CCNA පාඩම් මාලාව III
CCNA® 7 - Simple Router Command 1
ප්‍රධාන Router Modes ගැනයි අපි කතා කරමින් උන්නේ. එතනදී Router Modes 3
ගැන අපි කතා කලා. ඒ එක් එක් ආකාරයන් ගැන තවදුරටත් ප්‍රායෝගික ක්‍රියාකාරම්
එක්කම ඉදිරියේදී පැහැදිලි කරනවා. ඉතින් මේ Router Modes 3 ට අමතරව තවත්
එක් Router Modes එකක් තිබෙනවා. ඒ තමයි ROM Monitor Mode කියන එක.
ROM Monitor Mode
මේ Mode එක ඉතාමත් වැදගත් වෙනවා රවුටරයට ලොග් වෙන්න බැරි ආකාරයෙන් Password
එක අමතක නම් මේ හරහා ලොග් වෙන්න පුලුවන්. රවුටරය බූට් වෙන මුල් අවස්ථාවේම
යතුරුපුවරුවේ Ctrl key එකයි Break key එකයි එකට Press කලාම මේ Mode එකට
යන්න පුලුවන්.
ඉතින් මේ විදියට කී Press කරපුවාම පහල රූපයේ ආකාරයෙන් රවුටරය සැකසෙනවා. පසු
පාඩමකදී මේ හරහා කොහොමද අමතක වුණ මුරපදයක් නැවත recovery කරගන්නේ කියලා
බලමු.
මේ ආකාරයෙන් ප්‍රධාන වටුටර් Mode 4 අදුනාගැනීමත් සමග අපිට හැකිවෙනවා මේ එක්
එක් Mode එක හරහා කරන සැකසුම් වලට පිවිසෙන්න. ඉතින් අලුත්ම රවුටරයක්
බාවිතා කරන මුල්ම අවස්ථාවේදී එහි කරන්න ඕනේ වෙනස්කම් කීපයක්ම තිබෙනවා. ඉන්
මූලික වන්නේ එහි වේලාව වෙනස් කිරීම. ඔන්න දැන් මතක තියාගන්න ඕනේ අපිට
වෙනස් කමක් කරන්න ඕනෙ නම් මොන Mode එකේද ඉන්න ඕනේ කියලා. ඉතින් සැකසුම්
සකසන්න නම් අපි යන්න ඕනේ Privilege mode එකටයි. එහෙනම් කැමති රවුටරයක් හරහා
Privilege mode එකට යන්න. මේ Mode එකේ ඉදගෙන අපි පහල විධාන භාවිතා කරමු.
clock
මේ විධානය අවසානයේ "?" ලෙසින් සටහන් කල සැනින් අපිට පුලුවන් වෙනවා වේලාව සැකසුම් සකසන කොටසට යන්න.
set
ඉන් පසුව ඉහල විදානය ? සමග ලබාදෙන්න
clock set වලට පස්සේ hh:mm:ss ආකාරයෙන් අදාල වෙලාව ලබාදෙන්න.
ඊලගට අදාල මාසය සලකුණු කරළා ? ඔබන්න. ඊලගට දිනය ලබාදී ? එබීමෙන් පසු අදාල
වර්ෂය ලබාදී ? ඔබන්න. අවසානයේ <cr> ලෙසින් සටහන් වෙන තැනට ආවාම අපි
ආරම්භ කළ clock විධානය අවසන් වෙන බව ඉන් හැගවෙනවා.
ඊලගට ආයෙමත් Enter කී එක එබීමෙන් පසු අපි මුලින පිවිසුන Privilege mode
එකට එන්න පුලුවන්. මේ විධානයන් ටික දිග වැඩි වගේ නම් කෙලින්ම එක් විධානයක්
භාවිතා කරලත් මේ දේම කරගන්නත් පුලුවන්.
clock set 3:27:10 june 21 2013
මේ ආකාරයෙන් විදානය ලබාදීලත් ඉහතින් පියවරින් පියවර කල දේ එක් වරම කරගන්නත් පුලුවන්.
