ටෙලිකොම් ගොසිප් telecom gossips lanka
ලංකාව අන්තර්ජාතිකව අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නෙ කෝමද?
මේ පිළිබදව ඔබ විකි පිටුව
(Wikipedia page) බැලුවොත් ඔබට පේනවා ඇති කලකින් අලුත් නොවූ පැරණි තොරතුරු
සමුදායක්. ජාලකරණය(Networking) කියන්නෙ ටිකක් පුලුල් විශයක් වගේම ගැඹුරු
එකක්. එකපාරටම අපිට කියන්න බැහැ මේන්න මේ විදියට අන්තර්ජාලය(Internet)
තියෙනවා. මේන් මේ විදියට සම්බන්ධ වෙලා තියෙනවාකියලා. ලංකාවට මුහුදු
කේබල(Submarine cable) කිහිපයක් තිබෙනවා. ඒ අතරින් දැනට සක්‍රියව දායක වන
මුහුදු කේබල තුනක් තිබෙනවා. සී මී වී 3 කේබලය සී මී වී 4 කේ බලය සහ ලංකා බෙල් ආයතනය සම්බන්ධ වෙලා තියෙන ෆ්ලැග් කේබල හරහා ලංකාව අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තිබෙනවා. එයිනුත් දැනට විශාලම දත්ත ප්‍රමාණයක් හුවමාරු වෙන්නෙ සී මී වී 4
කේබලය හරහා. එයින් සමස්ථ දත්ත වලින් සියයට අසූවක් විතරම හුවමාරු වෙනවා
කියලා තමයි ආරංචි වෙන්නෙ. ලංකාවෙ දුරකථන සමාගම් හයක් හතක් තිබුනාට
අන්තර්ජාතිකව සම්බන්ධ කේබල තිබෙන්නෙ ලංකා බෙල් සහ ශ්‍රී ලංකා ටෙලිකොම්
ආයතනයට පමණයි.
මුහුද යට සී මී වී කේබල් එකේ එක් ස්ථානයක් |
ලංකාවෙ ඇතුලෙ දැන් ෆයිබර් ඔප්ටික් ඇදගෙන යනවා නේද?
ලංකාව
ඇතුලෙ ඔප්ටිකල් නෙට්වර්ක් (Optical Network ) එකක් හෙවත් ප්‍රකාශ ජාලයක්
මුලින්ම පටන් ගන්නෙ ටෙලිකොම් ආයතනය. එහි ඉතිහාසය බැලුවොත් 2000 වසරටත්
කලින් අතීතෙකට දිව යනවා. දැනට ටෙලිකොම් ආයතනය සතුව කිලෝමීටර දහස් ගනනක්
පුරා දිවෙන ඔප්ටිකල් නෙට් වර්ක් එක්ක තිබෙනවා. 2010-11 වසරවල පටන් ඩයලොග්
සමාගමද අලුතින් ෆයිබර් ඔප්ටික් කේබල ජාලයක් ඇතිකරගෙන යනවා. මුලින්ම ඩයලොග්
එක භූගත කේබල(Duct Cabling) වලට ගියත් දැන් ඔවුනුත් ගුවන් කේබල(Aerial
cable) වලට යමින් සිටිනවා.
ටෙලිකොම් එකේන පෙට්ටි වගයක් ගහගෙන යනවා නේද?
