Photoshop iv
Nov
22
Photoshop පාඩම්
ලස්සන effect එකක් දාන හැටි තමයි කියල දෙන්නෙ. එහෙනම් අපි යමු ටියුට් එකට.
අපි අද හදන්න යන්නෙ මෙන්න මේ විදිහෙ Text Effect එකක්.
1) මුලින්ම White Background එකකුත් එක්ක අලුත් කැන්වස් එකක් හදා ගන්න.
2) ඊට පස්සෙ Layer Palette එකෙන් Background Layer එක Right-click කරල Layer from Background කියන එක ක්ලික් කරන්න. දැන් මේ ලේයර් එකේ Blending Options වලට ගිහින් (Right-click>Blending Options) පල්ලෙහා තියන විදිහට තද දුඹුරු (#443501) සහ කලු Gradient Overlay එකක් දෙන්න.
3) දැන් අලුත් ලේයර් එකක් හදාගෙන (Ctrl+Shift+N) ඒක සුදු පාටින් Fill කරගන්න. දැන් Filter>Texture>Texturizer කියන තැනට ගිහින් තියන අගයන් ම OK කරන්න. (මෙය කිරීමට පෙර Foreground හා Background පාටවල් සුදු හා කලු කරගෙන සිටින්න). ඉන් පස්සෙ මේ Filter එක දාපු ලේයර් එකේ Layer Mode එක Multiply කියන එකට දාන්න.
4) දැන් Text එකක් Type කරගන්න සුදුසු ෆොන්ට් එකකින්. මම පාවිච්චි කරේ Times New Roman.
5) දැන් පහල තියන විදිහට මේ Text ලේයර් එකේ Blending Options ටික හදා ගන්න.
මේකෙ Gradient එක:
මේකෙ Gradient එක:
දැන් බලන්න Output එක. (Output එකට මම වැඩිපුර දේවලුත් දාල තියෙන්නෙ. )
මේ effect එක ඔයාලට කැමති විදිහකට අත්හදා බලලා ලස්සන නිර්මාණයක් කරගන්න පුලුවන්.
Comments
Post a Comment