
BIOS පාස්වර්ඩ් එක අමතක උනොත් මොකද කරන්නේ ? BIOS පාස්වර්ඩ් එක අමතක උනොත් මොකද කරන්නේ ? අද මම කියලා දෙන්නේ බොහොම වැදගත් දෙයක්. මට මේක හොයන්න හිතුනේ මගේ යාලුවෙකුට වෙච්ච සිද්දියක් නිසා. අපි ගොඩක් වෙලාවට අපේ පරිගණකයට BIOS පාස්වර්ඩ් එකක් දානවා වැඩි ආරක්ෂාවට කියලා. වින්ඩෝස් පාස්වර්ඩ් එක ආරක්‍ෂිත මදි කියලා හිතුනම අපි එහෙම කරනවා. මමත් එහෙම කරලා තියෙනවා. ඒත් මේක දකිනකොට මගේ ඇඟත් සීතල වෙනවා. BIOS පාස්වර්ඩ් එකත් Bypass කරන්න පුළුවන්. මෙතැනදී වෙන්නේ ඔයාලාගේ පරිගණකයේ BIOS System එක හදපු ආයතනයෙන් BIOS එකට දාපු Master Password එකක් පාවිච්චි කරන එක. එක අපිට වෙනස් කරන්න බෑ. හැබැයි මේක පරිස්සමින් කරන්න ඕන. ඔක්කොටම කලින් ඔයාලගේ BIOS එක මොකද්ද කියලා හරියටම හොයාගන්න ඕන. මෙතන තියෙනවා අපි භාවිතා කරන ගොඩක් පරිගණක BIOS System වල Master Password. හැබැයි මේවා වැරදි විදියට තුන පාරකට වඩා කරන්න ගියොත් ඔ...