ඉලෙක්ට්‍රොනික්ස් පන්තිය 2.

ඔබ පියමනින්නේ ඉලෙක්ට්‍රොණික ලෝකයට.අද හැම දෙයක්ම ඉලෙක්ට්‍රොණික කරණය වී
ඇත.අපගේ ජීවිතය ද ඉලෙක්ට්‍රොණික උපාංග හා දක්වන්නේ සමීප සම්බන්දක්‌.නුතනයේ
පාසැල් විෂයට ද ඉලෙක්ට්‍රොණික විෂය ඉගෙනීමට පෙලබෙන සිසුන් ගනනද වැඩි වී
ඇත.මෙම ශේත්‍රය තුල රැකියා අවස්ථා බහුල ය.ජංගම දුරකතන,එදිනෙදා නිවසේ භාවිතා
කරන විදුලි උපකරණ අලුත්වැඩියාව ඔබට ඉගෙන ගත

හැකිනම් ඔබට තෘප්තිමත් විය හැකි අමතර ආදායම් මාර්ගයක්
විවර කර ගත හැකිය.ඇරත් මෙම විෂය ඉගෙනීම කවදාවත් අපතේ යන්නේ ද  නොවේ.තම
එදිනෙදා ජිවිතයේ කටයුතු වලට ඉලෙක්ට්‍රොණික දැනුම අද කාලේ නැතුවම බැරිය.ඔබ
අන්තර්ජාලයෙන් මුදල් උපයන්නාක් මෙන් මෙම විෂය පරිෂය ප්‍රගුණ කිරීමෙන් ඔබට
අසීමිතව අදායමක් ලද හැකිය.
බොහෝ දෙනා ඉලෙක්ට්‍රොණික විෂයට කැමතිය.මම ද
මෙම විෂයට කුඩා කල සිටම කැමැත්තෙන් සිටි අයෙකි.කෙදිනක හෝ මෙම විෂය
වැඩිදුරටත් ඉගෙන ගන්න බව මාගේ  අදිෂ්ඨානයක් විය. එහෙයින් කුඩා කල සිටම
විවිධ ඉලෙක්ට්‍රොණික උපාංග අතපත ගෑමටත් ඒවා ගලවා නැවත සවිකිරීමත් මාගේ
විනෝදාන්ශයක් විය.පසුව හොරණ වුර්තිය පුහුණු ආයතනයෙන් ඉලෙක්ට්‍රොණික පුහුණු
ප්‍රාඨමාළාවක්‌  හැදෑරීමෙන් මගේ අරමුණ වඩාත් සඵල විය.ඉලෙක්ට්‍රොණික විෂයට
අයත් මුලික හරය දැන ගැනීමෙන පසු එය ඉගෙනීම ඉතා පහසුය.ලංකාවේ පාසල් සිසුන්
ටත් අමතර ආදායම් මගක ඇතිකර ගැනීමටත් කැමති අයට මම ඉලෙක්ට්‍රොණික පාඩම්
මාලාවක් සංවිධානය කර ඇත.එය කාටත් නොමිලේ ලබාගත හැක.කොටස් වශයෙන් පල කෙරෙන
මම පාඩම් මාලාව හෙටදින අඩවිය ඔස්සේ ලබාදීමට මම සුදානමින් සිටිමි.කුඩා වයර්
කැබැල්ලේ සිට පරිඝනකය දක්වා දැනුම නොමිලේ ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත.














මුලික ඉලෙක්ට්‍රොනික් විද්‍යාව
1.ඉලෙක්ට්‍රෝන හා ධාරාව
ඔබ
ට මතක ඇති මම මිට පෙර පාඩමකින් ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන පොඩි
හැදින්වීමක් කළා.ඉතින් ඉලෙක්ට්‍රොනික විද්‍යාව මුල සිටම ඉතා සරලව ඉතා දීර්ඝ
ලිපි පෙළක් ලියන්න මම අදහස් කරනවා..ඔයාලා පියවරෙන් පියවර

