Learn About IP Address
Learn About IP Address
IP Address යනු කුමක්ද
IP Address යනු පරිගණකය සහ ජාලකරණයේදී (Networking) නිතරම අසන්නට ලැබෙන යෙදුමකි. මේ පිලිබදව හැදෑරීමේදී බෝහෝ කරුණු සලක බැලීමට සිදුවේ.එමනිසා තරමක ගැබුරු විග්‍රහයක් හැකි තාක් සරලව එදිරිපත් කිරීමට මම උත්සහ කරමි.
ඔබ අන්තර්ජාලයට සම්බන්දවී සිටින පරිගණකයෙහි Command prompt එකට ගොස් ipconfig ලෙස type කර ලැබෙන පිළිතුර දෙස අවදානය යොමු කරන්න
මෙහිදී ඔබය (උදා 192.168.1.48) ලෙස IP අංකයක් ලැබී ඇත තවද පහත link එක බාවිතා කර ඔබගේ IP එක සෙවීමේදී වෙනත් IP අංකයක් ලැබී ඇත ( උදා 124.43.226.110) http://whatismyipaddress.com/
මෙලෙස අපට අපගේ පරිගණකයට අදාල IP Address දෙකක් ලැබී ඇත මෙසේ සිදුවීමට හේතුව අපි කුමක්දි සලක බලමු
අපහට මෙලෙස IP Address දෙකක් ලැබීමට හේතුව කුමක්ද
IP Classes
දැනට අපි බාවිතා කරන්නේ IPv4 ලෙස නම් කර ඇති IP ගොනුවයි. එහි පවතින සියලුම IP Address කන්ඩ ගතකර classes 5 කට බෙදා දක්වා ඇත.
Class A 0.0.0.0 to 127.255.255.255
Class B 128.0.0.0 to 192.255.255.255
Class C 192.0.0.0 to 223.255.255.255
Class D 224.0.0.0 to 239.255.255.255
Class E 240.0.0.0 to 255.255.255.255
Note: Class A addresses 127.0.0.0 to 127.255.255.255 cannot be used and is reserved for loopback and diagnostic functions.
අපහට ඉහතදී ලැබුණු පිළිතුරු දෙකෙන් එකක් Class C (192.168.1.48) වන අතැර අනෙක Class A address එකක් බවට ඔබට දැන් හදුනා ගැනීමට පහසුවනු ඇති.
Private and Public IP ranges
ඉහතදී අප හදුනා ගත් IP Address වලින් අන්තර්ජාලය හදුනන්නේ සීමිත IP Address ප්‍රමාණයක් පමණි.ඒවා Public IP address ලෙස හදුන්වන අතැර අනෙකුත් IP address ගොනුව Private IP ලෙස හදුන්වන ලැබේ.
Private IP range
10.0.0.0 10.255.255.255
172.16.0.0 172.31.255.255
192.168.0.0 192.168.255.255
ඔබ private IP address එකක් ( උදා 192.168.1.48 ) බාවිතා කරමින් අන්තර්ජාලයට පිවිසීමට උත්සහ කළහොත් එය අසර්ථක වනු අත.එයට හේතුව මා කලින් පැහැදිලි කරන ලද ආකාරයට අන්තර්ජාලය එම private IP address හදුනා නොගන්න නිසයි. එම නිසා ඔබට අන්තර්ජාල පහසුකම ලබාදෙන අයතනය විසින් Private IP එක Public IP බවට පරිවර්තනය කරනු ලැබයි. මෙය NAT හෙවත් network address translation ලෙස හදුන්වනු ලැබෙ.
(NAT පිලිබදව පසුව වෙනත් ලිපියකින් කරුණු දැක්වීමට බලාපොරොත්තු වෙමි )
ඔබ වෙබ් අඩවියක් පිහිටවීමට අදහස කරනවානම් ඒ සදහා ලබා ගත යුතු වන්නේ Private IP එකක් වන අතැර මෙය real IP එකෙක් ලෙසද හැදින්වීමට පුළුවන්. ඒසදහා ඔබට අන්තර්ජාල පහසුකම ලබාදෙන අයතනය හට වැඩිපුර මුදලක් ගෙවීමට සිදුවනු ඇති.
අප සැමටම Real IP ලබාගැනීමට නොහැකි අයි ?
අන්තර්ජාලයේ සීග්‍ර වියාප්තිය හේතුවෙන් දැනට ඉතිරිවී ඇති IP ප්‍රමාණය සිමා සහිතය. තව නොබෝ කලකින් එම IP ප්‍රමාණයද අවසන්වියනු ඇත. එයට විකල්පයක් ලෙස IPv6 හදුන්ව දී අතිඅතර නොබෝ දිනකින් එය බාවිතය අරාබයි.
IPv6 සමගින් එක පුද්ගලයකුට Real IP 4.8×102 ප්‍රමාණයක් ලබාදීමට තරම් හැකිවන බව විශ්වාස කරනු ලැබේ. උපුටා ගැනීම Wikipedia
Subnet mask
අප මුලින් හදුනාගත් IP Address ය සමගින් එයට අදාලව Subnet mask නමින් හදුන්වන තවත් අංක පෙළක් ඔබ දැක ඇති. මෙය පරිගනක ජාලයක් නිර්මාණය කිරීමේදී එම ජාලයෙහි ප්‍රමාණය තිරණය කිරීමට යොදාගනී.
අපි බහුලව බාවිතා කරන්නේ 255.255.255.0 යන subnet mask එකවේ. තවද එම අගයන් විවිද ආකාරයට වෙනස් කර ගැනීමෙන් අපට අවශ්‍යකරන ප්‍රමාණයට අපගේ ජාලය සකසා ගත හැකිය
192.168.1.48 යන අපගේ IP address එකත් සමග 255.255.255.0 යන sabnetmask එක බාවිතා කිරීම නිසා 192.168.1.1 සිට 192.168.1.254 දක්කවා පරිගණක 254ක ජාලයක් තනා ගත හැකිය. එහිදී 192.168.1.0 යන IP එක Network IP ලෙසත් 192.168.1.255 brodcast IP ලෙසත් වෙන්කර ඇත. ඒවා පරිගණක වලට යෙදීම සිදුනොකරයි.
උදාහරණයක් ලෙස අප 10.1.1.1 IP address එකත් සමග 255.255.255.252 යන Subnet Mask එක බාවිතා කිරීමෙන් 10.1.1.0 සිට 10.1.1.4 දක්කවා ජාලයක්ද තනා ගනිමට හැකිවේ එහිදී බාවිතා කිරීමට හැකිවන්නේ 10.1.1.1 සහ 10.1.1.2 යන IP address දෙක පමණි මෙය ලොව දෙවනියට ජනප්‍රියම subnet mask එක බවට පිළිගනු ලැබේ. මෙය බහුලව point -to point link සදහා යොදා ගනුලබයි.
Dotted Decimal Format | Slash Format | Available Addresses |
---|---|---|
255.255.255.0 | /24 | 256 |
255.255.255.128 | /25 | 128 |
255.255.255.192 | /26 | 64 |
255.255.255.224 | /27 | 32 |
255.255.255.240 | /28 | 16 |
255.255.255.248 | /29 | 8 |
255.255.255.252 | /30 | 4 |
Comments
Post a Comment