CCNA පාඩම් මාලාව II

















රවුටරයක් කොහොමද පරිඝනකයට සම්බන්ධ කරගන්නේ  කියන එක ගැන දළ අවබෝධයක් දැන්
ඔයාලට ඇති. ඉතින් මින් මතුවට අපි කරන්න සූදානම් වන්නේ CLI එහෙම නැතිනම්
Command Line Interface එක හරහා රවුරටයේ එක් එක් ආකාරයේ වෙනස් කම් කරන්නයි.
ඉතින් ඒ වෙනුවෙන් අපිට රවුටරක්  ඕනේ කරනවා. නමුත් මේ පෝස්ට් එක කියවන
ඔයාලා හැමෝටම රවුටරයක් ගන්නවත් ප්‍රායෝගිකව රවුටරයක ක්‍රියාකාරකමක්
කරන්නවත් අවස්ථාවක් ලැබේවි කියලා හිතන්න අපහසුයි. මොකද රවුටරයක් මිල
අධිකයි. ඒ නිසා එක එක්කෙනාට ගන්න හැකියාවක් නෑ. ක්‍රියාකාරී රවුටරයක් තුල
ප්‍රායෝගිකව මේ ක්‍රියාකාරකම් test කරන්න ලැබෙන්නෙත් නෑ. මෙන්න මේ  ආකාරයේ
ගැටලු නිසා රවුටරයක් ගැන ඉගෙන ගන්නවා නම් ඒ වෙනුවෙන් නිර්මාණය කළ කල්පිත
රවුටරයක් (Virtual Router) එකක් භාවිතා කරන්න වෙනවා. ඒ වෙනුවෙන් CISCO
විසින්ම නිර්මාණය කළ මෘදුකාංගයක් තිබෙනවා. ඒ තමයි Packet Tracer. මේ හරහා
එක් එක් ආකාරයේ රවුටරයන් බාවිතා කරමින් ඇත්ත රවුටර් පරිසරයක වැඩ කරන
ආකාරයෙන්ම පරිගණක ජාලයක් සාදා එහි සැකසුම් වින්‍යශගත කිරීම සහ ගැටලු
විසදීම් වැනි කාර්යයන් සරළව හා නිවැරදිව කරගන්න පුළුවන්.







Packet Tracer වලත් වෙනත් මෘදුකාංග වල වගේම විවිධ සංස්කරණයන් පවතිනවා. දැනට
 5.3.3 වැනි සංස්කරණයකින් අපිට CCNA වලදී කරගන්න ඕනේ කරන ක්‍රියාකාරකම්
කරගන්න පුලුවන්. ඉතින් 5.3.3 සංස්කරණය පහතින් දක්වලා තිබෙන ප්‍රොටෝකෝලයන්ට
සහය දක්වනවා.



LAN: Ethernet (including CSMA/CD), 802.11 a/b/g/n wireless, PPPOE

Switching: VLANs, 802.1q, trunking, VTP, DTP, STP, RSTP, multilayer switching, Etherchannel, LACP, PAgP

TCP/IP: HTTP, HTTPS, DHCP, DHCPv6, Telnet, SSH, TFTP, DNS, TCP,
UDP, IPv4, IPv6, ICMP, ICMPv6, ARP, IPv6 ND, FTP, SMTP, POP3,
VOIP(H.323)

Routing: static, default, RIPv1, RIPv2, EIGRP, single-area OSPF, multi-area OSPF, BGP, inter-VLAN routing, redistribution

Other: ACLs (standard, extended, and named), CDP, NAT (static, dynamic, inside/outside, and overload), NATv6

WAN: HDLC, SLARP, PPP, Frame Relay

Security: IPsec, GRE, ISAKMP, NTP, AAA, RADIUS, TACACS, SNMP, SSH, SYSLOG, CBAC, Zone-based policy firewall, IPS

Qos: Layer 2 Qos, Layer 3 Diffserv Qos, FIFO Hardware queues, Priority Queuing, Custom Queuing, Weighted Fair Queuing, MQC, NBAR



ඉතින් මේ තියන සමහර වචන නම් තේරුන් නැතිව ඇති. ඉදිරියේදී මේවා ගැන විස්තර
කරනවා.  Packet Tracer මෘදුකාංගය නොමිලේ භාගත කරගන්න පුලුවන් පහලින් දක්වලා
තියෙන ලින්කු වලින්. මෙහි Packet Tracer මෘදුකාංගය සහ එය භාවිතා කරන ආකාරය
ඇතුළත්  tutorial ගොනුවකුත් දැකගන්න පුලුවන්. මේවා වින්ඩෝස් සහ ලිනක්ස්
මෙහෙයුම් පද්ධති දෙකටම අදාලව බාගත කරගන්න පුලුවන්.