ටෙලිපෝන්
එක්ස්චේන්ජ්(telephone Exchange) එකකින් වෙන සියලුම කර්තව්‍යයන් එකට කැටි
කරලා එම් සාන්(MSAN- Multiple Service Access Node) කියලා පෙට්ටි ජාතියක්
තියෙනවා. සන්නිවේදන මධ්‍යස්ථාන ලොකුවට පිහිටුවන්න ඉඩපහසුකම් වගේම
ඉදිකිරීම් කරන්න ලොකු මුදලකුත් වැය වෙනවා. ඒ නිසා මේ එම් සාන් කියන පෙට්ටි
ජාතිය දැන් ටෙලිකොම් එකෙන් රට වටා සාර්ථකව ඉදිකරගෙන යනවා. ඒ හරහා ඒ
පෙට්ටියට ඔප්ටිකල් ෆයිබර් කේබලයක් අනිවාර්යෙන් සම්බන්ධ වෙනවා. තව ඉතිං
අකුනු සන්නායක, විදුලි බලය, අව් වැසි ආවරණ ආදියත් තියෙනවා. ඉන් අනතුරුව පරණ
විදියටම එතන ඉදලා තඹ කේබල(Copper cables) හරහා දත්ත නිවෙස් වලට බෙදා
හරිනවා. නමුත් මේ පෙට්ටි වලින් ෆයිබර් ලයින් වුනත් දෙන්න පුලුවනි ආයතන වලට.
දැනට නම ටෙලිකොම් ආයතනය නිවෙස් සදහා(FTTH) දැනට ෆයිබර් දෙන්නෙ නැහැ. නමුත්
ආයතන සදහා භාවිතාවන් වලට ෆයිබර් ඇදලා කනෙක්ෂන් දෙනවා. මේ පෙට්ටි ගැනත් ඒ
හරහා යන තාක්ෂණය ගැනත් ටෙලිකොම් එක ජනතාව දැනුවත් කරන පාටක් පේන්න නැහැ.
දැන් ඔන්න කිරිවන්දෙනියෙ ජනතාවට ටෙලිකොම් හරහා අධිවේගි අන්තර්ජාල වේගයන්
ගන්න පුලුවන් කිව්වම මිනිස්සු පුදුම වෙනවා. මොකෑ ඉතිං ළඟම ටෙලිකොම්
එක්ස්චේන්ජ් එකකට යන්න බස් එකේ පැයක දෙකක ගමනක් යන්න එපායැ. ඒකට ඉතිං අපිට
කොරන්න දෙයක් නැහැ. තියෙන දේවල් ටික හරියට මාකට් කොරගන්න දන්නෙ නැති එකත්
කොම්පැනි පහලට යන්න එක හේතුවක් නෙව.
පිටරට භාවිත වෙන එම්සාන් පෙට්ටියක් |
ඔය ෆයිබර් මොකටද දැන් ඉතිං වයර්ලස් නේ හැමදේම?
අමරිකාව
යුරෝපෙ දකුනු කොරියාව වගේ රටවල ශක්තිමත් ඕප්ටිකල් නෙට් වර්ක් තිබෙනවා. ඒවා
හරහා විශාල ප්‍රමාණයේ දත්ත සමාදායක් එකවර හුවමාරු කරගන්න පුලුවන්. මේ
ඔප්ටිකල් කේබල හරහා තමයි දැනට විශාලම පරිමාවකින් දත්ත හුවමාරු කරන්න
පුලුවන් වෙලා තියෙන්නෙ. ගූගල් සමාගමත් අමරිකාවෙ නවතම ජාලයක් හදාගෙන යනවාලු
ෆයිබර් කේබල් ගහලා. දකුණු කොරියාවත් තමුංගෙ රටේ සන්නිවේදන හැකියාව වර්ධනය
කරන්න දරුනු ලෙස මහන්සි වෙනවා. කොයි තරම් වයර් රහිත තාක්ෂන තිබුනත් ඒවා
බොහෝ විට භාවිත වෙන්නෙ දැන් දැන් අවසාන කස්ටමර් ඉන්න තැනට.(Wi fi, wi max)
එතනින් එහාට ජාලකරණ කටයුතු ගොඩක් දුරට දැන් ඔප්ටික්ල් කේබල් හරහා සිදු
වෙනවා.
දැන් ඔය මොබයිල් ටවර් වලටත් කේබල් දානවලු නේද?
