CCNA පාඩම් මාලාව IV














මුරපද සැකසුම් සකසන ආකාරය ගැනයි අපි කතා කලේ කලින් පාඩමේ. ඉතින් විවිධ
හේතූන් නිසා අපි එක් එක් Mode එකට දාන මුරපද අමතක වෙන්න පුලුවන්. ඉතින් අපි
බලමු කොහොමද මුරපදයක් අමතක උනොත් කොහොමද ඒ මුරපදය නැවත සකසා ගන්නේ හරි
මුරපදය මගහැර ලොග් වෙන්න බැරි රවුටරයට ලොග් වෙන්නේ කියලා.



අපි මුලින් පාඩමක කතා කලා රවුටරයේ Mode ගැන. හැම තැනදිම මේ Mode භාවිතා වෙන
නිසා වැදගත් පාඩම් කොටසක්. ඉතින් මතක නම් එතනදී අපි කිවුවා රවුටරයේ
තියෙනවා කියලා ROM Monitor Mode කියලා එකක්. මේ Mode එක ඉතාමත් වැදගත්
වෙනවා රවුටරයට ලොග් වෙන්න බැරි ආකාරයෙන් Password එක අමතක නම් මේ හරහා ලොග්
වෙන්න පුලුවන්. රවුටරය බූට් වෙන මුල් අවස්ථාවේම යතුරුපුවරුවේ Ctrl key
එකයි Break key එකයි එකට Press කලාම මේ Mode එකට යන්න පුලුවන්.



අපි මුලින්ම දැනගන්න ඕනේ පොඩි සැකසුමක් තියෙනවා. ඒ තමයි Configuration
register කියන්නේ. රවුටරයක් සැකසුම් සකසද්දි මේ Configuration register එක
ගැන පොඩි අදහසක් තියාගෙන් ඉන්න ඕනේ. අපි බලමු කොහොමද මේක බලන්නේ කියලා.
අපිට ඒ වෙනුවෙන් show version කියන විදානය බාවිතා කරන්න පුලුවන්.



Router>show version

Cisco IOS Software, 2800 Software (C2800NM-ADVIPSERVICESK9-M), Version 12.4(15)T1, RELEASE SOFTWARE (fc2)

Technical Support: http://www.cisco.com/techsupport

Copyright (c) 1986-2007 by Cisco Systems, Inc.

Compiled Wed 18-Jul-07 06:21 by pt_rel_team

cisco 2811 (MPC860) processor (revision 0x200) with 60416K/5120K bytes of memory

Processor board ID JAD05190MTZ (4292891495)

M860 processor: part number 0, mask 49

2 FastEthernet/IEEE 802.3 interface(s)

239K bytes of NVRAM.

62720K bytes of processor board System flash (Read/Write)



Configuration register is 0x2102



show version විදානය ලබාදුන්නාම අපිට දැකගන්න ලැබෙනවා අවසානයේ
Configuration register  කියන ස්තානයේ තිබෙනවා කිසියම් අගයක්. උදාහරණයේ
දැක්වෙන්නේ 0x2102 ලෙසිනුයි.
ඉතින් අපි රවුටරයක සැකසුම් සකසාගෙන ඉදිරියට යද්දි අපි දැනගන්න ඕනේ වටිනාම
සැකසුමක් තමයි මේ  Configuration register  කියන්නේ. හරි, දැන් මේ අගය
බලගෙන අපි ඊලගට බලමු කොහොමද  ROM Monitor Mode  එකෙන් කොහොමද ඉතිරි සැකසුම්
සකසා ගන්නේ කියලා.



මං මෙතනදී මුලින්ම කරන්නේ රවුටරය රීස්ටාට් කරලා ROM Monitor Mode  එකට යන
එක. ඒකට යන හැටි මතකද? අමතක නම් රවුටරය රීස්ටාට් වෙන මුල් අවස්ථාවේදීම Ctrl
key එකයි Break key එකයි එකට එබුවාම අපිට ඒ Mode එකට යන්න පුලුවන්.



Router#reload

Proceed with reload? [confirm]

%SYS-5-RELOAD: Reload requested by console. Reload Reason: Reload Command.

