[ HTML ] Part : 07
[ HTML ] Part : 07
සිංහලෙන් HTML සම්බන්දව කෙරෙන පාඩම්
මාලාවේ 7 වන අදියරෙන් මම බලා පොරොත්තු වෙන්නෙ HTML Comments ගැන හා HTML
වල
හෙවත්
ටැගය(tag) සම්බන්දව කතා කරන්න.මෙහිදී
ඔයාලට යම් ගැටලුවක් ඇතිවන්ට පුලුවන් මම මේ පාඩම් මාලාව ඉදිරිපත් කරන්නෙ
අපිළිවෙලටද කියල. පිළිතුර නම් කිසිසේත්ම නැහැ යන්නයි. මෙම පාඩම් මාලාවේ මුල
සිට අග දක්වා ඔබ රැඳී සිටියොත් 100% පරිපූරණත්වයකින් ඔබට HTML ගැන උගත
හැකියි.හොඳයි එම පැහැදිලි කිරීමත් සමග අපි යමු පාඩමට.
අද මම
කතාකරන්න යන්නෙ HTML වල තිබෙන තවත් එක් ටැගයක් සම්බන්දව හා HTML
වලදි comment(අර්ථ නිරූපනය,පරිකථනය,නිදර්ශනය) යොදන ආකාරය ගැන
කතා කරන්න.ඇත්තටම මෙම පාඩම ඉතාම සරල එකක් වෙයි.
මුලින්ම බලමු අද කතාකරන්න බලාපොරොත්තුවන HTML ටැගය(tag) සම්බන්දව. අද
කතා කරන්නෙ HTML වල තියෙන
ටැගය සම්බන්දව. ඔයාලට මතක ඇති
පසුගිය මාගේ HTML සම්බන්දව ලියවුනු post වල මෙම ටැගය ගැන කිහිප සැරයක්ම
සඳහන් කරා.ඒ නිසා මෙම ටැගය හොඳට ඇහැට හුරුපුරුදු ඇති කියල සිතනව. hr යන
කෙටි පදයෙන් කියවෙන්නෙ Horizontal Rule කියන එකයි.
මෙම ටැගයෙන් බාවිතා කරන්නේ හරස් අතට/තිරස් අතට(horizontal) HTML තුල
ඉරි අඳින්න. මේ මගින් HTML තුල තිබෙන අන්තර්ගතයන්(Content) පහසුවෙන්
එකිනෙකක් තවකෙකින් වෙන්කරගත හැකි වෙනව.මෙම ටැගය HTML වලිදි coding කරගන්නා
ආකරය මම පහතින් යතුරුලියනය(Type) කර ඇත.
Nalaka Prasad Wijesiri Samarasinghe
Nalaka Prasad Wijesiri Samarasinghe
Nalaka Prasad Wijesiri Samarasinghe
පහත ආකාරයටත් යොදන්න පුලුවන්. ආදුනිකයන්ට ගැටලුක් ඇතිවෙන්න පුලුවන් නිසා
පැහැදිලි කරනවා මිස මෙය නම් සඳහන් නොකලත් කමක් නැතැයි සිතේ.එසේ වෙතත් සැමගේ
හිත සුව පිනිස එයත් මෙහි සඳහන් කරන්නම්.
Nalaka Prasad Wijesiri Samarasinghe
Nalaka Prasad Wijesiri Samarasinghe
ඔබලාට අවශ්‍ය නම්
යන ටැගය
ලෙසද යොදන්න පුලුවන්
මොකද මෙය යුගල ටැගයන් ගනයට අයත් නොවෙන නිසා තිබෙන ටැගය ආරම්බක
ටැගය(Starting tag/Opening tag) ලෙස සලකන්න පුලුවන්.මේ සම්බන්දව දීර්ඝ
විස්තරයක් ඔබලාට මාගේ පසුගිය HTML සම්බන්දව කෙරුනු ලිපි වලින් ලබාගන්න
පුලුවන්.
ටැගය HTML Editor එකක coding(කේතනය) කර ආකාරය හා
එහි ප්‍රතිඵලය/පූර්ව දර්ශනය(Preview), මම විසින් පහත යොදා ඇති රූප සටහන
මගින් හොදින් නිරීක්ෂණය කරන්න.