මේ
මොබයිල් ටවර් වලට අපිට අච්චර මෙච්චර එම් බී පී ඇස්(Mbps) ගානක් දෙන්න නම්
අනික් පැත්තෙන් ටවර් එකට එන ලයින් එක ලොකු වෙන්න ඕනි. හරි සරලයි. පාරෙ බටේ
ලොකුවෙලා ගොඩක් වතුරු ආවෙ නැතොත් අපේ ගෙදර ටැප් එක ලොකු වුනාට වැඩක් නැහැ.
ආන්න ඒ වගේ ටවර් එකට එන දත්ත පරිමාව වැඩිකලේ නැත්තං කොච්චර ලොකු තාක්ෂන
ආවත් ඒවායේ ප්‍රතිපල ගන්න හැකියාව ලැබෙන්නෙ නැහැ. අනික තමයි දැන් ලංකාවෙ
දුරකථන සහ අන්තර්ජාල පාරිභෝගික සංඛ්‍යාව සීඝ්‍රෙයන් වැඩිවේගෙන යන නිසා එක්
කුළුනකට දරන්න වෙන පාරිභෝගිකයින් ගාන වැඩියි. එතකොට කෝමත් කුළුනට එන
කොනෙක්සම ලොකු වෙන්න එපායැ. ඩයලොග් සමාගම ඔප්ටිකල් කේබල් ඇදපු එකේ ප්‍රධාන
අරමුණක් තමයි තමුගේ ටවර් වල ධාරිතාවය වැඩිකර ගන්න එක. ඉන් පස්සෙ එයාලට
පුලුවන් නෙව එක එක ජාති සේවිස් පාරිභෝගිකයින්ට දෙන්න.
දැනට
මොබිටෙල් සමාගමත් 2010 ඉදලා ටෙලිකොම් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔවුන්ගේ
කුළුනු රාශියකට අවශ්‍ය දත්ත ගනුදෙනු ටෙලිකොම් ඔප්ටිකල් නෙට්වර්ක් එක හරහා
කරන්න යනවා. දැනටත් ටවර් සිය ගනනක් ටෙලිකොම් ඔප්ටික්ල නෙට්වර්ක් එකට
සම්බන්ධ වෙලා ඉවරයි.
හච්ංසන්, එටිසලාට්, එයාර්ටෙල් සමාගම් වලට එයාල
ඇදගතපු ෆයිබර් නැහැ. ඒ නිසා එයාල ඩයලොග් හෝ ටෙලිකොම් ආයතන හරහා තමයි
තමුංගේ කුළුනු වලට අවශ්‍ය ජාල පහසුකම් ලබාගන්නෙ.
ලංකාවට තියෙන මුහුදු කේබල් මදි වගේ නේ?
ඇත්ත
මෙහි පූර්ණ සත්‍යතාවයක් තියෙනවා. ලංකාවෙ දැනට සී මී වී 4 කේබලයට හානියක්
වුනා කියන්නෙ ලංකාව ඇතුලෙ අන්තර්ජාලය දැඩි ලෙස බිදවැටීම් වලට ලක්වෙනවා. ඒක
ඇවිල්ල මොබයිල්ද වයර්ද කියාල නැහැ හැම එකම එකපාර ස්ලෝ වෙනවා. මේ ලඟදි ඩයලොග් ආයතනය ලංකාවට නව මුහුදු කේබලයක්
දාන්න කටයුතු කරගෙන යනවාලු. මුහුදු කේබලයක් දාන එක නිකං කඩෙන් බඩුවක්
අරංඑනවා වගේ සරලව තිබුනා වෙබ් අඩවි වල. නමුත් ඒක සංකීර්ණ ක්‍රියාවලියක්.
