BIOS පාස්වර්ඩ් එක අමතක උනොත් මොකද කරන්නේ ?
BIOS පාස්වර්ඩ් එක අමතක උනොත් මොකද කරන්නේ ?
අද මම කියලා දෙන්නේ බොහොම වැදගත් දෙයක්. මට මේක හොයන්න හිතුනේ මගේ යාලුවෙකුට වෙච්ච සිද්දියක් නිසා. අපි ගොඩක් වෙලාවට අපේ පරිගණකයට BIOS පාස්වර්ඩ් එකක් දානවා වැඩි ආරක්ෂාවට කියලා. වින්ඩෝස් පාස්වර්ඩ් එක ආරක්‍ෂිත මදි කියලා හිතුනම අපි එහෙම කරනවා. මමත් එහෙම කරලා තියෙනවා. ඒත් මේක දකිනකොට මගේ ඇඟත් සීතල වෙනවා. BIOS පාස්වර්ඩ් එකත් Bypass කරන්න පුළුවන්. මෙතැනදී වෙන්නේ ඔයාලාගේ පරිගණකයේ BIOS System එක හදපු ආයතනයෙන් BIOS එකට දාපු Master Password එකක් පාවිච්චි කරන එක. එක අපිට වෙනස් කරන්න බෑ. හැබැයි මේක පරිස්සමින් කරන්න ඕන. ඔක්කොටම කලින් ඔයාලගේ BIOS එක මොකද්ද කියලා හරියටම හොයාගන්න ඕන.
මෙතන තියෙනවා අපි භාවිතා කරන ගොඩක් පරිගණක BIOS System වල Master Password. හැබැයි මේවා වැරදි විදියට තුන පාරකට වඩා කරන්න ගියොත් ඔයාලගේ System එක සම්පුර්ණයෙන්ම ලොක් වෙන්න ඉඩ තියෙනවා කියලා මම මේක හොයාගත්තු තැන කියලා තිබුනා. එක නිසා ගොඩක් පරිස්සමින් කරන්න ඕන වැඩක මේක. එහෙනම් මෙන්න ලිස්ට් එක.
Award BIOS backdoor passwords:
ALFAROME | BIOSTAR | KDD | ZAAADA | |||
ALLy | CONCAT | Lkwpeter | ZBAAACA | |||
aLLy | CONDO | LKWPETER | ZJAAADC | |||
aLLY | Condo | PINT | 01322222 | |||
ALLY | d8on | pint | 589589 | |||
aPAf | djonet | SER | 589721 | |||
_award | HLT | SKY_FOX | 595595 | |||
AWARD_SW | J64 | SYXZ | 598598 | |||
AWARD?SW | J256 | syxz | ||||
AWARD SW | J262 | shift + syxz | ||||
AWARD PW | j332 | TTPTHA | ||||
AWKWARD | j322 | |||||
awkward |
AMI BIOS Backdoor Passwords:
AMI | BIOS | PASSWORD | HEWITT RAND | |||
AMI?SW | AMI_SW | LKWPETER | CONDO |
Phoenix BIOS Backdoor Passwords:
phoenix | PHOENIX | CMOS | BIOS |
Misc. Common Passwords
ALFAROME | BIOSTAR | biostar | biosstar | |||
CMOS | cmos | LKWPETER | lkwpeter | |||
setup | SETUP | Syxz | Wodj |
Other BIOS Passwords by Manufacturer
Manufacturer | Password |
VOBIS & IBM | merlin |
Dell | Dell |
Biostar | Biostar |
Compaq | Compaq |
Enox | xo11nE |
Epox | central |
Freetech | Posterie |
IWill | iwill |
Jetway | spooml |
Packard Bell | bell9 |
QDI | QDI |
Siemens | SKY_FOX |
TMC | BIGO |
Toshiba | Toshiba |
Toshiba BIOS
බොහොමයක් Toshiba වර්ගයේ ලැප්ටොප් පරිගණක සහ ඩෙස්ක්ටොප් වර්ග බූට් කරන අතරතුර කීබෝර්ඩ් එකේ වම් පැත්තේ ඇති Shift එක ඔබාගෙන සිටින විට BIOS පාස්වර්ඩ් එක අතහැරලා ඉදිරියට යනවා.
IBM Aptiva BIOS
බූට් කරන අතරතුර මවුස් එකේ වම් සහ දකුණු යතුරු දෙක වරින් වර එකවර ඔබන්න.
මීට අමතරව Motherboard එකේ තියෙන BIOS වලට අදාල ජම්පර් වෙනස් කිරීමෙනුත් මේවා කරන්න පුළුවන්. ඔයාලගේ Motherboard එකේ එක තැනක ඒ ගැන ලියලා තියෙනවා. ඒක හොයාගන්න පරිගණකය ගලවන්නම වෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා ඒ පරිගණකයේ CMOS බැටරිය ගලවලා ටික වෙලාවක් තියලා නැවත සවි කිරීමෙන්. ඒත් සමහර පරිගණක වල මේ බැටරිය ගලවන්න බැරි විදියට පාස්සලා තියෙන්නේ.
විශේෂයෙන්ම කිවයුතු දෙයක් වන්නේ මෙය අනුන්ගේ පරිගණකයකට කිරීමට නොයන ලෙසත් අත්හදා බැලීමට තමන්ගේම පරිගණක යොදාගන්නා ලෙසයි.
(මෙම සියලු තොරතුරු අන්තර්ජාලයේ සැරිසැරීමෙන් සොයාගත් තොරතුරු වන අතර මෙය භාවිතා කිරීමෙන් සිදුවන යම් දෝෂයක් සම්භන්ධයෙන් වගකියනු නොලැබේ. මෙය අධ්‍යාපනය සඳහා පමණක්ම වේ.)
Comments
Post a Comment