System Bootstrap, Version 12.1(3r)T2, RELEASE SOFTWARE (fc1)

Copyright (c) 2000 by cisco Systems, Inc.

cisco 2811 (MPC860) processor (revision 0x200) with 60416K/5120K bytes of memory



Self decompressing the image :

####################################

monitor: command "boot" aborted due to user interrupt

rommon 1 >









ඉතින් ඔන්න අපි ROM Monitor Mode  එකට ආවා. ඒහෙම ආවා කියලා දැනගන්නේ rommon
1 > ලෙසින් පවතිනවා නම් පමණයි. ඊලගට අපි තවත් විධානයක් බාවිතා කරනවා. ඒ
තමයි confreg විදානය. ඒ සමග අපි show version විදානයෙන් බලාගත්
Configuration register   අගයත් යොදනවා. උදාහරණයේ හැටියට නම් සම්පූර්ණ
විදානය වෙන්නේ confreg 0x2102 කියන එකයි.



rommon 1 > confreg 0x2102

rommon 2 > reset

System Bootstrap, Version 12.1(3r)T2, RELEASE SOFTWARE (fc1)

Copyright (c) 2000 by cisco Systems, Inc.

cisco 2811 (MPC860) processor (revision 0x200) with 60416K/5120K bytes of memory



Self decompressing the image :

################################# [OK]









මෙතනදී confreg 0x2102 විදානය ලබාදුන් පසුව රවුටරයේ සියලුම සැකසුම්
නිෂ්පාදිත මට්ටමට පැමිණෙනවා. ඉන්පසුව ROM Monitor Mode එකේ ඉදලා අපි රවුටරය
රීස්ටාට් කරන්න ඕනේ.



සාමානයයෙන් නම් රවුටරය රීස්ටාට් කරන්නේ
reload විදානයෙන් බව ඔයාලා දැන් දන්නවා. නමුත් මතක තියාගන්න ROM Monitor
Mode ඉදලා රවුටරය රීස්ටාට් කරන්නා බාවිතා කරන්නේ reset විදානයයි. 




ඉතින් ඔන්න රවුටරයේ දාල තිබුණ පාස්වර්ඩ් එහෙම අයින් වෙලා අලුත් රවුටරයක්
විදියටම හම්බෙනවා. එතකොට මතක තියාගන්න ඕනේ විදාන කීපයක් ගැන අපි කත කලා.




  1. show version

  2. reload

  3. confreg 0x2102

  4. reset




ඉතින් මේ විධාන මතක තියාගන්න ඕනේ. මේවා ඉදිරි පාඩම් වලදිත් යම් යම් වෙනස් කම් සහිතව දැකගන්න ලැබේනවා.

----------------------------------------------------------------------------------------------------------------------------















දැන් ඔයාලට රවුටරයේ CLI එක හරහා විදාන ලබාදෙමින් එක් එක් වෙනස්කම් කරන්න
පුලුවන් ඇති කියලා හිතනවා. ඉතින් ඉදිරි වැඩ සදහා ඕනේ කරන තවත් විදාන කීපයක්
ගැන ඉගෙන ගෙනම ඊලග පාඩම් වලට ගියොත් හොදයි කියලා හිතුන නිසයි අතරමගදී මේ
ආකාරයෙන් ආයෙමත් විදාන ගැනම ලියන්න හිතුනේ. මොකද මේ හැම විදානයක්ම අපිට
රවුටරයක් වින්‍යාසගත කිරීමේදී අතරගමදී බාවිතා කරන්න විදු වෙන නිසා දැන්
දැන්ම දැනගෙන ඉන්න එක තමයි හොද.







show version 



කලින් පාඩමකදී අපි කතා කලා show version කියන විදානය ගැන. ඒ
හරහා දැනට රවුටරයේ බාවිතා වන Configuration Register value, IOS image එකේ
තොරතුරු රවුටරයේ දෘඩාංග වල විස්තර වැනි දේ දීර්ඝව බලාගන්න පුලුවන්. 




Router>show version

Cisco IOS Software, 2800 Software (C2800NM-ADVIPSERVICESK9-M), Version 12.4(15)T1, RELEASE SOFTWARE (fc2)

Technical Support: http://www.cisco.com/techsupport

Copyright (c) 1986-2007 by Cisco Systems, Inc.

