Photoshop viii
Mar
22
Photoshop භාවිතයෙන් ඇනිමේශන් එකක් සාදා
Photoshop වලින් animated gif එකක් හදන විදිය තමයි මම අද කියන්න යන්නෙ. Photoshop වල මේ පහසුකම තිබුනත් ගොඩක් අය මෙක පාවිච්චි කරන්නෙ නෑ. Photoshop, Imageready ගැන දන්නවා නෙ. මම කියන්නම් ලෙලදෙන සිංහ කොඩියක් හදාගන්න විදිය. එහෙනම් වැඩෙ පටන් ගමු.
Photoshop run කරගන්න. ඒකෙ animation window එක පේන්නෙ නැත්නම් Window >Animation තොරන්න.
මුලින්ම සිංහ කොඩියක් අපිට ඔනෙ වෙනවා එක ෆොටොශොප් වලින් Open කරගෙන Double click කරලා layer එක unlock කරගන්න(ඉබ්බගෙ සලකණ උඩ ක්ලික් කරන්න).
Free Transform (Ctrl + T ) අරගෙන Alt+Shift එකයි ඔබාගෙන image එකෙ කොනකින් අල්ලගෙන size ටිකක් අඩු කරගන්න.
Image-> rotate canvas > 90 CW දිලා Duplicate layer ගිහින් තව layer 3ක් හදාගන්න (ඔක්කොම ලෙයර් 4ක් ඇති).
Animation Window එකට ගිහින් Duplicate Current Frame ක්ලික් කරලා frames 4ක් හදන්න.
පලවෙනි frame එක ක්ලික් කරලා “layer 0″ විතරක් visible කරන්න.
දෙවෙනි frame එක ක්ලික් කලා “layer 0 copy” visible කලා අනිත් layers hide කරන්න.
මේ වගේම අනිත් දෙකත් හදාගන්න(මෙ විදියට කරගත්තම ඉතුරු වැඩවලට පහසුයි) .
“Layer 0″ highlight කරගෙන Filter> Distort > Shear ගිහින් මෙ
විදියට කරන්න(මතක තියාගන්න frame1 එක මේ හදන්නෙ) “Layer 0″
මේ වගෙ අනිත් frames ටිකත් එකින් එක හදා ගන්න.
“Layer 0 copy”
“Layer 0 copy 2″
“Layer 0 copy 3″
Image > Rotate Canvas > 90 CCW කරන්න Animation Window එකෙ හියෙන frames ඔක්කොම සිලෙක්ට් කරගෙන Delay time එක 0.2ක් කරන්න(Ctrl key එක press කරගෙන select කරන්න).
ඔයා හදපු එක play කරාම මේ වගෙ පෙනෙවී.
මේකෙ එච්චර ගතියක් නෑ නෙ. මෙක Edit > Transform >Wrap ගිහින් layer හතරම මේ විදියට හදා ගන්න. ඔයාට හිතෙන විදියට කොඩියක් ලෙලෙදෙන විදිය ටිකක් පේනෙන විදියට හදාගන්න. සාමන්‍යයෙන් කොඩියක එක පැත්තක් මොකකට හරි සවි කරලා නෙ තියෙන්නෙ. ඒ පැත්ත එච්චර ලෙලෙදිමක් වෙන්නෙ නැ නෙ අනිත් පැත්තෙ උඩ කොටස තමයි ගොඩක් එහා මෙහා වෙන්නෙ.
දැන් නම් ටිකක් හරි වගෙ නෙ
ඒත් මේක තාත්වික නෑ නෙ. මේකෙ එලිය අදුර පෙන්නෙ නෑ. ඒකත් හදා ගමු.
“layer 0″ click කරන්න Magic Wand Tool එක අරගෙන එකෙ Background එකෙ තැනක් ක්ලික් කරලා Select කරගන්න පස්සෙ select> inverse දෙන්න(දැන් කොඩිය විතරක් select වෙලා ඇති)
ඒක එහෙමම තියෙද්දී new layer එකක් හදාගෙන Brush tool එකෙන් මෙ විදියට පාට කරන්න කොඩියෙ පහලට නැවිලා තියෙන තැන් කලුපාටිනුත් උඩට ඇවිල්ලා තියෙන තැන් සුදු පාටිනුත් පාට කරගෙන Deselect කරන්න.
Layer එක overlay කරන්න
ඊට පස්සෙ Filter > Blur >Gaussian Blur කරන්න (Redius 42 pixel වගෙ අගයක් දෙන්න).
අනිත් layer ටිකත් මේ වගෙම හදාගන්න (හොදට බලන්න කලුපාටින් පටා කරද්දි නිකන් පින්තුරයෙ දකුනෙ ඉදන් වම්පැත්තට පාට යනව වගෙ හදන්න).
මේ ටිකත් අර කිව්ව වගෙම කරන්න ඔක්කොම හදලඉවර වෙන කොට ලෙයර පැලට් එක මේ වගෙ පෙනෙවී.
මෙ විදියට layer ටික හදලා ඉවර උනාම කොඩියෙ frame එකෙන් එක ක්ලික් කරල බලන්න හරියට වැඩද කියලා ඔයාලට තෙරුම් ගන්න පුලුවන් ඇති නෙ. Layer එකෙන් පේන දේ තමයි frames වලින් පෙන්නෙ (frame 1 එකකට කොඩිය තියෙන layer එකයි පාට කරපු ලෙයර් එකයි ඇති). පෙන්වන්න අවශ්‍යනැති layer hide කරන්න ඔක්කොම හදලා ඉවරයි නෙ දැන් මෙක Save කරන්න ඔනෙ එකට File > Save for Web තෝරන්න.
දැන් ඔයාලට අලුත් Window එකක් open වෙයි එකෙ Preset කියන තැනට පහලින් තියෙන ඒකෙ “.gif” තොරන්න අනිත් settings වෙනස් කිරිමෙන් පින්තුරයෙ ගුනත්වය වැඩි අඩු කරගන්න පුලුවන්. Save කරන්න කලින් Image size අවශ්‍ය ප්‍රමානයට අඩු කරගන්න පුලුවන්.
මෙන්න අපි හදපු කොඩිය
Comments
Post a Comment