ඉතින් මේ ආකාරයෙන් සැකසුම් සකසාගත්ත රවුටරයේ වෙලාව ආයෙමත් පහල විදානයෙන් හරිද කියලා බලාගන්න පුලුවන්.
show clock
ඉතින් පැහැදිලියි නේද එක් එක් දේ කරගන්න ඊටම අදාළ විදානයක් තියෙනවා වගේම ඒ දේ කරගන්නත් අපි යන්න් ඕනේ අදාල තැනක් තියෙනවා කියලා?
------------------------------------------------------------------------------
CCNA® 8 - Set Password
කලින් පාඩමේදී අපි කතා කලේ කොහොමද රවුටරයි වේලාව සකසන්නේ කියලා ඉතින් විධාන
කීපයක් භාවිතා කරලත් එක් විධානයක් භාවිතා කරලත් ඒ දේ කරගන්න හැටි රූප
රාමුත් එක්ක පැහැදිලි වෙන්න ඇති කියලා හිතෙනවා. ඉතින් ඉදිරියටත් මේ
ආකාරයෙන් සියලුම විධාන අපිට බාවිතා කරන්න වෙන්නේ Cisco Packet Tracer
මෘදුකාංගය හරහායි.
ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ රවුටරයේ මුරපද සකසන්නේ
කියලා. ඔයාලා දන්නවා රවුටරයක් කියන්නේ පරිගණක ජාලයක මුලින්ම ඉන්න
දෘඩාංගයක්. එය බිද වැටුනොත් සම්පූර්ණ් පරිගණක ජාලයම බිද වැටෙනවා. ඉතින් අපි
ප්‍රායෝගිකව රවුටර් භාවිතා කරද්දි එක් එක් ලෙවල් සදහා එක් එක් මුරපද
භාවිතා කරනවා. මේ කියන කතාව තව ටිකකින් හොදටම පැහැදිලි වේවි.
රවුටරයක් ගත්තාම එහි මුරපද යොදන ස්ථාන කීපයක්ම දැකගන්න පුලුවන්. ඒවා තමයි
- Console Password
- Telnet Password
- Enable Normal Password
- Enable Secret Password
ඉතින් මේ එක් එක් මුරපද සකසන ස්ථාන හා සකසන හේතු එකිනෙකට වෙනස් වෙනවා. අපි බලමු එක් එක් මුරපද කොහොමද සකසන්නේ කියලා.
Console Password
අපි මුල් පාඩම් වලදී කතා කලා විවිධ ආකාරයෙන් රවුටරයට ලොග් වෙන්න එහෙම
නැතිනම් සම්බන්ධ වෙලා එක් එක් සැකසුම් සකසන්න ක්‍රම කීපයක් භාවිතා කරනවා
කියලා. ඉන් එක් ක්‍රමයක් තමයි Console කේබල් එකක් හරහා සම්බන්ධ වීම. ඉතින්
මේ ආකාරයෙන් සම්බන්ධ වෙනවා නම් ඒ වෙනුවෙන් භාවිතා කරන්න පුලුවන් ආකාරයෙන්
නිර්මාණය වුණු මුරාපදයකටයි Console Password එකක් කියන්නේ. ඉතින් ඔයාලා
දැන් දන්නවා එක් එක් වෙනස්කම් කරන්න නම් අපි ඉන්න් ඕනේ Mode තියනවා කියලා.
Mode ගැන අමතක නම් මෙතනින්
ආයේ කියවලා එන්න. නැත්නම් මේ පාඩම පැටලෙනවා. හරි, එහෙනම් අපි Console
Password එකක් දාන්න නම් රවුරටයේ Global Configuration Mode එකට යන්න ඕනේ.
