AutoCad භාවිතා කිරීමේදී ඔබට හමුවන වැදගත් ඉංග්‍රීසි වචන කීපයක තේරුම්
පහතින් ලබාගත් හැක.මෙහි එන සමහරක් වචන වල තේරුම් ලබාදී ඇත්තේ AutoCad
මෘදුකාංගයට ගැලපෙන පරිදිය.
වෘත්තයෙන් හතරෙන් එකක කොටස
|
AutoCad භාවිතා කිරීමේදී ඔබට හමුවන වැදගත් ඉංග්‍රීසි වචන කීපයක තේරුම්
පහතින් ලබාගත් හැක.මෙහි එන සමහරක් වචන වල තේරුම් ලබාදී ඇත්තේ AutoCad
මෘදුකාංගයට ගැලපෙන පරිදිය.
රේඛාවක්,වෘත්තයක් වැනි අදින ලද කොටසක්
|
AutoCad භාවිතා කිරීමේදී ඔබට හමුවන වැදගත් ඉංග්‍රීසි වචන කීපයක තේරුම්
පහතින් ලබාගත් හැක.මෙහි එන සමහරක් වචන වල තේරුම් ලබාදී ඇත්තේ AutoCad
මෘදුකාංගයට ගැලපෙන පරිදිය.
එකම ආකාරයයේ ගතිගුණ සහිත සමූහයක්
|
ටේපර් ඈන්ගල් එකකට සමාන දෙයක්
|
ආකෘතිය
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම.
සුදුසුකම් :-
නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත්‍ර ඉදිරිපත් කිරීම.
- අදාල බිම් කොටස නගර සභාව මගින් යෝජිත සංවර්ධනය සඳහා අනුමත කර තිබීම.
- එම අනුමත මානක සැලැස්මේ පිටපතක් ඉදිරිපත්කල යුතුය.
- ඉදිරිපත්කරන සැලසුම ඉදිරිපෙනුම,පැති පෙනුම, හරස්කඩ, ක්ෂේත්‍ර සැලසුම, සංවර්ධනයේ මාතෘකාව, අත්තිවාරම් හරස්කඩ ඇතුලත්ව තිබිය යුතුය.
- ඉදිරිපත් කරන සැලසුම නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව හා අදාල පරිමාණයන්ගෙන් යුක්තව සකස්කර තිබීම.
- සුදුසුකම්ලත් පුද්ගලයෙකු සහතික කර තිබීම.
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :- කැස්බෑව නගර සභාවේ ගොඩනැගිලි අංශය.
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- -රු : 200.0012% වැට් -රු : 24.00 ඉදිරිපත් කලයුතු වේලාවන් :-කාර්යාලීය දිනවල -පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා -ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා.සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- (පෙරසැරි ගාස්තුව)ලැයිස්තුවක් අමුණා ඇත.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-සති 02 ක් හෝ 08 ක් අතරතුර.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :- 1. නේවාසික-
- කැස්බෑව නගර සභාව විසින් අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්
- අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03 ක්
- ඔප්පු පිටපතක්.
- අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.
- වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.
- අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය.
2. වාණිජ හා කර්මාන්ත.
- කැස්බෑව නගර සභාව මගින් වාණිජ හෝ කර්මාන්ත භාවිතය සඳහා අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්.
- අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03 ක්
- ඔප්පු පිටපතක්.
- අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.
- වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.
- අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය.
- ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශය.
- කර්මාන්ත භාවිතය සඳහා නම් මූලික සැලසුම් නිරාකරණ අයදුම්පතක් (පී.සී) ඉදිරිපත් කල යුතුය.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :- තනතුරකර්මාන්ත අධිකාරීඩබ්.ඒ.පී.විජේකාන්තකර්මාන්ත+94-11-2614250+94-11-2618102 අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි ක්‍රියාත්මක 1986.03.10 දිනට ප්‍රථම බෙදා වෙන්කල ඉඩම් කැබලි සම්බන්ධයෙන්.
ඉල්ලුම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත
ආයතනයේ තොරතුරුකැස්බෑව නගර සභාව කැස්බෑව නගර සභාව, සමරකෝන් මාවත, පිළියන්දල
secretory දුරකථන:+94-11-2618100 /+94-11-2614201 ෆැක්ස් අංක:+94-11-2618102:
මුල්ගල් තැබීමේ නිවැරදි ක්‍රම සහ අනුගමනය කලයුතු වතාවත්
මුල්ගල් තැබීම ජ්‍යොතිෂ විද්‍යාව හා වාස්තු විද්‍යාව අනුව නොකළහොත් නිවසේ ප්‍රධානියාටත් පවුලේ අනෙක් සාමාජිකයන්ටත් විපත් කරදර ගෙනදීම් මෙන්ම වැඩ ප්‍රමාදවීම්ද හේතු වේ. භූමනාග පෙරලුම අනුවද නැකැත් බලා දිසා අනුවද එය කළයුතු වේ.