Windows:






Title


Document Type 


and Download link

Packet Tracer v5.3.3 Application + Tutorial

This
is the complete Packet Tracer Program including tutorials as a single
downloadable package for Windows 2000, XP, Vista, and 7
Download(.exe - 81 mb)
Packet Tracer v5.3.3 Application only

This
option is just the Packet Tracer program and the help files for Windows
2000, XP, Vista, and 7. It does not include the tutorial files. The
tutorial files are not necessary to run Packet Tracer.
Download(.exe - 49MB)



Linux














Title


Document Type 


and Download link

Packet Tracer v5.3.3 

Application + Tutorial Linux-Ubuntu
This is the complete Packet Tracer Program including tutorials as a single downloadable package for Ubunto release 7.10.






(BIN - 103 mb)

Packet Tracer v5.3.3 Application only Linux-Ubuntu
This
option is just the Packet Tracer program and the help files for Ubuntu
release 7.10. It does not include the tutorial files. The tutorial files
are not necessary to run Packet Tracer.


(BIN - 100 MB)

Packet Tracer v5.3.3 Application + Tutorial - Generic Ubuntu
This is the complete Packet Tracer program including tutorials for generic Ubuntu.


(tar.gz - 104 MB)

Packet Tracer v5.3.3 Application + Tutorial Linux-Fedora
This is the complete Packet Tracer program including tutorials as a single downloadable package for Fedora release 7.


(BIN - 71MB)

Packet Tracer v5.3.3 Application only Linux-Fedora
This
option is just the Packet Tracer program and the help files for Fedora
release 7. It does not include the tutorial files. The tutorial files
are not necessary to run Packet Tracer.


(BIN - 68 MB)

Packet Tracer v5.3.3 Application + Tutorial Generic Fedora
This is the complete Packet Tracer program including tutorials for generic Fedora.


(BIN - 71MB)






ඉහතින් බාගත කරගත් මෘදුකාංගය සරලවම පරිඝණකයට ස්ථාපිත කරගන්න පුලුවන්.







ඉතින් මේ මෘදුකාංගය මත ඉදගෙනයි අපිට ඉදිරියේදී වැඩකරන්න වෙන්නෙ. පොදුවේ
මේවාට කියන්නේ Network Simulation මෘදුකාංග කියලා. මීට කලිනුත් එවැනි
මෘදුකාංගයක් ගැන විස්තර කලා. මෙතනින්
ඒ ගැන් බලන්න පුලුවන්.  හැබැයි සරළ ක්‍රියාකාරකම් කීපයක් හැට  Cisco
Packet Tracer වලින් තරම් රවුටරයක් තුළට පිවිසිලා සැකසුම් සකස් කිරීම වැනි
දේ මේවායින් කරන්න බැහැ.





-------------------------------------------------------------------------------------------------------------------------



















Packet Tracer මෘදුකාංගය භාගත කරගන්නා ආකාරය සහ එහි වටිනාකම ගැන පොඩි
පැහැදිලි කිරීමකිනුයි ගියවර පෝස්ට් එක අවසන් කළේ. ඉතින් Packet Tracer එක
හරහා සරල පරිගණක ජාලයක් නිර්මාණය කරගන්න එක නම් ඒ තරම් දෙයක් නෙමෙයි. කුඩා
පරිගණක ජාලයක ඉදන් අතිශයින් සංකීර්ණ පරිගණක ජාලයින් නිර්මාණය කර ඒවා
පරීක්ෂා කිරීම කරන්නත් Packet Tracer යොදාගන්නවා කියලා ඔයාලා දන්නවනේ.
ඉතින් ඒ ගැන වැඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ වෙන්නේ නැතිවෙයි. මොකද
ඉදිරියේදී නිතරම අපි Packet Tracer තුළ වැඩි කාලයක් ගත කරන නිසා අපිට ඒ
පිළිබද හොද අත්දැකීමක් ලබාගන්න පුලුවන් වෙයි. එහෙනම් වැඩි කතා නැතිව අපි
රවුටරයක් CLI එක හරහා වින්‍යාසගත කරන්න පටන් ගමු.



