CCNA පාඩම් මාලාව IV
CCNA® 9 - Reset Password මුරපද සැකසුම් සකසන ආකාරය ගැනයි අපි කතා කලේ කලින් පාඩමේ. ඉතින් විවිධ හේතූන් නිසා අපි එක් එක් Mode එකට දාන මුරපද අමතක වෙන්න පුලුවන්. ඉතින් අපි බලමු කොහොමද මුරපදයක් අමතක උනොත් කොහොමද ඒ මුරපදය නැවත සකසා ගන්නේ හරි මුරපදය මගහැර ලොග් වෙන්න බැරි රවුටරයට ලොග් වෙන්නේ කියලා. අපි මුලින් පාඩමක කතා කලා රවුටරයේ Mode ගැන. හැම තැනදිම මේ Mode භාවිතා වෙන නිසා වැදගත් පාඩම් කොටසක්. ඉතින් මතක නම් එතනදී අපි කිවුවා රවුටරයේ තියෙනවා කියලා ROM Monitor Mode කියලා එකක්. මේ Mode එක ඉතාමත් වැදගත් වෙනවා රවුටරයට ලොග් වෙන්න බැරි ආකාරයෙන් Password එක අමතක නම් මේ හරහා ලොග් වෙන්න පුලුවන්. රවුටරය බූට් වෙන මුල් අවස්ථාවේම යතුරුපුවරුවේ Ctrl key එකයි Break key එකයි එකට Press කලාම මේ Mode එකට යන්න පුලුවන්. අපි මුලින්ම දැනගන්න ඕනේ පොඩි සැකසුමක් තියෙනවා. ඒ තමයි Configuration register කියන්නේ. රවුටරයක් සැකසුම් සකසද්දි මේ Configuration register එක ගැන පොඩි අදහසක් තියාගෙන් ඉන්න ඕනේ. අපි බලමු කොහොමද මේක බලන්නේ කියලා. අපිට ඒ වෙනුවෙන් show version කියන විදානය බාවිතා කරන්න පුලුවන්...