Photoshop i



ඔන්න යාලුවනේ ගොඩාක් කාලෙකට පස්සෙ (මං හිතන්නෙ මාසෙකට විතර පස්සෙ) ඔයාලට tutorial එකක් දාන්න ලැබුනා. විවිධ හේතු නිසා මෙච්චර කාලයක් තිස්සෙම බ්ලොග් එකේ ලියන්න හම්බුනේ නැහැ. එහෙනම් ඉතින් වැඩිය කතා කරන්නැතුව අපි බලමුකො tutorial එක.
මීට කලින් Dilrasan අයිය දාල තිබ්බෙ ලස්සන effect එකක් text එකකට දාගන්න විදිහනෙ. ඉතින් මේ පාර මම කියල දෙන්නෙත් ඒ වගේම ලස්සන තවත් text effect එකක් ලේසියෙන්ම කරගන්න ව්දිහයි. එහෙනම් අපි බලමු ඒක කරන්නෙ කොහොමද කියල.
1) මුලින්ම ඔයාලට අවශ්‍ය size එකට අලුත් image එකක් Background එක Transparent ලෙස හදා ගන්න. මම මෙතනදී භාවිතා කරේ 1024×768 ප්‍රමාණයේ එකක්.
2) මීලඟට මෙම image එක කලු පාටින් fill කරගන්න. මේ සඳහා paint bucket එක භාවිතා කල හැක. ඉන්පසු සුදුපාටින් ඔබට කැමති text එකක් Text Tool එක භාවිතා කරමින් type කරගන්න. ඉන්පසු Layer Palette එකෙහි ඇති ඔබ සදාගත් text layer එක උඩ right-click කර Rasterize Type කියන එක ක්ලික් කරන්න. (සැ. යු. – Rasterize කිරීමෙන් පසු ඔබට ටයිප් කර ඇති text එක වෙනස් කරන්නට බැරිය.)
 3) මීලඟට නැවත Layer Palette එකෙහි ඇති ඔබ Rasterize කරගත් ලේයර් එක උඩ right-click කර Duplicate Layer කියන එක ක්ලික් කරන්න. එතකොට එම ලේයර් එකහි Duplicate එකක් සෑදෙයි. ඉන්පසු Layer Palette එකට ගොස් එම duplicate layer එක අසල ඇති ඇසක සලකුණ ක්ලික් කරන්න. එමගින් එම ලේයර් එක hide වෙයි.

දැන් මුලින් සදාගත් ලේයර් එක සිලෙක්ට් කර Edit Menu එකෙහි Transform කියන sub menu එකේ තියන Rotate 90° CW කියන එක ක්ලික් කරන්න.
ඉන්පසු Filter menu එකේ Stylize කියන sub menu එකේ තියන Wind කියන එක ක්ලික් කරන්න. ඉන්පසු ලැබෙන Wind Filter box එකේ ඇති Method එක සඳහා Wind ලෙස ලබා දී Direction එකට From the Right ලෙස ලබා දී OK කරන්න. දැන් නැවත මෙම Filter එකම apply කිරීමට Ctrl+F ඔබන්න.
දෙවනුව කලින් ලෙසටම කර Direction එක පමණක් From the Left ලෙස ලබා දී OK කරන්න. ආයෙත් Ctrl+F ඔබන්න. 
4) දැන්  Transform කියන sub menu එකේ තියන Rotate 90° CCW කියන එක ක්ලික් කරන්න. මීලඟට කලින් කරා මෙන් Wind Filter එක දෙපැත්තටම Apply කරන්න (From the Right හා From the Left). නමුත් මෙවර එක වරක් පමණක් Filter එක apply කරන්න (Ctrl+F ඔබන්න අවශ්‍ය නැත). 
5) මීලඟට Filter menu එකේ Distort කියන sub menu එකට ගොස් Ripple කියන එක ක්ලික් කරන්න. ලැබෙන box එක OK කරන්න. 

6) මින්පසු Layer Palette එකේ අපි Wind Filter එක දාපු ලේයර් එක උඩ right-click කර Merge Visible කියන එක ක්ලික් කරන්න.  ඉන්පසු Image menu එකේ Adjustments කියන sub menu එකට ගොස් එහි ඇති Colour Balance කියන එකට ක්ලික් කරන්න. (නැතිනම් Ctrl+B ඔබන්න). මෙයින් ඔබට අවශ්‍ය පාටක් sliders මඟින් සදාගෙන OK කරන්න.(මම යොදා ගෙන ඇත්තේ නිල් පාටට හුරු පාටක්ය). 



7) දැන් අපි මුලින්ම හදාගත්ත Duplicate ලේයර් එක Layer Palette එක ගොස් එම ලේයර් එක අසල ඇති ඇස ක්ලික් කර unhide කරන්න. ඉන්පසු Ctrl යතුර ඔබාගෙන Layer Palette එකේ ඇති එම ලේයරයේ thumbnail එක උඩ ක්ලික් කරන්න. එවිට එහි ඇති text එක පමණක් සිලෙක්ට් වෙයි. 

දැන් Select Menu එකේ Modify sub menu එකේ තියන  Contract කියන එක ක්ලික් කරන්න. ලැබෙන box එකේ pixel අගය 1 ලෙස යොදා OK කරන්න (මෙය ඔබේ text එකෙහි මහත එක අනුව ඔබට වෙනස් කර ගත හැක). දැන් Edit menu එකේ Fill කියන එක ක්ලික් කරන්න. එහි කලු පාට තෝරාගෙන OK කරන්න. දැන් selection එක උඩ right click කර Deselect කරන්න.
අවසානයේදී ඔබට මෙවැනි output එකක් ලැබෙනු ඇත.




Comments

Popular posts from this blog

Network Commands

මෙන්න එහෙනම් Proxy list එක ...

ඉලෙක්ට්‍රොණික පන්තිය..