/OFF ස්විච් තමයි ගන්න වෙන්නේ.නැත්නම් අපි දන්න සීඩී රොම්වල,DVD Card එකේ එහෙම තියෙන ජම්පර් තමයි ගන්න වෙන්නේ.
11. මෙහි PR කියා තිබෙන්නේ ජම්පර් එකකි.
මුල්ම ළිපියේදී මම සඳහන් කලා ළිපි තුනකින් හෝ හතරකින් මෙය අවසන් කරනවා කියා.නමුත් ළිපියට තවත් කරුණු එක් කිරීමට සිදු වුනා.එම නිසා ළිපි පෙළ තවත් ළිපි කිහිපයක් ඉදිරියට පෙල ගැසේවි.සිප්සල සමඟ රැඳී සිටින්න.ඔබගේ ප්‍රතිචාර වලට බෙහෙවින් ස්තූතියි.
ස්ටීරියෝ එන්කෝඩර් සහ ලිමීටර් පරිපථ හදමු-4W FM ට්‍රාන්ස්මීටරය-post 5 ::..
දැන් ගොඩක් දුරට ට්‍රාන්ස්මීටරයට අවශය මූලික පරිපථයන් සම්පූර්ණ කර අවසන්ය.
Limiter Circuit
මීලඟට ඉදිරිපත් කරන පරිපථය ට්‍රාන්ස්මිටරයට ශබ්ද තරංග පාලනය කරන එකකි.මෙය ට්‍රාන්ස්මීටරය ක්‍රියාත්මක වීමට අතයවශම පරිපථයක් නොවුනත් තවත් වැදගත් කොටසක් ලෙස සැලකෙනවා.ලිමීටර් පරිපථයකින් සිදුවන්නේ අපි පිටතින් (DVD Player එකකින්/Computer එකකින්) සපයන Audio Signal එකක් ගුනාත්මකව වගේම හඬ යම් කිසි පාලනයකට නතු කරමින් ට්‍රාන්ස්මීටරය වෙත යොමු කිරීමයි.මොකද අපි දන්න දෙයක් තමයි සිංදු 10ක් ගත්තොත් දහ විදියකට ශබ්දයේ හඬ අඩු/වැඩි කර රෙකෝඩ් කර තිබෙන්නේ.නමුත් ට්‍රාන්ස්මීටරයකට එසේ ශබ්ද තරංග ලිමීටරයක් නැතිව දුන්නොත් රේඩියෝවෙන් පැහැදිලි ශබ්දයක් ශ්‍රවනය කිරීමට අපට නොහැක.
මෙම පරිපථයටම සම්බන්ද වෙන තවත් පරිපථයක් තිබේ.එය වුවමනා වෙන්නේ රේඩියෝ චැනල් එකක ස්ටීරියෝ ශබ්දයක් ලබාගැනීමට.එයට කියන්නේ එන්කෝඩර් පරිපථය කියා.ස්ටීරියෝ කියන්නේ ඉතා උසස් ශ්‍රවන තත්වයක්.මම පහතින් ලබාදෙන්නම් ලිමීටර් පරිපථයටම සම්බන්ද කල එන්කෝඩර් පරිපථයත්.ඔබට එන්කෝඩරය අනවශය නම් ඉහත පරිපථය විතරක් ස්වාදන්නත් පුලුවන්.මෙම සියළුම පරිපථ කොටස් කෙසේද සම්බන්ඳ කරන්නේ කියල අන්තිමට රූප මාර්ගයෙන් පැහැදිලි කරන්නම්.
Supply voltage: 10-14 V stab.
Supply currents: 20 mA
Audio input: impedance 20 kOhm, optional preemphasis
Output voltage: 0,4 V rms
Dynamic range: >50 dB
උපකරණ ලයිස්තුව
Resistors:
R1 - 68 k
R2 - 22 k
R3 - 180 k
R4 - 10 M
R5 - 10 k
R6 - 47 R
R7 - 240 k
R8 - 1,5 k
R9 - 820 R
Capacitors:
C1 - 100 p (ceramic)
C2 - 1 n (plastic)
C3, C6, C12 - 100 n (ceramic)
C4, C11, C13 - 100 u (electrolytic)
C5 - 0,33 u (tantalum)
C7, C8 - 10 u (electrolytic)
C9 - 220 n (plastic)
C10 - 47 n (ceramic)
C14 - 470 n (plastic)
Misc.:
T1 - BF245C
T2 - BC556B, BC307
IC1 - LM386
ඉහතින් දක්වා ඇත්තේ සාමාන්‍යය ,ඉතා සරල Audio Limiter එකකි.