අඩුතරමෙ කේබලය ස්ථාපනය වෙලා පලවෙනි දත්ත හුවමාරුව ලංකාවත් එක්ක වෙන්න තව
අවුරුදු තුන හතරක් වත් යයි. මගේ පුද්ගලික මතේ නම් ඩයලොග් සමාගම ලංකාව ඇතුලෙ
ප්‍රකාශ තන්තු ජාලයක් ස්ථාපනය කරන්න පටන් ගන්න කාලෙම මුහුදු කේබල් ජාලයට
සම්බන්ධ වෙන එක ගැනත් හිතුවනම් හොදයි. එහෙනම් එයාලයි ලංකාවෙ ඇතුලෙ ෆයිබර්
ටික ඇදෙන කොට මුහුදු කේබලයත් ඇවිත් ඉවරයි. නමුත් ලංකාවෙ බොහෝ ආයතන වලට වගේ
වැව හෑරුවට පස්සෙ තමයි එයාලටත් වතුර ගන්න විදිය ගැන හිතන්න මතක් වෙලා
තියෙන්නෙ.
ටෙලිකොම් ආයතනය පැත්තෙන් බැලුවොත් සී මී වී කියන
පද්ධතියෙන් එහාට එයාල හිතන මතන බවක් පේන්නෙ නැහැ. සී මී වී 5 කියලා ඊළඟ සී
මී වී කේබලය එනතෙක් ටෙලිකොම් එක කට ඇරං බලං ඉන්නවා. දැනට නම් සී මී වී 4
කියනකේබලය වැඩිත් එක්ක වෙන්න ඇති. ඒත් දැන් අන්තර්ජාලගත වෙන මනුස්සයො ගාන
එන්න එන්නම වැඩි වෙන නිසා ඉදිරියෙදි ඒක මදිවේවි.
ඉන්දියාවත් මේ සී
මී වී 4 කේබල ජාලයට සම්බන්ධයි. මේ කේබලය බටහිර යුරෝපය, මැදපෙරදිග හරහා යන
ලෝකයේ දැනට තියෙන දිගම මුහුදු කේබලය ලෙස නම් දරා තිබෙනවා. මේ කේබලයේ කොටසක්
වෙන්කරග්නන යන වියදම සාපේකෂව වැඩිලු. මොකෝ මැදපෙරදික සහ බටහිර යුරෝපෙ
පැත්තෙ ඉන්නෙ සල්ලි කාරයො නෙව. ඒ නිසා ඉන්දියාව මීට වසර කිහිපයකට කලිං
ඉදලාම අලුත් කේබල් ජාල එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ ගන්නව කියාල අන්තර්ජාලයේ
තිබුනා. ඒ නැතත් දැන් ඉන්දියාවට මේ කේබලය හැර වෙනත් කේබල් ගනනාවක් ම
තියෙනවා. ඒ අතින් ඉන්ඩියන් අය ඉස්සරහින් ඉන්නවා. ඉන්ඩියාවෙ ඉන්නවා නෙව මහ
සල්ලි කාරයෙක් මුකේෂ් අම්බානි කියලා. මිනිහාට අයිති දුරකථන නෙට්වර්ක් එකක්
තමයි රිලයින්ස් කියන්නෙ. රිලයන්ස් එක හොං කොං පැත්තන් අලුත් කේබලයක් එක්ක
ජොයින් වෙන්න යන කාතාවකුත් තියෙනවා.
අනික ඉන්දියාවෙ යාහු, ගූගල්,
ෆේස්බුක් ආදි ආයතන වල සර්වර් බැංකු ආදිය තියෙලු.එතකෙට ඉන්දියාව ඇතුලෙ
අන්තර්ජාලය භාවිත කරන අයට රටින් පිටට සම්බන්ධ වීම අඩුයිලු. ලංකාවෙ තියෙන්නෙ
පොඩි යූ ටියුබ් සර්වර් එකක් විතරයි. අපිට මහ මුහුදු කේබලය හරහා යන දත්ත
අඩුකරගන්න පුලුවන් ලංකාවෙම විසාල සර්වර් ජාති ගෙනැල්ලා ගහ ගත්තොත්. මගේ ඒ
ගැන වැඩිමනක් දැනුමක් නැහැ. නමුත් වරක් තිලංග සුමතිපාල මහත්තයා ටෙලිකොම්
සභාපති ඉන්නකොට දැනට වැලිකඩ හිරගෙදර තියෙන භූමියට එපිටින් තියෙන මොබිටෙල්
තාක්ෂණීක මූලස්ථානයේ සර්වර් බැංකුවක් දාන්න කතා කොරලා තිබුනාලු. ඒත්
මිනිස්සු මාරු වෙනකොට ඒ මිනිස්සු ගෙනාපු වැදගත් අදහසුත් යටපත් වෙන නිසා ඒක
යට ගියා කියලා රට්ටු කතා වෙනවා.
