Part : 04
[ HTML ] Part : 04
මෙම post එකෙන් මම බලාපොරොත්තු වෙන්නෙ
HTML file එකක මූලික වියුහය(Structure) එක ගැන පැහැදිලි කිරීමක් කරන්න.
ඇත්තටම බොහෝ අයට මේ පිළිබඳව මූලික හෝ දැනුමක් තිබෙනව. නමුත් වඩාත්
ක්රමාණුකූල ලෙස හා පරිපූර්ණ ලෙස මෙම පාඩම් මාලාව කරගෙන යාමට අවශ්‍ය නිසා
එම කොටස්ද ඇතුලත් කරන්න සිතුව. දැන් අපි බලමු වෙබ් බ්‍රවුසරයක් කොහොමද HTML
file එකක් හඳුනාගන්නෙ කියල. මේ සඳහා ඔබ notepad එක හෝ වෙනයම් මෘදුකාංගයක්
බාවිතයෙන් ලියනු ලබන code(කේතය) ය .html හෝ .htm ආකාරය save කරගත යුතුයි.
මීට අදාලව මම විසින් යොදා ඇති පහත රූප සටහණ හොදින් නිරීක්ෂණය කරන්න.
රූපය පැහැදිලි නැත්නම් එය මත click කරන්න
තවත් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන් තැනක් තමයි ඇයි මේ Extension
ආකාර දෙකක් පවතින්නෙ කියල.ඇත්තටම මෙසේ .html ලෙස හා .htm ආදී වශයෙන්
Extension දෙකක් HTML file සඳහා තිබුනත් Extension එකේ වෙනස හැරෙන්ට වෙන
කිසිඳු වෙසක් මෙම Extension වර්ග දෙක අතර නැහැ.වඩාත් පැහැදිලිව සහ සරලව
කිව්වොත් ඔයාල කැමති Extension එකක් බාවිතා කරන්න පුලුවන්. ඒ කියන්නෙ .html
බාවිතා කරත් .htm බාවිතා කරත් මේ දෙක අතර කිසිඳු කිරියාකාරීත්වයේ වෙනසක්
නැහැ.
තවදුරටත් පැහැදිලිකරගන්න පහත සඳහන් කොටසත් කියවන්න.
html සහ htm යන Extension අතර වෙනස ඇත්තේ ඉංග්‍රීසි වචනයක බෙදා වෙන්කර
ලිවීම මත හෝ එක්කර ලිවීම මතය. ඒ අනුව එම Extension දෙකෙ සෑදෙන ආකාරය පහතින්
දක්වා ඇත.
HTML කියන කෙටිවචනයෙන්/සංකේතනාමයෙන්(Acronym) එකෙහි දීර්ග නාමය වන්නේ Hyper Text Markup Language කියන එකයි.
HTM කියන කෙටිවචනයෙන්/සංකේතනාමයෙන්(Acronym) එකෙහි දීර්ග නාමය වන්නේ Hypertext Markup Language කියන එකයි.
බලන්න වචනයක් කර හදියක්:D
ඉහත කරුනු සියල්ල සලකා බැලුවොත් දැන් අපි දන්නව කොහොමද වෙබ් බ්‍රව්සරයක්
HTML file හඳුනාගන්නෙ කියල සහ එම files කොහොමද HTML file ලෙස පරිගණකයේ
save කරගන්නෙ කියල.ඇත්තටම ඔයාලට කම්මැලිත් ඇති නේද මෙතරම් සරල දෙයක් මෙච්චර
පැහැදි කරනකොට. ඒත් ඉතින් මම බ්ලොග් කරුවෙක් විදියට සෑම සුලු දෙයක්ම ගොඩක්
පැහැදිලි වෙන ආකාරයෙන් හැමෝටම ගැලපෙන විදියට ලියන එක මගේ යුතුකමක් විදියට
මම සලකනව.අනික පුංචි දේ වුනත් දැනගන්න එකේ වරදකුත් නැහැනෙ.කෙසේ වෙතත්
දැනටමත් යම් දැනුමක් ඇති මාගේ පාඨකයින්ට මේ නිසා වන අපහසුතාවය ගැන මම
කණගාටුවනව.
දැන් අපි බලමු HTML file එකක මූලික වියුහය(Structure) එක මොන වගේද කියල
<html>
<head>
</head>
<body>
</body>
</html>
රූපයක් ආශ්රයෙන්
ඔය ඉහතින් දක්වා ඇත්තේ HTML file එකක මූලික වියුහයයි.එහි ඔයාලට දකින්න
පුලුවන් <html></html> ටැගයන් යුගල තුල
<head></head> හා <body></body> ටැගයන්(tags)
ඇතුලත්වන ආකාරය. ඇත්තටම ඔය ටැගස් තමයි HTML file එකක මූලික tags වන්නෙ.
සියලුම HTML file වල මෙම ටැගස් මෙම වියුහයට අනුව සකස් වී ඇති අන්දම දකින්න
පුලුවන්. හැබැයි මේදේත් කියන්නම ඔනෙ මොකද වෙබ් බ්රවුසරයන්ට HTML files
හඳුනා ගන්න මෙම කිසිඳු ටැගයක් අවශ්‍ය වන්නේ නැහැ. එකම දේ HTML code (කේතය)
එක ඇතුලත් file එක .html ලෙස හෝ .htm යන Extension වලින් save කරගැනීම
පමණයි.
හොඳයි මම හිතනව ඔයාලට HTML files වල මූලික වයුහය ගැන සහ ඒ ආශ්රිත අනෙකුත් දේවල් සම්බන්දව හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියල.
Comments
Post a Comment