***********************************************
Stereo encoder
මීලඟ පරිපථය අවශය වන්නේ ස්ටීරියෝ විකාශනයක් විසිරුවා හැරීමට ඔබ ට්‍රාන්ස්මීටරය සකසනවා නම් පමනි.
මෙහිදී මෙම පරිපථයට බල සැපයුම ලෙස 12V ගත්තත්, එම IC එකට අවශය 2.4v-3v තරම් කුඩා Volt ප්රමානයකි. විවිද IC මෙම ස්ටීරියෝ එන්කෝඩර් පරිපථ සෑදීමට යොදා ගනී.NJM2035 වැනි IC එයට උදාහරණයකි. මෙහිදී මූලිකවම ගත්තම 38MHz ක්‍රිස්ටල් එක පරිපථයට අනිවාර්යය අංගයකි.මොකද ස්ටීරියෝ නම් උප තරංගය සැදීමට මෙය බොහෝ ඉවහල් වන නිසා.ස්ටීරියෝ තාක්ශනය ගැන ඉතාම අල්ප වශයෙන් හැඳින් වුවත් මෙය ඉතා පුලුල්ව ඉගෙන ගතයුතුය.එයට කාළය හරස්වන නිසා සහ පරිපථය සෑදීමට එය බල නොපාන නිසා එය පැහැදිලි කිරීම නතර කරන්නම්. එන්කෝඩර් සඳහා ඉතාම ජනප්‍රිය IC එකක් තමයි BA1404 කියන්නේ. මෙය කොළඹ ගන්න තියේ.38MHz ක්‍රිස්ටල් එකත් කොළඹින්ම හොයගන්න පුලුවන්.ගොඩක් දුරට ක්‍රිස්ටල් වැනි දේවල් පිට පලාත් වලින් සෙවීමට මහන්සි ගන්නවාට වඩා ගොඩක් හොඳයි කොළඹම යන එක. ඒ වගේම ක්‍රිස්ටල් හොයාගන්නම බැරිම නම් ඉහත රූපයේම සඳහන් කරල තියෙනවා 47PF එකකට සමාන්තරගතව සම්බන්ද කල ටිමර් එකක්.එය කෙසේ වෙතත් ක්‍රිස්ටල් එකම හොයාගන්න එක හොඳයි.
* තවත් වැදගත් කරුණක් නම් මේ පරිපථයට සබන්ඳ කරන ධාරිත්‍රක ඒ අගයෙන්ම සපයා ගැනීමට වගබලා ගන්න.
* NE 5532 IC එක තුලින් කුඩා වර්දනයක් ලබාදෙයි.
* IC එකට IC බේස් එකක් සවි කරන්න.
: ට්‍රාන්ස්මීටරයට ෆෝල්ඩඩ් ඩයිපෝල් ඇන්ටනාවක් හදමු-4W FM ට්‍රාන්ස්මීටරය-post 6 ::..
Antena
දැන් ට්‍රාන්ස්මීටර් ව්‍යාපෘතියේ අවසන් අදියරට පැමින තිබෙන්නේ.අවසන් අංගය විදියට තරංග විසිරුවා හැරීමට ඇන්ටනාවක් සැකසිය යුතුය.ඇන්ටනා වර්ග කොතෙක් තිබුනත් ට්‍රාන්ස්මීටර් වලට ගන්න ඇන්ටනා වර්ග කිහිපයක් තිබේ.මම මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නේ ෆෝල්ඩඩ් ඩයිපෝල් කියන ඇන්ටනාවයි.( Folded Dipole Antenna). තරංගයක් විසිරුවා හරින ක්‍රම දෙකක් තිබේ. තිරස් ක්‍රමයට සහ සිරස් ක්‍රමයට.
ඒ ක්‍රම දෙකටම ට්‍රාන්ස්මීටර් වල තරංග විසිරුවා හැරියත් බහුලව යොදා ගැනෙනුයේ සිරස් ක්‍රමයයි.මෙහිදී සකසන ඇන්ටනාව තම අභිමතය පරිදි එක සංඛ්‍යාතයකට පමනක් සැකසිය හැකිය.නැත්නම් පොදු ට්‍රාන්ස්මීටරයක් නම් සමහරවිට අපට සංඛ්‍යාතය සකස් කලයුතුය.ඒ නිසා පොදුවේ 88MHz-108MHz දක්වා සුදුසු ඇන්ටනාවක් සැකසීම සුදුසුය.