එතනදී අපි අදුනාගන්න ඕනේ වැදගත්ම කරුණු කීපයක් තිබෙනවා. කලින් පාඩමකදී
රවුටර් එකේ Interface කියලා එකක් තියනවා කියලා කිවුවා. ඉතින් මේ මොන
Interface එකෙන් රවුටරයට ලොග් වුනත් අපි ලොග් වෙන්න ඕනෑ රවුටරයේ Modes
වලටයි. ඒ කියන්නේ එක් එක් Modes වලදී රවුටරය තුළ කරන්න පුලුවන් එක් එක්
ආකාරයේ වෙනස්කම්. අපි බලමු මොනවද මේ රවුටරයේ Modes කියලා.




  1. User Mode

  2. Enable / Privilege Mode

  3. Global Configuration Mode


ඉතින් මේ එකින් එක් ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය ලබාගන්න නම් මේ
ආකාරයෙන් න්‍යායාත්මක දැනීම ලබාගන්නවා වගේම ප්‍රායෝගිකවත් ඒ දැනීම ගන්න
ඕනේ. ඉතින් මේ දෙකම එකම වෙලාවෙම කරගන්න පුලුවන් නම් වඩා හොදයි.  Packet
Tracer මෘදුකාංගය හරහා ඔයාලා කැමති ආකාරයේ රවුටරයක් ලබාගෙන එහි සැකසුම් වලට
යන්න. පහල රූපයේ ආකාරයෙන් එය විවෘත වේවි










මෙහි Physical ලෙසින් දක්වන්නේ තෝරාගන්නා ලද රවුටරයේ පෙනුමයි. Config යනු
එහි සැකසුම් සකස් කිරීම වෙනුවන් ඇති GUI එකක් කිවුවොත් පැහැදිලි වේවි. CLI
එක් ගැන නම් දන්නවනේ. CLI එකෙන් තමයි විධාන භාවිතා කරමින් සැකසුම් සකසන්නේ.
ඒ සැකසුම්වලින්ම කොටසක් ඕනේ නම් Config මෙනු එක් හරහාත් හදාගන්න පුලුවන්. 








මෙ පෝස්ට් එකේදි පමණක් මේ සරලව මේවා කියන්නේ. ඊලගට කෙලින්ම CLI එකේ ඉදලමයි
අපි විදාන භාවිතා කරන්නේ. රවුටරය පරිගණකයට සම්බන්ධ කරගත්තාම අපි Hyper
terminal වැඩසටහන හරහා terminal එකක් තනාගෙන සිදුකරන වැඩේමයි මෙතනදී අපි
 CLI එක හරහා කරන්නේ. 








රවුටරයට මුලින්ම විදුලිය ලබාදුන් අවස්ථාවේ එය බූට් වීමේදී ඉහල රූපයේ
ආකාරයෙනුයි දකින්න ලැබෙන්නේ. ඉතින් අපි මින් පසුව බලමු ඉහතින්
දක්වපු Router Modes සහ ඒවාට ලොග් වීමට බාවිතා කරන විධානයන් මොනවද කියලා. 




 User mode 





රවුටරයේ සැකසුම් සැකසීම ආරම්භ වන්නේ පහල රූපයේ ආකාරයෙන්












මෙතනදී දැනට අපි 'n' බාවිතා කරලා ඉදිරියට යමු. ඊලගට අපිට හැකියාව ලැබෙනවා router prompt එකට යන්න. 









ඉතින්  දැන් ඔයාලා බලනවා ඇති මෙතන Press RETURN to get started කියන
එකේ RETURN  කියන්නේ මොන කී එකද කියලා. මෙතන RETURN  කියන්නේ Enter කී
එකයි.



දැන් අපි රවුටරයේ මේ ඉන්නේ User mode එක. මතක තියාගන්න එහෙනම්  Router> ලෙසින් තිබෙන ඕනෑම තැනක අපි ඉන්නේ User mode එකේ. මෙතනදී අපිට පුලුවන් වන්නේ රවුටරයේ සැකසුම් බලාගන්න පමණයි. සැකසුම් සකසන්න හෝ ඒවා සුරක්ෂිත කරන්න වගේ දේවල් මෙහිදී කරන්න බෑ. 






