Photoshop vi



Jul

26


 | Image එකකට අමුතු ගතියක් දෙමු…










                  


               ඔන්න මාස ගානකට පස්සෙ මම ආයෙ බ්ලොග් එක පැත්තට ආවා. එක එක වැඩයි විභාගයි හින්ද බ්ලොග් එක කරගෙන යන්න බැරි වුන එක ගැන මම ඔයාලගෙන් සමාව ඉල්ලනව. දැන් වැඩ ටිකක් අඩු වුන හින්ද ආයෙමත් බ්ලොග් එක කරගෙන යන්න පුලුවන් වෙයි කියල මම හිතනව. එහෙනම් ඔන්න අළුත්ම ෆොටෝශොප් වැඩ කෑල්ලක් එක්ක තමයි මම ආවෙ. වැඩිය කතා නැතුව අපි යමු එහෙනම් ටියුට් එක බලන්න….




අද මම ඔයාලට ගේන්නෙ ගොඩක්ම ලේසි ටියුට් දෙකක්. ටියුට් ලේසි හින්ද මම ටියුට් දෙකම එකම පෝස්ට් එකේ දානව.




ඔයාල ගාව තියන ෆොටෝ වලට අමුතු ගතියක් දෙන්න ඔයාල කැමතිද? එහෙනම් මේ තියෙන්නෙ ඒකට කියාපු ක්‍රම දෙකක්.




පළවැනි ක්‍රමය




1) මුලින්ම ඔයාලගෙ ෆොටෝ එක Photoshop එකට ගන්න (Drag and Drop)








2) දැන් Layer Palette එකට ගිහින් එතන තියන Background ලේයර් එක Right-click කරල Layer from Background කියන එක ක්ලික් කරන්න. දැන් ආයෙමත් Right-click කරල Duplicate Layer කියන එක ක්ලික් කරන්න.




 






3) මීලඟට අපි අලුතෙන් හදාගත්ත Layer 0 copy එක සිලෙක්ට් කරල Filter Menu එකේ Blur කියන Sub Menu එකේ Gaussian Blur කියන එකට යන්න. ඉන්පසු ඔයාලට කැමති අගයක් Radius එකට දාල Ok කරන්න. නමුත් ෆොටෝ එකේ තියන දේවල් නොපෙනෙන තරමට අගය වැඩි කරන්න එපා.




 






 4) දැන් ආයෙමත් Layer Palette එකට ගිහින් අපි Blur කරපු ලේයර් එක සිලෙක්ට් කරල ඊට උඩින් Normal කියල තියන Layer Type එක Overlay කියන එකට මාරු කරන්න.





දැන් කොහොමද ෆොටෝ එක. මේ තියෙන්නෙ මගෙ Output එක.





(Click to Enlarge)


දෙවෙනි ක්‍රමය




1) කලින් වගේම ඉස්සෙල්ලම ඔයාලගෙ ෆොටෝ එක Photoshop එකට ගන්න (මේ ෆොටෝ එකේ යම් කිසි වස්තුවක් කැපී පෙනෙන විදිහට තමයි අපි එඩිට් කරන්න යන්නෙ. ඒ නිසා එයට ගැලපෙන ෆොටෝ එකක් පාවිච්චි කරන්න).










2) දැන් කලින් වගේම Background ලේයර් එක Layer from Background කරගෙන Duplicate කරගන්න.




මීලඟට අපි Duplicate කරපු ලේයර් එක සිලෙක්ට් කරගෙන Toolbar එකෙන් Lasso Tool එක අරගෙන ෆොටෝ එකේ අපිට කැපිල පේන්න ඕනෙ වස්තුව (මේකෙ නම් මේ මල) වටේට ඒ වස්තුවේ හැඩය එන විදිහට සිලෙක්ට් කරගන්න (Click කරල pointer එක ඇදගෙන යන්න).




 








 3) දැන් අපේ Selection එක උඩ Right Click කරල Feather එකක් දෙන්න. 50 වගේ අගයක් මේකට ගැලපෙනව.




 




4) දැන් මේ Feather එක දුන්න කොටස උඩ Right Click කරල Layer via Copy කියන එක ක්ලික් කරන්න. මීලඟට අපි අලුතෙන් හදපු ලේයර් එකට පහලින් තියන ලේයර් එක සිලෙක්ට් කරගන්න.








 5) මීලඟට Filter Menu එකේ Brush Strokes කියන Sub Menu එකේ Sprayed Strokes කියන එකට යන්න. ඒකෙ අගයන් ඔයාලට කැමති විදිහට දාන්න. (මෙහි Sprayed Strokes කියන filter එක නැතුව ඔයාලට කැමති filter එකක් දාගන්න පුලුවන්).








කොහොමද Output එක… මෙන්න මගේ Output එක…












Comments

Popular posts from this blog

Network Commands

මෙන්න එහෙනම් Proxy list එක ...

ඉලෙක්ට්‍රොණික පන්තිය..