අපි Cisco Packet Tracer මෘදුකාංගය හරහා හදාගත්ත රවුටරයකින් ප්‍රායෝගිකව
මේ මුරපද ලබාදීම කරන ගමන්ම පාඩම ඉදිරියට කරගෙන යමු.
වැදගත් - දැන් අමතක නම් කොහොමද Global
Configuration Mode එකට යන්නේ කියලා රවුටරය බූට් උනාම ඒ කියන්නේ
Router> වල ඉදලා enable විදානයෙන් Router# පැමිණ එතනදී config
විදානයෙන් යන්න පුලුවන්.
ඉතින් මේ ඉහල රූපයේ ආකාරයෙන් විදාන සියල්ල ලබාදුන් පසුව අපිට හැකියාව
තියෙනවා අපේ රවුටරයට Console Password එකක් සකසා ගන්න. අපි මෙහි එක් එක්
විදානයන් පැහැදිලි කරගනිමු.
config
මේ ගැන අපි කලින් කතාකලා.
line console 0
අපි ලොග් වෙන්න බලාපොරොත්තු වන Console එක අදුන්වා දීමට බාවිතා වන විදානය.
login
අදාල Console එකට ලොග් වෙන්න බාවිතා වන විදානය.
password 123
මුරපද ලබාදීමට බාවිතා වන විදානය වන්නේ password. ඉන් අනතුරුව අපි බලාපොරොත්තු වන මුරපදය ලබාදෙන්න ඕනේ.
#^Z
Global Configuration Mode එකෙන් අයින් වෙන්න අපි බාවිතා කරන්නේ ctrl+z විදානයයි. එය රවුටරයේ CLI එකේදි දකින්න ලැබෙන්නේ ඉහත ආකාරයෙන්
write
ඊලගට අපි ලබාදුන්නා මුරපදය සුරක්ෂිත කරන්න ඕනේ. ඒ කියන්නේ රවුටරයේ මතකය තුළ තැන්පත් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් මේ විදානය බාවිතා වෙනවා.
ඉතින් පැහැදිලි වෙන්න ඇති මේ විදාන ටික. මෙතනදී අපි දීර්ඝව පැහැදිලි කලාට
ඉදිරියේදී නම් එහෙම එක් එක් විදානයන් පැහැදිලි කරන්න යන්නේ නෑ. විශේෂ
විදානයක් පමණක් මෙහෙම පැහැදිලි කරන්නම්. හොදයි අපි ඊලගට බලමු මේ ලබාදුන්
මුරපදය හරියට වැඩ කරනවද කියලා.
මෙතනදී අපිට තව විදානයක් බාවිතා කරන්න වෙනවා. අපි මේ ලබාදුන් මුරපද හරියට
ක්‍රියාත්මක වෙන්න නම් එක් වරක් රවුටරය රීස්ටාට් කරගන්න ඕනේ. ඒ වෙනුවෙන්
අපිට බාවිතා කරන්න පුලුවන් reload විදානය.
ඒ විදානයෙන් රීස්ටාර් වෙන රවුටරය ඊලග ලොග් වීමේදී අපි ලබාදුන්න මුරපදය ඉල්ලනවා.
Telnet Password
ඉහත ආකාරයට අමතරව අපිට තවත් ආකාරයකට මුරපද ලබාදෙන්න පුලුවන්. ඒ
තමයි Telnet සේවාව හරහා ලොග් වීමේදී මුරපදයක් ලබාදීම. මුලින්ම Packet
Tracer හරහා රවුටරයක් හා පරිගණකයක් ලබාගන්න. ඉන්පසුව පරිගණකයට කුමන හෝ IP
ලිපිනයක් ලබාදෙන්න. මං උදාහරණයේදී බාවිත කරන්නේ 10.1.1.1 කියන ලිපිනය.
