ඩිලීට් වූ ෆයිල් නැවත හොයා ගන්නා හැටි..
Thursday, December 26, 2013 ඩිලීට් වූ ෆයිල් නැවත හොයා ගන්නා හැටි.. ඔබ පරිගණකය භාවිතා කරන විට අත් වැරදීමකින් හෝ වෙනයම් කාරණාවකින් ඔබට අවශ්‍යම ෆයිල් එකක් මැකී ගිය හොත් එය නැවත ලබා ගැනීමට දැන් ලතවිය යුතු නැත.ඒ සඳහා දැන් මෘදුකාංග තිබෙන බැවිනි.ඔබ අතින් මකා දමන ෆයිල් එක්වරම දෘඩා තැටියෙන් ඉවත්වන්නේ නැත.ඔබ ඉවත් කල ෆයිල් තිබු ස්ථානයේ වෙනත් ෆයිල් එකක් ගබඩා වන තුරු ඒ මැකුන ෆයිල් එක සුරැකිව තිබේ.මේ සඳහා හොඳම මෘදුකාංගයක් වන්නේ undelete my files යන මෘදුකාංගයි. එය බා ගැනීමට මෙතනින් යන්න. මුලින්ම එය ඔබ පරිගණකයේ ස්ථාපිත කරගන්න.එය ස්ථාපනය කල පසු මෙසේ දිස්වේ. file rescue ලෙස හැදින්වෙන කොටස මගින් ඔබ මකා දැමු ෆයිල් ස්කෑන් කල හැකි බව පෙන්වයි.එම කොටුවේ දැක්වෙන අදාළ දෘඩ තැටිය තෝරා ok විධානය දුන් විට නැවත ලබා ගත හැකි ෆයිල් පෙන්වාදෙයි.එම ලයිස්තුවේ ඉදිරියෙන් ඇති කුඩා කොටුව මත ටික් එකක් දීමෙන් ඔබට නැවත ලබා ගත හැකි ෆයිල් එක තෝරා දිය හැක.ඉන් පසු recover විධානය දුන් පසු තවත් කුඩා ඩයලොග් බොක්ස් එකක් එයි.එහිදී ඔබේ ෆයිල් එක save විය යුතු ස්ථානය ඔබට තෝරා දිය හැක.එහි yes එබීමෙන් ෆයිල් එක ඔබ ...