හදාරන්න.විශේෂයෙන් මෙම විෂයට ඇල්මක් දක්වන හා මෙම විෂය
ආශ්‍රිතව විවිධ කාර්යයන් කරන අයට මෙය ඉතා වැදගත් වේවි.මෙම ලිපි වල සිංහල
ව්‍යාකරණ දෝෂ තිබුන හොත් සමාව අයදිනවා..
ඉලෙක්ට්‍රෝනය
ඔබ
වසන පරිසරයේ ඇති සියලුම ද්‍රව්‍ය සැකසී ඇත්තේ පදාර්ථ වලින්..ඉතින් ඒ
පදාර්ථයේ මුලික තැනුම් ඒකකය පරමානුවයි.පරමාණුවක් ඉතා කුඩා වන අතර එය නුතන
ප්‍රභලම අන්වික්ෂයකටවත් නැරබිය නොහැකියි.අප ආහාරයට ගන්න කුඩා සහල් ඇටයක
පරමාණු ට්‍රිලියන ගණනක් තිබේ.පරමානුවකද අංශු වර්ග 3 ක් ඇත.එනම් ප්‍රෝටෝන හා
නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝනය.මින් පරමාණුව මැද ඇත්තේ ප්‍රෝටෝන හා
නියුට්‍රෝනය.එම අංශු දෙක වටා ඉලෙක්ට්‍රෝන වලයාකාරව චලනය වෙමින් පවතී.එහෙත්
නියමිත මාර්ගයක මෙම ඉලෙක්ට්‍රෝන ගමන් නොකරයි.සකස් වී ඇති ද්‍රව්‍ය අනුව
පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වලාව වෙනස් වේ.අප ලෝහ කම්බියක්  තුලින් විද්‍යුත්
ධාරාවක් ලෙස ලබා ගන්නේ මෙම ඉලෙක්ට්‍රෝන ධාරාවකි.ඇත්ත වශයෙන්ම ලෝහ හොඳ 
විද්‍යුත් සන්නායක වේ.එයට හේතුව ලෝහ වල පරමාණුවල බාහිර ඉලෙක්ට්‍රෝන වලාවේ
ඉතා ලිහිල්ව බැඳී ඇති ඉලෙක්ට්‍රෝන පැවතීමය.මෙම ඉලෙක්ට්‍රෝන අපට වෙනත්
ප්‍රභවයකින් ලැබෙන ඉලෙක්ට්‍රෝන පිඩනයකින් එක් දිසාවකට චලනය කිරීමට සලස්වා
විද්‍යුත් ධාරාවක් නිර්මාණය කල හැක.අපගේ නිවසට ලැබෙන 230 v ධාරාව විදුලි
බලාගාර වලදී කාන්දම් බලය මගින් සන්නායක කම්බි ගොනුවක ඇතිකරනු ලබන විද්‍යුත්
පීඩන වෙනස මගින් ඇතිවන ඉලෙක්ට්‍රොන ධාරාව ක් ලෙස
හැදින්විය හැක.











ඉලෙක්ට්‍රොණික්ස් පන්තිය 3.







අද මම ඉලෙක්ට්‍රොණික්ස් පන්තියෙන් ධාරිත්‍රක ගැන කියලා දෙන්නම්.ධාරිත්‍රක
නැත්නම් කන්ඩෙන්සර් එහෙමත් නැතිනම් කැපෑසිටර් ලෙස හඳුන්වන මේවායේ ප්‍රධාන
කාර්ය වන්නේ තාවකාලිකව විදුලිය ප්‍රමාණයක් ගබඩා කිරීමයි.එසේ ගබඩා වන විදුලි
ප්‍රමාණය එයි ධාරිතාව මත වෙනස් වේ.ධාරිත්‍රක වර්ග දෙකකි.


1.අග්‍ර භේදයක් ඇති වර්ගය.
2. අග්‍ර භේදයක් නැති වර්ගය.
අග්‍ර
භේදයක් ඇති වර්ගයකට උදාහරණ වන්නේ බොහෝවිට බල සැපයුම් පරිපථවල
ඇති.ඉලෙක්ට්‍රොලිටික් ධාරිත්‍රකය..මේවා තනා ඇත්තේ ඇලුමිනියම් පත්‍ර දෙකක්
හා විද්‍යුත් විච්චේද්යක් මගිනි.මේවායේ අග්‍ර නිවැරදිව පරිපතයට සවි කල
යුතුය.නැති නම් ඒවා විනාශ වියයි.
අග්‍ර භේදයක් නැති වර්ගයක් වන්නේ සෙරමික් ධාරිත්‍රකය.පරිප්පු ඇටයක හැඩය ඇත.විවිධ වර්ණයෙන් හා විවිධ හැඩයෙන් ඇත.





