රවුටරයටත් ඒ Range එකෙම IP එකක් දාගන්න ඕනේ
ඊලගට රවුටරයකට IP සැකසුම් සකසාගන්නා ආකාරය අපි බලමු. ඒ වෙනුවෙන් බාවිතා වන
විදානයන් ටික පහලින් දක්වලා තිබෙනවා. මුලින්ම අපි ඉන්න් ඕනේ Global
Configuration Mode එකේ. ඊලගට interface fastethernet 0/0 විදානය බාවිතා
කරන්න ඕනේ. එතනදී වෙන්නේ IP සැකසුම් සකසන්න අදාල කොටසට විධානය යොමුවීම.
හොදින් බැලුවොත් පෙනේවි Global Configuration Mode එකේ විදානය අවසානයේ
දකින්න ලැබෙන්නේ Router(config-if) ලෙසිනුයි. ඊලගට ip address විදානය
බාවිතා කර අපිට ලබාදෙන්න ඕනේ කරන IP ලිපිනය සහ Subnet එක ලබාදෙන්න.
උදාහරණයේ ලෙසින් මං බාවිතා කලේ 10.1.1.10 255.0.0.0 කියන IP රේන්ජ් එකයි.
ඉන් අනතුරුව අවසානයේ no shutdown විදානය ලබාදෙන්න. මෙ ගැන අපි ඉදිරියේදී
වැඩිදුර කතා කරන නිසා මේ විදානයන් ගැන වැඩිය කලබල වෙන්න එපා.
Router>enable
Router#config
Configuring from terminal, memory, or network [terminal]?
Enter configuration commands, one per line. End with CNTL/Z.
Router(config)#interface fastethernet 0/0
Router(config-if)#ip address 10.1.1.10 255.0.0.0
Router(config-if)#no shutdown
ඉතින් දැන් පරිගනකයට හා රවුටරටර IP සැකසුම් සකසා අවසන්. ඊලගට අපි බලමු කොහොමද Telnet මුරපදයක් සකසන්නේ කොහොමද කියලා.
Router(config)#line vty 0 4
Router(config-line)#password helpitlanka
Router(config-line)#^Z
Router#
%SYS-5-CONFIG_I: Configured from console by console
Router#write
අපි ඒ සදහාත් ඉන්න ඕනේ Global Configuration Mode එකේ. ඉතින් Global
Configuration Mode එකට යන හැටි මුල ඉදලම දැන් කියන්න ඕනේ නෑ කියලයි මං
හිතන්නේ. ඉතින් Global Configuration Mode එකේ ඉදගෙන ඊලගට line vty 0 4
කියන විදානය ලබාදෙන්න. එතනදී Router(config-line) කියන තැනට යනවා. ඊලගට
password වලට පස්සේ ඔබට ලබාදෙන්න ඕනේ මුරපදය ලබාදෙන්න. මං උදාහරණයේ ගත්තේ
helpitlanka කියන මුරපදයයි.
ඊලගට අපි මේ කරගත්ත සැකසුම් රවුටරයේ සුරක්ෂිත කරන්න ඕනේ. ඒ වෙනුවෙත් අපි
write විදානය ලබාදෙන්නේ Privilege mode එකේ ඉදගෙනයි. ඉතින් මේ Privilege
mode එකටත් අපිට මුරපද සකසන්න පුලුවන්. ඒවා ප්‍රධාන කොටස් 2 වෙනවා. ඒවා
තමයි,
Normal Password
Secret Password
මේවායෙත් මුරපද සැකසුම් සකස් කිරීම එකිනෙකට වෙනස්. අපි බලමු කොහොමද මුලින්ම Privilege mode එකට Normal Password එකක් සකසන්නේ කියලා.
Router>enable
Router#config
Configuring from terminal, memory, or network [terminal]?
Enter configuration commands, one per line. End with CNTL/Z.
Router(config)#enable password helpitlanka
Router(config)#^Z
Router#
%SYS-5-CONFIG_I: Configured from console by console
Router#write
Building configuration...
[OK]
Router#
මෙතනදී enable password වලට පසුව යෙදිය යුතු පාස්වර්ඩ් එක ලබාදෙන්න. ඊලගට
අපි බලමු Privilege mode එකට Secret Password එකක් සකසන්නේ කොහොමද කියලා.