මෙහිදී ඇන්ටනාවක් සැකසීමේදී යම් සිද්ධන්නතයක් අනුගමනය කළ යුතුය.
යම් සමී කරණයකට අනුව දිග ,පළල තීරණය කල යුතුය.නමුත් එය මේ අවස්ථාවේදී විස්තර කිරීමට අපහසු බැවින් පොදු ඇන්ටනාවක් සාදන අයුරු මිනුම් සහිතව පැහැදිලි කරන්නම්.
මුලින්ම මේක හදන්න වුවමනා කරන භාණ්ඩ කීපයක් එක් රැස් කර ගන්න ඕන.
අඟල් 7,8 දිග පිරිසිඳු තඹ වයරයක් හෝ ටිකක් මහත තඹ කම්බියක් ගන්න.(TT වයර් හොඳයි)
අඟල් 10 දිග අඟල් 1 නලයක් ගන්න.
අඟල් 1 ටී ශොකට් එකක්.
අඟල් 1 එන්ඩ් කැප් 3.
අඟල් 1 බෙන්ට් එකක්.
කේබල් ටයි තුන හතරක්
C5 50 ohm කොඇක්සල් කේබල් එකක්.(අවශ්‍යය පරිදි. මතක ඇතිව කැළණි කේබල් එකක් ගන්න.)
පළමුව ඇන්ටනාව සෑදීමට දිග,පළල ගනනය කිරීම් කරගත යුතුය.
මුලින්ම සංඛ්‍යාතයේ මධ්‍ය අගය සොයන්න ඹ්න.
88MHz + 108MHz ÷ 2 = 98MHz
සංඛ්‍යාතයේ මධ්‍ය අගය:- 98MHz
λ= තරංග ප්‍රවේගය ÷ චැනලයේ තරංග සංඛ්‍යාත මධ්‍ය අගය
λ= 300000000 = 150
98 x 1000000 49
පිළිතුර සෙන්ටි මීටර් වලින් සොයමු.
150 x 100 =15000 = 306 cm
49 49
මෙම පිළිතුර 4 න් බෙදුවම තමයි ඩයිපෝලයේ පැත්තක දිග වෙන්නේ.පහත රූපයෙන් එය පැහැදිලි වේ.
දැන් ඉහත රූපයේ පරිදි මිනුම් වලට සකසා ගන්නට කලියෙන් ඔබ ලබා ගත්ත පිරිසිඳු තඹ කම්බිය හෝ වයරය (වඩාත් හොඳයි ට්ට් වයර්)වයරය ගෙන මිනුම් වලට කපාගන්නට මත්තෙන් පහත අයුරින් සකසා ගන්න.එම මුදුව කුඩාවට සකසා ගන්න.මෙපරිදි වයරය අග මුදුවක් සකසා ගන්න .
මේ විදියට අනෙක් පැත්තෙ වයරයත් සකසා ගන්න.ඉන්පසු මුදුවේ ගැටය ලඟ සිට සෙන්ටි මීටර් 76.5 මැනගෙන වයර් දෙකම කපාගන්න. පසුව පහත පරිදි වෙරෝ බෝඩ් කැබැල්ලක් ගෙන සිදුරු 4ක් විද ගන්න.මතක තබා ගන්න මැද දෙකේ පරතරය 1.25 විතර තබන්න.
එලෙස සාදාගෙන වම් පැත්තෙ සිදුරු දෙකට වයරය රූපයේ පරිදි ඇතුල් කර වයරයේ අග ටික සුද්දකර නොගැලවෙන සේ ඊයම් යොදා පස්ස ගන්න.අනෙකත් එසේම කරන්න. එවිට පහත රූපය වගේ පෙනේවි.
ඉන්පසු කොඇක්සල් කේබලය ඉහත අයුරින් පාස්ස ගන්න.පසුව පරිදි ටී ශොකට් “T” shocut එක ගන්න.එය තුලට වෙරෝබෝඩ් එක ඇතුල් කර පහලට කොඇසල් කේබලයද දෙපැත්තට ඉතිරි වයර් දෙකද සිටිනසේ සකසා ගන්න.
මෙය ඉතාමත් හිමින්සැරේ සීරුවට කලයුතුය.
පසුව අඟල් 1 PVC නලය ගෙන 80cm කැබලි දෙකක් කපා ගන්න. ඉන්පසුව ටී ශොකට් එකේ දෙපැත්තටම සවිකර ගන්න.
