Photoshop ii



 
ඔන්න මම අද කියල දෙන්න හදන්නෙ කොහොමද Text එකක් Texture එකකින් එහෙමත් නැත්නම් වෙනත් ඔයාල කැමති Background ,image එකකින් Edit කරල හැඩ කරගන්නෙ කොහොමද කියලයි.මේක කරන්න කලින් ඔයාල ගාව තියෙන්න ඕනි ටිකක් ලොකුවට Type වෙන Font ටිකක්.මොකද Effect එක පේන්නෙ ඒවගේ Font වලින් විතරයි.ඒ ඇයි කියලා ඔයාලට තෙරුම් ගන්න අපහසුවක් නැහැ.
1)  මුලින්ම පහලින් පෙන්නල දීල තියෙන විදියට අලුත් Layer එකක් Open කරගන්න.
 2) අනතුරුව ඔයාලට ඕනිම දෙයක් ලියන්න අකුරු ලොකු කරල හොඳ මහත Font එකක් Use කරල මේ විදියට.මම කරන්න යන දේට අනුවයි මම ලියල තියෙන්නේ.මම Layer දෙකකට වැටෙන විදියටයි ADOBE PHOTOSHOP කියන එක ලිව්වෙ මොකද මම Pictures (Textures) දෙකක් Use කරනව හැඩ කරන්න මේ method එක යොදාගෙන.
 3) ඉන් පසු ඔයාලට ඕනි මොන විදියෙ හරි image/Background image/Texture එකක් open කරගන්න.ඒව පහලින් පෙන්නල තියෙන විදියට ඇදල දාන්න කලින් Layer එක උඩට.ලියපු අකුරු වැහෙන විදියට සකසාගන්න.

4) දැන් අකුරු Layer එක උඩ Click කරන්න.අනතුරුව Ctrl බොත්තම ඔබාගෙන ආයෙත් Click කරන්න.එවිට මෙසේ දිස්වනු ඇත.
 5) අනතුරුව එම අකුරු පේලිය වසාගෙන ඇති Texture එක සහිත Layer එක උඩ Click කරන්න.ඉන් පසුව Menubar එකෙන් Select —> Inverse අනුගමනය කරන්න.එවිට මෙසේ දිස් වනු ඇත.
6) දැන් Delete ඔබන්න.එවිට මෙසේ දිස්වනු ඇති.
7) දැන් Ctrl+D ඔබන්න.එවිට Select වෙලා තියෙන ටික Deselect වේවි.එම පියවර නොමැතිව ඉදිරියට යා නොහැක.මේ පිලිවෙලට අනෙක් අකුරු set එකටත් කලාම මෙන්න මෙහෙම දිස් වේවි.
8) දැන් .png Format එකෙන් කරගන්න.මෙන්න වැඩේ ඉවර වුනාම තියෙන විදිය.

 
මේ මම තව පොඩි Effect ටිකක් දාල ඉහත output එකම Modify කරල ගත්ත.ඔයාලත් Try කරල Feedback එකක් දෙන්න.

Comments

Popular posts from this blog

Network Commands

මෙන්න එහෙනම් Proxy list එක ...

ඉලෙක්ට්‍රොණික පන්තිය..