Photoshop v

Aug
4

| Image එකකට අමුතු ගතියක් දෙමු… (Part 2)


ඔයාලට මතක ඇතිනෙ මම ගිය සතියෙ දාපු ටියුට් එක. (මතක නැත්තන් මෙතනින් යන්න) අද මම ඒකෙ දෙවෙනි කොටස තමයි දාන්නෙ. ඒ වගේම තවත් effect දෙකක් දාන හැටි තමයි මේ ටියුට් එකෙන් ඔයාලට කියල දෙන්න යන්නෙ. මේ ක්‍රම දෙකත් කලින් දෙක වගේම ඔයාලට බොහොම පහසුවෙන් කරන්න පුලුවන්. එහෙනම් අපි යමු ටියුට් එක බලන්න.

තුන්වෙනි ක්‍රමය

1) මුලින්ම ඔයාලගෙ ෆොටෝ එක Photoshop එකට ගන්න (Drag and Drop)
 
2) දැන් අපි කලින් ටියුට් එකේ කලා වගේ Layer Palette එකට ගිහින් එතන තියන Background ලේයර් එක Right-click කරල Layer from Background කියන එක ක්ලික් කරන්න. දැන් ආයෙමත් Right-click කරල Duplicate Layer කියන එක ක්ලික් කරන්න. 

ඊට පස්සෙ Filter menu එකේ Artistic sub-menu එකේ Neon Glow කියන එකට යන්න. එත තියන sliders පාවිච්චි කරල ඔයාලට අවශ්‍ය විදිහට අගයන් දාගන්න. පින්තූරයට ගැලපෙන පාටක් එතනින් තොරලා දෙන්න. මම පාවිචි කලේ පහල තියන අගයන් සහ පාට.

 
3) දැන් Layer Palette එකට ගිහින් අපි Neon Glow එක දාපු ලේයර් එක සිලෙක්ට් කරල ඊට උඩින් Normal කියල තියන Layer Type එක Overlay කියන එකට මාරු කරන්න. Soft Light, Hard Light, Vivid Light, and Linear Light කියන Layer types දාලත් ඔයාලට බලන්න පුලුවන්.
දැන් බලන්න Output එක.
(Click to Enlarge)
 හතරවෙනි ක්‍රමය

1) කලින් වගේම ඉස්සෙල්ලම ඔයාලගෙ ෆොටෝ එක Photoshop එකට ගන්න.
 
2) දැන් කලින් වගේම Background ලේයර් එක Layer from Background කරගෙන Duplicate කරගන්න.
ඊට පස්සෙ Filter menu එකේ Blur කියන sub-menu එකේ Gaussian Blur කියන එකට යන්න. එතන තියන Radius එකේ අගය සාමාන්‍ය තරමට දාන්න. පින්තූරයේ තියන දේවල් අපැහැදිලි වෙන්නැති විදිහට. මම දැම්මේ පහල තියන අගයයි.


3) දැන් Layer Palette එකට ගිහින් අපි Gaussian Blur කරපු ලේයර් එක සිලෙක්ට් කරල ඒකෙ Opacity (Layer Palette එකේ දකුණු පැත්තෙ උඩ තියන) අගය 50% හෝ ඊට ආසන්න අගයක් ලෙස වෙනස් කරගන්න. 

අවසාන ප්‍රතිඵලය මෙන්න.

(Click to Enlarge)

Comments

Popular posts from this blog

Network Commands

මෙන්න එහෙනම් Proxy list එක ...

ඉලෙක්ට්‍රොණික පන්තිය..