ඉතින් මෙතනදී අපි දැනගන්න් ඕනේ දෙයක් තියනවා. ඒ තමයි අනෙක් මුරපද මෙන් නොව
Secret Password එක encrypt ආකාරයෙන් පවතින බව. මුරපදයක් encrypt වෙනවා
කියන්නේ එහි ආරක්ෂාව අධික වෙනවා කියන එක. අපි බලමු කොහොමද රවුටරයේ සැකසුම්
සකසන්නේ කියලා.
Router(config)#enable secret helpitlanka
Router(config)#^Z
Router#
%SYS-5-CONFIG_I: Configured from console by console
Router#write
Building configuration...
[OK]
Router#
ඉතින් enable secret කියන්නේ මේ වෙනුවෙන් භාවිතා වන විධානය. එයින් පසුව
අදාල මුරපදය ලබාදෙන්න. මන් උදාහරණ ලෙස ගන්නේ එකම මුරපදය වුනත් ආරක්ෂාව
උපරිම වෙන්න නම් එක් එක් Mode එක වෙනුවෙන් එකිනෙකට වෙනස් මුරපද ලබාදීම
කියන්නේ රවුටරයේ ආරක්ෂාව වැඩි වීමක්. තවත් වැදගත් දෙයක් තියනවා. ඒ තමයි
මෙතනදී අපි ලොග් වෙන්නේ Privilege mode එකට. Privilege mode එකට ලොග්
වෙන්න මුරපද 2ක් දැන් අපිට තියෙනවා. ඔයාලා ගැටලුවක් ඇති Privilege mode එක
වෙනුවෙන් කොයි මුරපදයද බාවිතා කරන්නේ කියලා. ඉතින් මතක් තියාගන්න අපි
මුරපද දෙකම සැකසුම් කලොත් Privilege mode එකට ලොග් වෙන්න බාවිතා කරන්න ඕනේ
Secret Password එක කියලා.
ඉතින් මේ කියන Secret Password එක තියෙන්නේ encrypt ආකාරයෙන් කියලා අපි
මුලින් කිවුවා. අපි බලමු කොහොමද ඒ encrypt ආකාරයෙන් මුරපදය පවතින්නේ
කියලා. ඒ වෙනුවෙන් අපිට පුලුවන් show run විදානය බාවිතා කරලා රවුටරයේ දැනට
පාවිච්චි කරන තොරතුරු එහෙම නැතිනම් Running Configuration වල තොරතුරු
බලාගන්න.
Router#show run
Building configuration...
enable secret 5 $1$mERr$I2boQ15RpWjUT4e8ozkqg/
enable password helpitlanka
විදානය ලබාදුන්නාම ඉහල තියෙන ආකාරයෙන් අපිට අපි ලබාදුන්න මුරපද දෙක
පෙන්නනවා. බලන්න Secret ආකාරයේ මුරපදයට අපි ලබාදුන්නේ helpitlanka කියන
මුරපදය උනත් මෙහි දක්වන්නේ $1$mERr$I2boQ15RpWjUT4e8ozkqg/ කියන අකුරු ටික.
ඉතින් encrypt වෙනවා කියන එක ගැන ඔයාලට දැන් පොඩි අදහසක් ලැබෙන්න ඇති.
ඉතින් මේ ආකාරයෙන් මුරපද සකසන්න නම් දැනගෙනම ඉන්න ඕනේ. ඒක විභාගයට ඇහුවත්
නැතත් ප්‍රායෝගිකව රවුටරයක් සැකසුම් සකසනවා නම් මුරපද යෙදීම කරන්නම වෙනවා.
එහෙම මුරපද නොයොදා බාවිතා කිරීම නම් ඒ තරම් හොද දෙයක් නොවෙන බවයි මගේ
අදහස.
Comments
Post a Comment