Compiled Wed 18-Jul-07 06:21 by pt_rel_team

cisco 2811 (MPC860) processor (revision 0x200) with 60416K/5120K bytes of memory

Processor board ID JAD05190MTZ (4292891495)

M860 processor: part number 0, mask 49

2 FastEthernet/IEEE 802.3 interface(s)

239K bytes of NVRAM.

62720K bytes of processor board System flash (Read/Write)



Configuration register is 0x2102







show history



මේ විදානය හරහා කලින් අපි රවුටරය එක්ක් ගණුදෙනු කරන්න භාවිත කළ විදාන
සියල්ලම බලාගන්න පුලුවන්. ඒ කියන්නේ විදාන වල ඉතිහාසය. හදිසියේවත් රවුටරයේ
වෙනස්කමක් වෙලා හරි වෙනත් කෙනෙක් ලොග් වෙලා වෙනස් කමක් කරලා හරි තියෙනවා
කියලා හිතෙනවා නම් මේ විදානය හරහා ඒ සියලුම විදාන බලාගන්න පුලුවන්.



Router#show history

show history

show clock

copy running-config startup-config

erase write

erase startup-config

show history

Router#



show run



මේ විදානය බාවිතා කිරීමෙන් අපිට පුලුවන් Running Configuration එක ගැන විස්තර බලාගන්න. 




Router#show run


Building configuration...




Current configuration : 450 bytes


!


version 12.4


no service timestamps log datetime msec


no service timestamps debug datetime msec


no service password-encryption


!


hostname Router








hostname




පරිගණක් ජාලයක රවුටර් බොහෝ ගණනක් පවතින අවස්ථාවකදී ඒ එක් එක් රවුටරය
අදුනාගන්න නම් එක් එක් නමින් රවුටර් නම් කරන්න ඕනේ. කොහොමද අපි ඒ වැඩේ
කරගන්නෙ? ඒ වෙනුවෙනුත් විදානයක් තියෙනවා. මේ විදනය බාවිතා කරන්න ඕනේ Gable
Configuration Mode එකේ ඉදගෙනයි.hostname විදානයට පස්සේ රවුටරයට ලබාදෙන්න
ඕනේ නම ටයිප් කරන්න. 





Router#configure terminal


Enter configuration commands, one per line.  End with CNTL/Z.


Router(config)#hostname helpitlanka


helpitlanka(config)#









banner motd #




රවුටරයට ලොග් වන අවසථාවලදී දකින්න ලැබෙන ආකාරයෙන් බැනර් එකක් දාගන්න ඕනේ
නම් මෙ විදානය හරහා ඒ දේ කරගන්න පුලුවන්. මේ විදනය බාවිතා කරන්න ඕනේ Gable
Configuration Mode එකේ ඉදගෙනයි.





helpitlanka>enable


helpitlanka#configure terminal


Enter configuration commands, one per line.  End with CNTL/Z.


helpitlanka(config)#banner motd # HelpITLanka Eranda Keerthi Dayawansa #


helpitlanka(config)#^Z


helpitlanka#


%SYS-5-CONFIG_I: Configured from console by console


helpitlanka#copy run start


Destination filename [startup-config]? 


Building configuration...


[OK]


helpitlanka#reload


Proceed with reload? [confirm]









මේ විදානය බාවිතා කරන්නේ Gable Configuration Mode එකේ ඉදාලා නිසා අපි ඒ සැකසුම NVRAM වල සුරක්ෂිත කරන්න ඕනේ. ඒ සදහා copy run start විදානය හෝ එහෙම නැතිනම් write විදානය බාවිතා කර රවුටරය රීලෝඩ් වීම සදහා reload විදානයත් බාවිතා කරන්න ඕනේ. විදානය අවසානයේ රීලෝඩ් උනාට පස්සේ පහල රූපයේ ආකාරයෙන් අපි දාපු බැනර් එක බලාගන්න පුලුවන් 





Comments

Popular posts from this blog

Network Commands

මෙන්න එහෙනම් Proxy list එක ...

ඉලෙක්ට්‍රොණික පන්තිය..