ඉහත රූපයෙ පෙනෙන පරිදි මුදුව බටයේ කෙලවරට පැමින තිබිය යුතුය. නැවත බට දෙකම ගලවාවයර් දෙකේම මුදු දෙකටම කේබල් ටයි දමා පහත රූපයේ පරිදි ලොක් කරගන්න.ඉන්පසු නැවත පීවීසී නල දෙකම සවිකරගන්න.එවිට නලයෙන් පිටට කේබල් ටයි පැමින ඇත.
ඉන්පසුව ඉහත රූපයේ පෙනෙන කළු පැහැ වොශර් එක වෙනුවට අපි ගත්තෙ එන්ඩ් කැප් දෙකක්.එ දෙකේම එකක සිදුරු දෙක බැගින් සිදුරු 4 විද ගන්න. පසුව ටිකක් ගනකම කම්බි කැබැල්ලක් ගෙන එහි කොකුවක් සකසා වයරයෙන් සෑදුව මුදුවට දමා ගන්න.ඉන්පසුව පරිස්සමෙන් කේබල්ටයිලොක් එක පන්නගෙන ගලවගෙන.
පසුව එන්ඩ් කැප් එකේ සිදුරකින් කේබල් ටයි එකක් දමා වයරයේ මුදුව තුලින් ගෙන නැවත එන්ඩ් කැප් එකේ අනෙක් සිදුර තුලින් උඩට මතුකරගෙන ලොක් එක දා ගන්න.නමුත් තදටම ලොක් එක දාන්න එපා.ප්සුව හෙමිහිට කම්බි කොකුව මුදුවෙන් පන්නල ඉවතට ගන්න.මේ අයුරින්ම අනෙක් පැත්තටත් සිදු කරන්න.ඉන් පසුව දෙපැත්තෙම එන්ඩ් කැප් දෙක සවිකර කේබල් ටයි දෙක හෙමීට ලොක් එක තද කරන්න.
පසුව පහත රූපයේ පෙනෙන පරිදි කොඇක්සල් කේබලය ඇති පැත්තටත් යම් දිගකින් යුත් නල කැබැල්ලක් කපාගෙන සවිකරන්න එයට අංශක 90 ශොකට් කැබැල්ල සවිකර තවත් පොඩි නල කැබැල්ලක් සවිකර කෙබලය පිටතට ගන්න.
පසුව ඉතිරි එන්ඩ් කැප් එක ගෙන එහි කේබලයෙ තරමට සිදුරක් විදගෙන ඒ තුලින් කේබලය යවා.කැප් එක සවි කරම්ම.ඔන්න ඇන්ටනාව නිමකර අවසන්ය.
වෘතීමය දිගු දුර 4W ට්‍රාන්ස්මීටරය ළිපි පෙළේ අවසන් ළිපිය සහ Full PDF එක ::..
ඉතින් යාළුවනේ ට්‍රාන්ස්මීටරය ගැන ළිපි පෙළ අවසන් කිරීමට කල් ගතවුනා වැඩිය.නමුත් කාර්යබහුලත්වය නිසා ප්‍රමාද කිරීමට සිදුවුනේ.මුල්ම ළිපියෙන් මම සඳහන් කලා ළිපි තුනකින් මෙය අවසන් කරන බව.නමුත් නව අංග එකතු කිරීමට සිදු වූ නිසා කොටස් ප්‍රමානය වැඩිවිය.අවසන් ළිපියෙන් මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ එකක් ඔයාලට අද මම ලබාදෙනවා.
PDF එක ලබාදී ඇති නිසා සම්පූර්ණව එය කියවන්න.පහල අයිකනය තුලින් එය ලබාගන්න.මෙය කියවා ගුණදොස්,අදහස් උදහස්,යෝජනා චෝදනා දාන්න අමතක කරන්න එපා.මම හදපු ට්‍රාන්ස්මීටරය පින්තූර සහිතව මීලඟ ළිපියෙන් ඉදිරිපත් කරන්නම්.මේ ළිපිපෙල අවසන් වෙනකන් රැඳී සිටිය ඔබ සැමට සහ නිතර ප්‍රශ්නඉදිරිපත් කරමින් නිවැරදි අවබෝදයක් ගත්ත මනෝද්‍ය ඔබටත් ස්තූතියි.
Read more at http://sipsala.blogspot.com/2014/03/4w-full-pdf.html#C4KLmMzQzOkkoCrR.99
ගොඩාක් වටිනා ලිපියක්...... බොහොම ස්තූතියි.........
ReplyDeleteමට db අගය පිළිබද පැහැදිලි කර දෙන්න පුළුවන්ද?
ReplyDelete