Privilege mode



User mode එකේ සිට ඊලගට පිවිසෙන්න පුලුවන් Privilege mode එකටයි.
මෙය Enable Mode එක කියලත් කියනවා. මේ Mode එක තමයි රවුටරයේ සැකසුම් සකසන්න
තිබෙන Mode එක. එයට ඇතුලත් වන්න නම් User mode එකේ සිට enable ලෙසින්
ටයිප් කර එන්ටර් කරන්න.








ඉතින් මෙතනදිත් මතක තියාගන්න රවුටරයේ CLI එක තුල Router# ලෙසින් පවතිනවා
නම් අපි ඉන්නේ Privilege mode එකේ. මේ Mode එකෙන් අයින් වෙන්න ඕනේ නම් එහෙම
නැතිනම් User mode එකට යන්න ඕනේ නම් සරලව disable කියල ටයිප් කරලා Enter
කරන්න.




ඉතින් මෙතනදී එහෙම නැතිනම් Privilege mode එකේදී භාවිතා කරන්න පුලුවන් එක්
එක් ආකාරයේ විදානයන් ගොඩක් පවතිනවා.  ඉදිරියේදී ඒ එක් එක් විධාන ගැන වැඩි
විස්තර දැනගන්න පුලුවන්. 






 Global Configuration Mode




මේ තමයි අනිත් වැදගත්ම Mode එක. එයට ඇතුලත් වෙන්න නම් Privilege mode එකේ ඉදලා configure terminal විදානය බාවිතා කරන්න ඕනේ  








ඉතින් ඕනේම අවස්ථාවක මේ Mode එකෙන් අයින් වෙන්න නම් එක්කෝ exit විදානය
බාවිතා කරන්න ඕනේ. නැතිනම් කී බෝඩ් එකෙන් <CTL>+z කියන කී දෙක බාවිතා
කරන්න ඕනේ. එතනින් ඉවත් වෙලා Privilege mode එකටයි එන්නේ.




ඉතින් මෙතනදී අපි විධානයන් කීපයක් අදුනාගත්තා. ඒ තමයි enable, configure
terminal, exit කියන ඒවා. ඉදිරියේදීත් මේවා හැමතැනම වගේ බාවිතා වෙනවා.
අකුරු නිවැරදිව ටයිප් කිරීම නම් මෙහිදී වැදගත් වෙනවා වගේම නොදන්න විදානයක්
නම් ? සලකුණ මගින් බලාගන්න පුලුවන්. ඒ වගේම Tab කී එක මගින් බාගයක් ටයිප්
කල විධානයක් සම්පූර්ණ කරගන්න පුලුවන්. මේ සියල්ලම ඉදිරි කටයුතු වලට
අතිශයින් වැදගත් වෙනවා. ඒ වගේම රවුටරය තුළත් කෙටි මං පවතිනවා. ඒවා මතක
තබාගන්න එක කෝකටත් පහසුසුවෙනවා. ඉක්මනින් රවුටරයක් Configure කරගන්න ගියාම
මේවා ගොඩක් වටිනවා.



Ctrl + A type කල command එකක මුලට නැවතත් cursor එක අරන් යන්න


Ctrl + B type කල command එකේ අකුරක් පසුපසට cursor එක අරන් යන්න


Ctrl + D එක් අකුරක් මකන්න

Ctrl + E type කල command එකක අගට cursor එක අරන් යන්න

Ctrl + F type කල command එකේ අකුරක් ඉදිරිපසට cursor අරන් යන්න

Ctrl + Z configuration mode එකෙන් අයින් වෙලා Privilege/Enable Mode එකට ගන්න






Tab අසම්පූර්ණ command සම්පූර්ණ කරගන්න

? ඔබ type කල command එක හා සම්බන්ධ කල හැක් අනෙකුත් command  බලාගන්න



Ctrl + P or Up arrow අවසානයට Router එකට ඇතුලත් කල command එක බලන්න

Ctrl + N or Down arrow මුලින් Router එකට ඇතුලත් කල command එක බලන්න

Comments

Popular posts from this blog

Network Commands

මෙන්න එහෙනම් Proxy list එක ...

ඉලෙක්ට්‍රොණික පන්තිය..