රූපය පැහැදිලි නොමාතිනම් එය මත Click කරන්න
හොදයි මම හිතනව HTML වල
නොහොත්
ටැගය(tag) සම්බන්දව
හොද වැටහීමක් ලැබෙන්න ඇතැයි කියල. මේ සම්බන්දව එක් වරක් උවද ප්‍රයොගිකව
අත්හදාබැලීම් කරොත් තත්පරයක් වැනි කෙටි කාලයකදි මෙම ටැගයෙහි හැසිරීම වටහා
ගන්න පුලුවන්.හොදයි එහෙනම් අද post එකෙන් කතා කරන්න බලාපොරොත්තුවුනු දෙවන
මාතෘකාවට එමු.මෙයත් ඉතාම සරල දෙයක් කියල මුලින්ම කියන්නම්කො! මම මෙහිදී කතා
කරන්නෙ HTML Comments සම්බන්දව. මුලිනම බලමු කුමකටද මෙම HTML Comments
බාවිතා කරන්නෙ කියල. ඔව් HTML comments බාවිතා කරන්නෙ HTML code(කේතය) එකේ
යම් යම් දෙවල් අපගේ පහසුවට සඳහන් කොට තබන්න.
උදාරණලෙස ටැගයන්හි ආරම්බක සහ අවසාන ටැගයන් පහසුවෙන් හඳුනාගන්න, පසු බාවිතය
උදෙසා තාවකාලිකව යම් කේත කොටසක් අකර්මන්‍ය(deactivate) කොට තැබීමට, කුමක්
හෝ විස්තරයක් code එකේ සඳහන් කරන්න.වගේ දේවල් වලට මෙසේ comments යෙදුවත්
වෙබ් බ්‍රවුසරය(Web browser) එම comments කොටස නොසකා හරිනවා මෙන්ම ඒවා වෙබ්
පිටුවල සාමාන්‍ය දර්ශනයේදී දර්ශනය වන්නේ නැහැ.
සැ.යු:- Microsoft Internet Explorer යන වෙබ් බ්‍රව්සරය සඳහාම
පමණක් ලියවුනු css(මේ සම්බන්දව සම්පූර්ණ පාඨමාලාවක් HTML සම්බන්ද
පාඨමාලාවෙන් පසුව SinhalaPress මගින් බලාපොරොත්තු වන්න) IE(Internet
Explorer) වෙබ් බ්‍රව්සරයට සම්බන්ද(link) කිරීමේදී විශේෂිත comment ආකාරයක්
බාවිතා කරන අතර ඒ සම්බන්දව සවිස්තර විස්තරයක් ඉදිරි post මගින් බලා
පොරොත්තු වන්න.
හොදයි දැන් අපි බලමු HTML comment එකක් ලියන ආකාරය. එම ආකාරය පහතින් යතුරුලියනට කර ඇත.
Single Line Comment(තනි පේලි කමෙන්ටුවක්) සඳහා උදාහරණයකි.
Multiline Comment(බහු තීරු කමෙන්ටුවක්) සඳහා උදාහරණයකි.
කොටස් දෙක තුල ඔයාලගේ comment එක ලිවීමයි. HTML Editor එකක් මත් ලියන ලද
HTML Comment එකක් සඳහා උදාහරණයක් පහත රූපය මගින් බලාගත හැකිය.
රූපය පැහැදිලි නොමාතිනම් එය මත Click කරන්න
ඔබට බොහෝ වෙබ් අඩවි මතදි මූසිකයේ(Computer mouse) දකුණුපස බොත්තම(Button)
මත Click(ඔබා) මතුවෙන Pop Up List එකේ View Page Source යන තේරීම
ලබාදුන්විට එම වෙබ් අඩවියේ Source code(කේත සටහන)බලා ගත හැකිය. එහිදී ඉහත
පරිදි commets යොදා ඇති අයුරු බලාගත හැකිය.
සැ.යු:- විවිද වර්ගයේ වෙබ් බ්‍රව්සරයන් සඳහා මෙම ක්‍රමය විවිද ආකාරයෙන්
තිබිය හැකිය.නමුත් වර්තමානයේ ඇති ප්‍රධාන වෙබ් බ්‍රව්සරයන් සියල්ලගේම මෙම
පහසුකම බොහෝසෙයින් සමානය.
සැ.යු:- වර්තමානයේ ඇති නවීන HTML Editors(සංස්කාරක) වල ඇති පහසුකම්
නිසා ටැගයන්ගේ පිහිටීම් නිර්ණයට comments යෙදීම අනවශ්‍ය කරුනක් වී ඇත.
එමෙන්ම මෙම comments සඳහා සැලකිය යුතු bits ප්‍රමාණයක් වැය වන නිසා අනවශ්‍ය
comments දැමීමෙන් HTML file(ගොණුව) එකෙහි විශාලත්වය වැඩිවිය හැකිය. එය
හොඳ තාක්ෂණික බාවිතාවක් ලෙස නොගැනෙයි
Comments
Post a Comment