නියමිත දිනට කලින් දින පවුලේ සියලු දෙනාම පංසලට ගොස් බෝධි පූජාවක් තබා දෙවියන්ට, මලගිය ඥාතීන්ට පිං අනුමෝදම් කර තම කාර්යය සඵල වේවායැයි අධිෂ්ධාන කොට, තමාට හැකි පමණින් ගේ සාදා පදිංචි වී ඔප්පු කිරීම සඳහා බාරයක් තැබීම.
ඉන්පසු රාත්‍රී 10ට පමණ නියමිත භූමියේ අවශ්‍ය ප්‍රමාණය අනුව හතර කොන හා ගම්භාර දෙවියන්ට මල්පැල සාදා මල් බුලත් හුරුළු පුදා පැපෝල බෑ වලින් පහන් දල්වන්න. සුවඳ දුම් අල්ලන්න.
ඉන්පසු ඉඩමේ අටකොන් ගඩොල් 8ක් උඩ මැටි පහන් 8ක් දල්වන්න. බිම පහන් 8 ක් දල්වන්න. ඒ අසලම මිටි රියනක් ගැඹුරට වලවල් 8 ක් කපා ඒ තුල පහන් 8ක් දල්වන්න. (මේ පූජාව බහිරව දෙවියන් උදෙසාය) අංග සම්පූර්ණ බහිරව පූජාවක් තබන්නේනම් වඩාත් හොඳය. මෙම කටයුතු දැහැමිව මෛත්‍රී සිත් පෙරටුව කල යුතුය.
පසුදින (නැකැත් දින) හිරු උදාවත් සමග මල්පැල්වල පහනක් දල්වා මල් බුලත් පුදා සුවඳ දුම් අල්ලන්න. බිම හෝ වලවල්වල පහන් නොදැල්විය යුතුය. ඉන්පසු නියමිත වෙලාවට සුභ දිශාව බලා ලණු ඇදීම කලයුතු වේ. මෙම වෙලාවට ආසන්නව ඉතිරෙන සේ කිරි මුට්ටියක් ඉතිරවීම කරන්න.
ලණු ඇදීම - අත්තිවාරම් කැපීම, මුල්ගල් තැබීම ගෘහ මූලිකයා හෝ පවුලේ සුදුසු අයකු විසින් කලයුතුය. මේ සඳහා රෝගයකින් හෝ කිසියම් ආබාධයකින් පෙලෙන අය නොගත යුතුය. පවුලේ සියළු දෙනා නා පිරිසුදු වී සුදු ඇඳුම් ඇඳ සුරාවෙන් හා කිලි වලින් තොරව පංචශීලය සමාදන් වී කටයුතු කල යුතුය. නැකැත් අනුව කටයුතු කරන අය රන් ආභරණ පළඳා දකුණු අතේ වෙදගිල්ලේ රන් මුදුවක් පළඳා මංගල කූඤ්ඤය ගසා නූල ඇදීම කලයුතු වේ. මේ සඳහා කරුව සිටින සේ අමු කොස් අත්තක් කපා එයට පොල් මලක් බැඳ පොල් ගෙඩ් දෙකක් එල්ලා ගත යුතුය.
සුභ මොහොතට කූඤ්ඤය ගැසීමට නියමිත තැනින් රන් මුදුව බිම වදින සේ පස් මිටක් ගන්න. (එය බෑගයකට දමාගන්න) පස්මිට ගත්තැන මංගල කූඤ්ඤය (කප) සිටුවන්න. ඒ මුල නිවසට අධිපති දේවතා වෙනුවෙන් පහනක් දල්වන්න. (ශිව-බ්‍රහ්ම-විෂ්ණු) ඉන්පසු නූල බැඳ කූඤ්ඤය ගසා දකුණට ඇදෙන සේ නූල ඇදීම බාස් උන්නැයේ විසින් කරවන්න.
ඉන්පසු නියමිත වේලාවට මංගල පිඩැල්ල කපන්න. (එයද කලින් පස්මිට ගත් බෑගයටම දමන්න) අවශ්‍ය ප්‍රමාණයට අත්තිවාරම කපාගන්න.