මොකක් හරි තාක්ෂණීක හේතුවක් නිසා
මුලු ලෝකෙම අන්තර්ජාල වේගය සීමා වෙන කතාවක් මම මේ ලගදි බ්ලොග් එකක දැක්කා.
නමුත් ඒ සීමාවෙන්නෙ ඒ රටවල තියෙන ගිගාබයිට් තත්තරපයට ලැබෙන තරම් වන මහා
වේගයන්. කොහොම වුනත් මට හිතෙන විදියට නම් ලංකාවෙ අන්තර්ජාල වේගය මේ තියෙන
තැනම තව අවුරුදු දෙක තුනක් යනකල් තියේවි. මං දන්න විදියට ලංකාවෙ සන්නිවේදන
බලධාරින් වුනත් කරන්නෙ එදාවේල වැඩ. එයාලට මේවා ගැන ලොකු දැක්මක් නැහැ. එහෙම
වුනාම වෙන්නෙ සැලසුමක් නැතුව මුක්කු වලින් දුවන එක. නමුත් අන්ර්ජාලය වගේ
සංකීර්ණ දෙයක් එක්ක මුක්කු වලින් ෂේප් වෙන්න අමාරුයි.
දකුණු
කොරියාව 2016දි ඒ රටේ ඇතිකල යුතු ප්‍රකාශ ජාලයෙ තිබිය යුතු වේගයන් ගැනපවා
තැන් තැන් වල කතා කරලා ඒ වැඩ පටන් ගන්න කටයුතු පටන් අරන් තියෙනවා. ඒත්
පුද්ගලික සහ රජය සම්බන්ධ ලංකාවෙ තියෙන ඔක්කොම ආයතන එක වගේ. එකිනෙකා වෙළද
පොල වෙනුවෙන් කුලල් කාගන්නවා හැර වෙනත් දීර්ඝ කාලිනව ජනතාවට සැලකිය යුතු
සේවාවක් ලබාදීමගැන හිතන එක ආයතනයක් වත් නැහැ. ආන්ඩුවෙ තැනක් තියෙනවා නියාමන
කොමිසමක් මං හිතන්නෙ නියාමන කොමිසමේ ලොකු පුටුවල ඉන්න අයගේ ආදායම සහ
වියදම් කරන පිලිවෙල ටිකක් කස්ටියක් හොයල බැලුවොත් පුදුම දේවල් හොයාගන්න
පුලුවන් වෙයි. සමහර පංසල් පල්ලි දියුණු කරන්න ආධාර එහෙම එකතුවෙන කාලෙට අනේ
අර සාදුල පූජකයොන්ගේ නානකාමර පවා බොහොම වේගෙන් දියුනු පවුනු වෙනවා නෙව
ආශ්චරියෙන් වාගේ.
ලිපියෙ වැරදි තියෙනං පෙන්නලා යන්න පුලුවනි
කමෙන්ට් එකක් දාලා. අධ්‍යාපනික වැඩකට වගේ ගන්නවා නම් අනිවාර්යෙන් මේ වගේ
ලිපිවල යටින් තියෙන කොමෙන්ට බලලා යන්න මතක තියාගන්න හොදේ.
Comments
Post a Comment