Pen එකට වෛරස් ඇවිත් තිබුන File Hidden වෙලාද ?


Pen එකට වෛරස් ඇවිත් තිබුන File Hidden වෙලාද ?











සුබ දවසක් සියලු දෙනාටම! අද මම කියන්න යනන යන දේ ඔයාලට  ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා.ඔයාල ගොඩක් දෙනෙකුට මේහෙම වෙලා ඇති. සමහර වයිරස් තියෙනවා පෙන් එකකට ගියහම ඒ පෙන් එකට දාලා තිබුන File Hidden කරනවා.... සමහර වෙලාවට තිබුනු File Hidden වෙලා ඒ නමින්ම Shortcut එකක් හැදෙනවා. අපි වයිරස් ගාඩ් එකකින් ස්කෑන් කරලා වයිරස් අයින් කරත් මේ file පෙන්නේ නෑ.. එහෙම පේන්නෙ නැති උනාට පෙන් එකේ Proprieties බලනවිට  ඉඩ පාවිච්චි වෙලා තියෙනවා කියල දකින්න පුළුවන්. වැඩි කතා  ඕන නැ අපි වැඩේට බහිමුකෝ..............

Hidden උන File ටික ආපහු ගන්න මම පහලි කියල තියන විදිහට කරන්න............................


  1.  File ටික තියෙන pen එක  කොම්පියුටරේට කනෙක්ට් කරලා පෙන් එකට අදාළ drive  Letter එක මොකද්ද කියල බලාගන්න.

  2. දැන් Start > Run > CMD හරි වෙන විදියකින් හරි Command Prompt එක open කරගන්න.

  3.    අපි හිතමු Pen එකේ drive  Letter එක d කියල.. දැන් Command prompt එකේ  d: type  කරලා Enter කරන්න එතකොට එකේ මෙහෙම පෙන්නයි.  


            d:\>_








    4.   දැන් මේ විදිහට Type කරලා Enter කරන්න.



            attrib -s -h /s /d *.*





  5.   enter කරලා තත්පර කීපෙකට පස්සේ ඕක close කරලා දාල Pen එකට ගිහින් බලන්න


Comments

Popular posts from this blog

Network Commands

මෙන්න එහෙනම් Proxy list එක ...

ඉලෙක්ට්‍රොණික පන්තිය..