Copy කරන්න බෑ.. කියන Blog / Website වල Post ගෙඩිපිටින් copy කරමු.


Copy කරන්න බෑ.. කියන Blog / Website වල Post ගෙඩිපිටින් copy කරමු.











අද මම ඹයාලට කියන්න යන්නේ නරක වැඩක් ගැන...........අපේ මේ  බ්ලොග් ලියන යාලුවෝ  බ්ලොග් පෝස්ට් වලට දාන පෝස්ට් කොපි කරන්න බැරිවෙන විදිහේ රහක් ක්‍රම ටිකක් දාලා තියෙනවනේ ඒ  අය මාත් එක්ක තරහ වෙයිද මන්දා.......... පෝස්ට් කොපි කරන්න බැරිවෙන විදිහේ රහක් ක්‍රම දාන එකත් නරකම නෑ හොදේ..කැමති නම් කරලා බලන්න.මන් නම් වැඩක් වෙයි කියලා හිතන්නේ නෑ.......

ඔයාලා යන සමහර වෙබ්සයිට් වල Right click Disable කරලා තියෙනවා දැකලා ඇති.ඒ කට්ටිය එහෙම කරලා තියෙන්නේ එයාලගේ පෝස්ට් අනිත් කට්ටිය කොපි කරයි කියන බයටනේ නේද.........ඉතින් කෙහොම ගැජට් දාගෙන හිටියත් අපිට මොකද නේද‍ ?.... :) .... මේ වැඩේ කරලා තියෙන්නේ පුංචි Java script එකක් එයාලගේ web page එකට දාලා.මම නම් කියන්නේ ඔය මොනවා දැම්මත් කොපි කරන එක නවත්වන්න බෑ කියලයි.වැඩි කතා ඕනී නෑ එහෙනම් අපි වැඩේට බහිමු.

මේ වැඩේ කරන්න මුණවන් ක්‍රම 03 ක් තියනවා........ පහලින් දාලා තියන විදිහට කරලා බලන්නකෝ....

පලවෙනි ක්‍රමය තමයි මේක.

මෙන්න මේ website එකට ගිහින් ඔයාට copy කරන්න ඕනී web page එකේ Link එක දීලා Hidemyass කරන්න.ඊට පස්සේ ඉතින් බඩුම තමයි.Right click කරලා හිතේ හැටියට copy කරගන්න පුලුවන්.(මේකට ඔයාට online proxy website ඕනෙ එකක් භාවිතා කරන්න පුලුවන්.)
website - http://hidemyass.com/






2 වැනි ක්‍රමේ තමයි මේක..


ඔයාට කොපි කරන්න ඕන වෙබ් පේජ් එකේ ලින්ක් එකේ මුලට view-source: කියලා දාලා ලින්ක් එකට යන එක.

මෙන්න මේ වගේ.

view-source:http://www.google.com

                                   වැනි ක්‍රමේ තමයි මේක..

Google chorme web browser භාවිතා කරන අය මෙහෙම කරන්න.

1.මුලින්ම මෙන්න මේ ලින්ක් එකට යන්න. chrome://settings/content ( ඔයාගේ Address bar එකේ ඕක copy කරලා paste කරලා enter කරන්න.)
2.Javascript >Do not allow any site to run JavaScript කියන තැනට ටික් එකක් දාලා Done කියන බටන් එක ඔබන්න.( පහල රූපය බලන්නකෝ.. )







දැන් ඔයාට කලින් කොපි කරන්න බැරිවුණු ඕනි වෙබ්සයිට් එකක් හිතේ හැටියට කොපි කරන්න පුලුවන්.


















Mozilla Firefox  use කරන කට්ටිය මෙහෙම කරන්න.

1.අලුතෙන් ටැබ් එකක් අරන් මේ විදිහට ටයිප් කරලා එන්ටර් කරන්න.
  about:config

2.එතකොට මෙන්න මේ වගේ messege එකක් එයි. I'll be careful, i promise කියන බටන් එක උඩ ක්ලික් කරන්න.
















3.දැන් search කියන තැන මේ කෝඩ් එක ටයිප් කරන්න. javascript.enabled






4.ඊටපස්සේ " javascript.enabled "කියන
 එක උඩ Right click කරලා toggle කියන එක click කරන්න.






දැන් මේ වගේ පෙනේවි.





ඔන්න දැන් වැඩේ හරි.දැන් ඉතින් කොපි කරන්න බැරි වෙබ්සයිට් ගෙඩිපිටින් කොපි කරගන්න.අලුත් ටැබ් එකක් අරන් වැඩේට බහින්න.







සැ.යු: ඔයාලට මේ වගේ කොපි කරන්න බැරි වෙබ්සයිට් එකක් කොපි කරන්න ඕනි වෙලාවට විතරක් මේ වගේ javascript disable කරගන්න.ඔයාලගේ වැඩේ කරගත්තට පස්සේ මතක් කරලා ආයෙත් enable කරගන්න.

වෙන කෙනෙකුගේ පෝස්ට් කොපි කරනව කියන්නෙ නම් නරක වැඩක්. පෝස්ට් එක ලියන කෙනා මහන්සිවෙලා පෝස්ට් එක ලියනවා........පොඩ්ක් හිතලා බලන්න තීරනය ඔබ අතේ.......


Comments

Popular posts from this blog

Network Commands

මෙන්න එහෙනම් Proxy list එක ...

ඉලෙක්ට්‍රොණික පන්තිය..