Cisco Router එකක පාස්වර්ඩ් එක නැති උනොත් Recover කරන්නේ කොහොමද ?


Cisco Router එකක පාස්වර්ඩ් එක නැති උනොත් Recover කරන්නේ කොහොමද ?








Cisco Router එකක පාස්වර්ඩ් එක නැති උනොත් Recover කරන්නේ කොහොමද ?





               අද මම කියලා දෙන්නේ මේ වන විට ජනප්‍රියම ජාලකරණ උපාංග වර්ගයක් වන Cisco වෙළඳ නාමය ඇති උපාංග සඳහා ගොඩක්ම අවශ්‍ය වෙන දෙයක්. ජාලකරණයේදී බහුලවම භාවිතා වෙන දෙයක් තමයි Router. ඉතින් මේ රවුටර් එකේ Login Password එක එහෙම නැති උනොත් හරිම අමාරුවක් තමයි වෙන්නේ. රවුටර් එක ඇතුලට යන්නේ නැතිව කිසිම වෙනස් කිරීමක් කරන්න බෑ. ගොඩක් අය හිතන්නේ මේ Cisco උපකරණ වල පාස්වර්ඩ් එක කඩන්න බෑ කියලා. නමුත් Cisco ආයතනයෙන්ම ඒකට ක්‍රමයක් දීලා තියෙනවා. මෙම ක්‍රමය හැකිං වලට අයිති වෙන්නේ නෑ. මේ ක්‍රමය අනුගමනය කරන්න රවුටරය ලඟම ඉන්න ඕන. දුරක ඉඳලා මේ ක්‍රමය අනුගමනය කරන්න බෑ. එහෙනම් අපි වැඩේ පටන් ගනිමු. මුලින්ම ඕන වෙනවා රවුටරය මිලදී ගන්නා විට ඒ සමග ලැබෙන Console කේබලය. ඒක මෙන්න මේ වගේ එකක් . පහත රූපයේ ඒක පෙන්වලා තියෙනවා.




           දැන් මේ කේබලය නිවැරදි ආකාරයට සම්බන්ධ කරගන්න ඕන. ඒක කරන්නේ පහත රූපයේ ආකාරයට.







      ඊළඟට කරන්න තියෙන්නේ පරිගණකයෙන් රවුටරයට Access කරන සොෆ්ට්වෙයාර් එක සකසා ගැනීම. Windows Xp තියෙන අයට නම් Hyper Terminal පාවිච්චි කරන්න පුළුවන්. Windows 7 තියෙනවා අයට Hyper Terminal නැති නිසා Putty වගේ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමන් ළඟ නැතිනම් මෙතනින් බාගන්න. දැන් සොෆ්ට්වෙයාර් එකේ Serial Port එකේ settings හදා ගන්න. Hyper Terminal වල සහ Putty වල ඒවා තිබිය යුතු ආකාරය පහත රූප වලින් පෙන්වලා තියෙනවා.










දැන් මේ විදියට හදාගෙන පහත අනු පිළිවෙලට කරන්න.


1. Prompt එකට ගියාට පසු රවුටර් එක Reboot කරන්න. 


2. Reboot ක්‍රියාවලිය ඇරඹුණු විටම යතුරු පුවරුවේ ctrl සහ break බොත්තම    


   කීප සැරයක් ඔබන්න. එවිට rommon 1 > යන අවස්ථාවට පැමිණේ.


3. එවිට පහත විධානය ලබා දෙන්න. 


    confreg 0x2142


    එවිට නැවත rommon 2 > යන අවස්ථාවට පැමිණේ.


4. ඉන්පසු පහත විධානය ලබා දෙන්න.


    reset


    එවිට රවුටරය නැවත Boot වීමට පටන් ගනී. එසේ Boot වන්නේ අලුත්ම රවුටරයක් Boot වන ආකාරයටයි. ඉහත confreg 0x2142 විධානයෙන් කරනුයේ දැනට FLASH මතකයේ ඇතිConfiguration ෆයිල් එක NVRAM එකට ලබා නොදී ක්‍රියාත්මක කරන ලෙසට විධාන කිරීමයි.




Would you like to enter the initial configuration dialog? [yes/no]: n




ඉහත අකාරයෙන් ලබා දුන් පසු සාමාන්‍ය පරිදි router> යන තත්වයට පත් වේ. ඉන් පසු 


enable      විධානය ලබා දී 

copy startup-config running-config


යන විධානය ලබාදෙන්න. 



   බැරි වීමකින් හෝ මෙය අනෙක් අතට ලබාදුන්නේ නම්(copy running-config startup-config) දැනට රවුටරයේ ඇති Configuration file එක මැකී යයි. එවිට මුල සිටම රවුටරයේ සියලුම Configuration සිදු කල යුතුය. දැන් රවුටරයේ පෙර තිබු සියලුම  Configuration නැවත දක්නට ලැබෙනු ඇත. ඉන් පසු සියලුම පාස්වර්ඩ් අවශ්‍ය ආකාරයට නැවත සකසා ගන්න. දැන් පහත අනුපිලිවෙලට විධාන ලබා දෙන්න.


1. සියලුම භාවිතා වන Interface සඳහා no shutdown   


   විධානය දෙන්න 


2. configure terminal


3. config-register 0x2102


4. දැන් සියලුම PASSWORD තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් 
   කරගන්න.


5. exit 
6. copy running-config startup-config





මෙහි අවසාන විධානයෙන් රවුටරයේ දැනට ඇති Configuration file එක වෙත අවසානයට කල සියලුම විධාන සහ දැනට  ක්‍රියාත්මක වන Configuration ඇතුලත් කිරීම සිදු කරයි. මෙම සියලුම අවස්ථාවන් නිවැරදි ලෙස කරගත් විට රවුටරයේ පෙර තිබු සියලුම Configuration සහිතව පාස්වර්ඩ් පමණක් වෙනස් කොට පෙර පරිදිම භාවිතයට ගතහැක.





මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න.


Comments

Popular posts from this blog

Network Commands

මෙන්න එහෙනම් Proxy list එක ...

ඉලෙක්ට්‍රොණික පන්තිය..