මෙම සියලුම ධාරිත්‍රක වල අගය මනින සම්මත ඒකකය වන්නේ ෆැරඩ් (F) ය.එය නැනෝ ෆැරඩ්,මයික්‍රෝ ෆැරඩ් හා පිකෝ ෆැරඩ් ලෙස කුඩා ඒකක වලින් ඇත.
මම කන්ඩෙන්සර් වල ඇතිවිය හැකි දෝෂ තුනකි.
1.කාන්දු වීම LEAK
2.OPEN වීම.
3.DRY වීම
මෙම දෝෂ සියල්ල මල්ටිමීටරය මගින් හදුනා ගත හැක.








ඉලෙක්ට්‍රොණික්ස් පන්තිය 4.







  ඉලෙක්ට්‍රොණික් පන්තියෙන් අද අපි මල්ටිමීටරය ගැන කතාකරමු.මෙම විෂයට
නැතුවම බැරි උපාංගයක් වන්නේ මෙයයි.මෙමගින් වයර් කැබැල්ලේ සිට IC උපකරණයක්
දක්වා ඕනෑම උපාංගයක් පරික්ෂා කිරීමට හැක.විශේෂයෙන් ගුවන් විදුලි හා
රූපවාහිනී කාර්මික ශිල්පයේදී මෙය ඉතා වැදගත්.LED බල්බ නිෂ්පාදනයේදීත් LED
නාමපුවරු නිර්මානයේදීත් මෙය අවශ්‍ය විය හැක.අද කාලයේ ඉතා සංකීර්ණ
මල්ටිමීටර් තිබුනත් ඔබගේ ආධයුනික කටයුතු සඳහා සාමාන්‍ය ප්‍රමාණයේ
මල්ටිමීටරයක් සෑහෙනවා.

මල්ටිමීටර් වර්ග.
1.ප්‍රතිසම මල්ටිමීටරය.(Analog multimeter)
2.සන්ක්‍යංක මල්ටිමීටරය.(Digital multimeter)

                                        ප්‍රතිසම මල්ටිමීටරය.(Analog multimeter)




මෙය ඉතා පහසුවෙන් භාවිතා කල හැක.මිලෙන්ද අඩුය.එහෙත් මෙහි අගයන් සියයට
සීයක් නිවැරදිව ලබා ගත නොහැක.යම් වෝල්ටීයතාවක් මනිනේ යයි සිතමු.එවිට එය
අවසාන දශම ස්ථාන වලට පෙන්වන්නේ නැත.ic ආදී උපාංග නැති නිසා මෙහි ඇතිවන දෝෂ
අඩුය.






සන්ක්‍යංක මල්ටිමීටරය.(Digital multimeter)
මෙහි
ඉලක්කම් වලින් පෙන්වන ඩිජිටල් තිරයක් ඇත.එය LCD තිරයකි.ඕනෑම අගයක් අවසාන
දශම ස්ථාන වලට මැන ගත හැක.මෙය මිලෙන් අධික මෙන්ම වැරදි ආකාරයට භාවිතා
කිරීමකදී පහසුවෙන් විනාශ විය හැක.මෙම මල්ටිමීටර් භාවිතයෙන් උපාංගවල දෝෂ
හදුනා ගන්නා අයුරු ඊළඟ පන්තියෙන් කතාකරමු.

Comments

  1. ස්තුතියි ඔබගේ පාඩම් මාලාවට මූලික ඉලෙක්ට්‍රොනික් සදහා වීසය නිර්දේශයක් තියනවාද

    ReplyDelete
  2. ඔබට ස්තූතී සර්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Network Commands

මෙන්න එහෙනම් Proxy list එක ...

ඉලෙක්ට්‍රොණික පන්තිය..