ඉන්පසු සුභ මොහොතට මුල්ගල තබන්න. මෙම අවස්ථාවේදී ශබ්දනගා කථාකිරීම් නොකල යුතු වේ. ස්වාමින් වහන්සේ නමක් හෝ වෙනත් වැඩිහිටියකු ලවා සෙත් පිරිත් කියවන්න.
විශේෂ කරුණු
අයින්කල පස් බෑගය ගලායන දියට දමන්න. (මුල්ගල තැබීමෙන් පසු) මෙම කටයුතු වලින් පසු ගෙට අදාල සීමාව තුල කිසිවකුට හෝ කෑමබීම ගැනීමට ඉඩ නොදිය යුතුය. වැඩකරන කාර්මිකයන්ට කෑම බීම ගැනීම සඳහා වෙනමම තැනක් සූදානම් කර දෙන්න. සීමාව වටා පැලැල්ලකින් ආවරණය කිරීම කරන්න. ලිං පස් වැසිකිලි වලෙහි පස් ගෙබිමට නොගන්න. පදිංචියට යනතෙක් පාළුවට නොහරින්න.
නැකැත් දිනවලදී මස්, මාළු හා සුරාව භාවිතයෙන් වලකින්න.
බෞද්ධාමික නොවන අය තම ආගමික තත්වයන් අනුව සුදුසු ආගමික වතාවත් සිදුකිරීම, බෙන්සාරුකල බොරලික්කන් දැමීම, සුද්ධ ජලය ඉසීම කරන්න. ඉහත සඳහන් අනෙකුත් වතාවන් හැකි පමණ ඉටුකරන්න.
මෙසේ පිරිසුදු හොඳ හිතින් කටයුතු කිරීමෙන් පහසුවෙන් හා ඉක්මනින් වැඩ අවසන් කිරීමට හැකිවීම, වියදම් අඩුවීම, පවුලේ සමගිය ඇතිවීම හා දියුණුව ඇතිවීම, හදිසි බාධක නොයෙදීම, හදිසි ධනලාභ උදාවීම තම අභිවෘද්ධියට හේතු වේ. ආයු-වර්ණ-සැප-බල නුවණ ඇතිවේ.
ප්‍රධාන දොරටුව ආශ්‍රිතව දෝෂ 18 ක් වාස්තු විද්‍යාවේ දැක්වේ
බ්‍රහ්ම වේද දෝෂ නිවසේ හරි මැදින් දොර තැබීම නිසා නිවැසියන්ගේ කිර්තිය නැතිවීම හා නිවස අනාරක්ෂිත වේ. කදිම වේද දෝෂ නිවස ඉදිරිපිට මඩ වලක් පිහිටා තිබීම ඉතා අසුභ ඵල ගෙන දේ ජල නිර්ගමන දෝෂ ප්‍රධාන දොරටුව ඉදිරිපිට වංගුවක් ලෙස ඇලක් හෝ ගගක් වැනි දියපාරක් ගමන් කිරීම නිවසට ධන හානි භව භෝග දේපල හානි සිදුවේ. දේවතා වේද දෝෂ ෙද්වතා පිළිම ඉදිරියේ නිවාස පිහිටු වීම නිතර කලබල ඇතිවීමට හා වෙනත් දෝෂ ඇත්විය හැක. සුසාන වේද දෝෂ ෙසාහොන් මෘත ශරීරාගාර අසල නිවාස පිහිටා තිබීමද අසුබ ඵල ගෙනන නිවසෙහි ශ්‍රියාව නැතිකරන ආදායම් තත්වය පහල හෙලන දෝෂයකි. මාර්ග වේද දෝෂ නිවාස ඉදිරිපිටින් වංගුවක් සහිත මාර්ගයක් ඇත්නම් එය ඉතා අසුභය. වෘක්ෂාවේද දෝෂ නිවසෙහි ඉදිරිපස දොර කෙලින්ම විශාල ගසක් තිබීම ද විවිධ බාධක ලදුන්ට අපල ගෙනෙන දෝෂයකි. කුප වේද දෝෂ නිවස ඉදිරියේ ම ළිදත් පිහිටා තිබීම ද අසුභ ඵල ගෙන දේ ස්ථම්භ වේද දෝෂ නිවස ඉදිරියේ ප්‍රධාන දොර අසල ගල් කණු හෝ වෙනත් කණු පිහිටා තිබීම නිසා ආරක්ෂාවට හානි පැමිණේ. කෝණ වේද දෝෂ නිවසේ ප්‍රධාන දොර පැත්ත අසලින්ම වෙනත් නිවසක බිත්ති කෝණ වැටීම නිසා මෙම දෝෂය ඇතිවේ. ද්වාර දෝෂ නිවසක ප්‍රධාන දොර කෙලින්ම වෙනත් නිවසක දොරක් පිහිටා තිබීම අසුභ ඵල ගෙනෙන්නකි. නිරස්ථීන දෝෂ කුකුල් කොටු ගව ගාල් පිහිටා තිබීම අසුභ ඵල ගෙන දේ මර්මස්ථාන දෝෂ නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට කුණු කසල බැහැර කරන ස්ථාන තිබීම සුදුසු නොවේ. කුම්භකාර වේද දෝෂ නිවස ඉදිරියේ ගඩොල් වලං පෝරණු වැනි දෑ තිබීම අසුභය. රජක වේද දෝෂ නිවස අසල රෙදි සෝදන ස්ථාන තිබීම සුදුසු නොවේ. ගණිකා වේද දෝෂ නිවස ඉදිරිපිට ගණිකා නිවාස වැනි දෑ තිබීම මෙ නම් වේ. ධග්ධ රේඛ වේද දෝෂ ධග්ධ රේඛා හෙවත් මරුශුලය ගිණිකතුර හා විථී යන ර්ඛා වලටද වහලේ යට ලීමුදුන් ලී ආදියටද බ්‍රහ්ම පාදය කැපී යන කෝණ වලටද ප්‍රධාන දොරටුව තැබීම දෝෂ සහිත වේ. රාජ වේද දෝෂ මැති ඇමති වරු රජයේ නිල නිවාස ආදියට මුහුණට මුහුණ ලා නිවාස පිහිටීම ද දෝෂ සහිතය.
නිවාස අත්තිවාරම් දැමීම
නිවසක් තැනීෙම්දී ඉඩමට මුලින්ම ගෙන ආ යුත්තේ වැලි නොව කලු ගල්ය. ෙබාහෝදෙනාට මේ පිළිබදව අවබෝධයක් නොමැත. එසේ මුලින් ගෙනෙන කලු ගල් වලින් ඉතා හොද කලු ගලක් මුල් ගල වශයෙන් වෙන් කර ගත යුතුය බොහෝ දෙනා මුල්ගල ලෙස තබන්නේ නිදන් වස්තු මංජුසාවයි. එහෙත් එය වැරදි ක්‍රමයකි. මුලින්ම තැබිය යුත්තේ තෝරාගත් කලු ගල වන අතර එය නොපෑගෙන තැනක එනම් බිත්තිය සම්පූර්ණයෙන් බැදෙන තැනක තැබිය යුතුය. අත්තිවාරමේදී කුමන අයුරකින්වත් කුරුස හැඩයට බිත්ති බැදෙන ලෙස ආරම්භ නොකල යුතුය.මෙහිදි කුස්තුර මාරැවීමක් සිදු නොවන නිසා බිත්ති පුපුරා යාමට ඉඩ ඇත.
මුළුතැන්ගෙය
1. ඔබේ මුළුතැන්ගෙය නිවෙසේ ඉදිරිදොරට වඩා පසුපස දොරට සමීපවන්නට පිහිටුවන්න
2. නිවෙසේ කේන්ද්‍රයට වන්නට මුළුතැන්ගෙය පිහිටුවීම සුදුසු නැහැ. එය අසුබ දෙයක් ලෙස සැලකෙනවා.
3. ලිප් ස්ථානගත කිරීමේ දී ඒවා වැසිකිලිවල දොරටුවට මුහුණපාන පරිදි නො පිහිටන බවට වගබලා ගන්න. එසේ වුවහොත් ආහාර පිසීමේ දී එය පවුල වෙත අවාසනාව රැගෙන එන බව විශ්වාස කෙරෙනවා.
5. ලිප් පිහිටුවීමේදී එය ශීතකරණය අසල හෝ ඊට ප‍්‍රතිවිරුද්ධ අන්තයේ හෝ නොවන බවටත්, සින්ක් එක අසල නොවන බවටත්, වැසිකිලියට වඩා පහළ මට්ටමක නොවන
බවටත් සැලකිලිමත් වෙන්න.
6. නිවෙස් පිරිසිදුම ස්ථානය මුලුතැන් ගෙය විය යුතුය. 7 මුලුතැන්ෙගයි ඇති සෑම ලිපක්ම ක්‍රියාත්මක වීම වැදගත් වේ.ඒ නොවේ නම් ඒවා ඉවත් කරන්න.
|
Comments
Post a Comment