Switch Configuration
Network Switch Configuration කාපු කට්ට.. :O
මම හිතුවා මට එදිනෙදා මතුවෙන ගැටලු සහ ඒවා නිරාකරණය කරපුවා ගැන ඔයාලට කියන්න. Computer Network Field ඔබලාට හුගාක් ප්රයොජනවත් වෙයි.
මෙන්න මේකයි කතන්දරේ අපේ Office එකට Switches වගයක් අඩුවට Ebay පාරක් දාලා
ගෙනාවා කියමුකො. ගෙනාපු එව්වා වලින් එකක් Layer 3 Switch එකක්. අපි Pc එකකට
Ip එහෙම දාලා Switch එකට log වෙන්න බැලුවාම ගණන් ගන්නේවත් නැති විදියට ඔහෙ
ඉන්නවා. ඊට පස්සේ තමයි මතක් උනේ Console Port අපිට ඒකෙනුත් CLI mode
එකෙන් පුලුවන් ගොඩ දාගන්න. බැලින් නම් Switch එකේ Console Port එකකුත් නෑ.
දැන් තවත් මල.. :(
මෙන්න මේකයි Switch එක.. :)
Linksys SFE2000p
ඊලඟ වැඩේ තමයි වෙලා යනම වැඩේ. අපිට මේ Switch කොහොමහරි Log වෙන්න එපැයි.!
Reset කලා ඒත් හරියන පාටක් නෑ. මොනා කරන්න ද ඉතින් IP scanner එකක් දාලා
Switch එකට log වෙන IP එක හොයන්න try එකක් දුන්නා. ඒකට නම් මම පාවිච්චි කලේ
Angry Ip Scanner. මේකෙන් පුලුවන් IP range එකක් දෙන්න. Download හුගාක් කස්ටිය මේක ගැන දන්නවනේ විශෙෂයෙන් SLT use කරන කස්ටිය.. :P
ඔන්න ඕකත් දාලා බැලුවා. කාලෙ නම් යනවා ඒත් හරි යනපාටක් නෑ. කමක් නෑ කියලා
ඉවර වෙනකන්ම තිබ්බා. ඒත් හරි ගියේ නෑ. ඊට පස්සේ තමයි හිතුනේ සමහර විට Ip
Assign වෙලා නැතුව ඇති. සමහර Switches වල නම් Reset කලාම Default IP එකක්
දෙනවානේ. ඒකෙන්නේ අපි Web Console එකට log වෙලා ගොඩ දාගන්නේ.
මේ Switch එකේ Console Port එකක් නැති නිසා. Configure කරන්න තව විදියක්
තියෙනවා. Swich එකේ පිටිපස්සේ Serial Port එකක් තියෙනවා. ඊට පස්සේ Serial
to Serial Cable එකක් අපිට හදන්නත් උනා.
මෙන්න මේක තමයි සාමානයයෙන් Console Cable එක කියන්නේ..
Console Port එකක් තිබ්බා නම් ඔය විදියට ගොඩ දා ගන්න තිබ්බා. :(
හැබයි අපිට මේ වෙලාවෙ හැටියට ඕන වෙන්නේ මෙන්න මේ වගේ එකක් තමයි
ඕන්න අපි අමාරුවෙන් හදපු එක.. :D
ඔන්න එහෙනම් Cable එකත් එවරයි නේ. එහෙනම් අපි ගේමට එන්ටර් වෙමු.
Pc, Switch යන දෙකටම ඔය Cable සම්භන්ද කරන්න.
ඊට පස්සේ අපිට Putty හරි Hyper Terminal ඕන වෙනවා. Putty Download (Hyper Terminal එක Win XP වල Default එනවා. Win 7 වල නෑනෙ. කියලා දෙන්න වඩා ලේසි Putty නේ.. ;) )
Putty Open කරලා Serial කියන Select කරා.
වම් පස Serial කියන Tab එක Click කරන්න. සාමානයයෙන් Speed එක Default
තියෙනවා. අපි Default තියලා හරි ගියේ නෑ. Net එකේ වටේ දුවලා දුවලා තමයි. මේ
Switch එකට වෙනම Bit rate එකක් දාන්න කියලා තිබ්බේ. (හැබැයි මේ Bit rate
එකට හැම එකම Support කරන්නේ නෑ, අපි Routers වලට Log වෙන්නේ Default දාලා
තමයි. හැබයි සමහර එව්වට එක එක Bit Rate වලින් තමයි log වෙන්න තියෙන්නේ)
ඔය විදියට හදා ගත්තාට පස්සේ
ඔන්න ඔහොම Open වෙයි.
එක එක අකුරු සියල්ල Load උනාම Login එකට තමයි එන්නේ.
රූපයේ ආකාරයට කරගෙන යන්න. (හෙබයි හැම Switch එකේම මෙහෙම නෑ හොදේ. මන් හිතන්නේ ටිකක් පරණ බණ්ඩියක් මේක. :D)
ඔතනට IP Subnet දාලා Save කරන්න. :)
දැන් Network Cable එකක් අරන් Switch එකට Plug කරන්න. (Switch එකේ IP,
Subnet එකම Range එකක දාගෙන තියා ගන්න.) ඕකනම් ඉතින් කියන්නත් දෙයක් ද. :P
ඊට පසේ Browser එකට ගිහින් කලින් දුන්න Switch එකේ IP එක දෙන්න.. :)
හික් හික් හික් ඔය ගියෙ යස අගේට.. :)
දැන් ඉතින් තමන්ට ඕන විදියට හදා ගන්න තියෙන්නේ. :)
ඔන්න ඕකයි කතන්දරෙ.. :)
කස්ටියට දැනගන්න මම භාවිතා කරන හුගාක් වැඩ ගන්න Win 7 වල එන සුපිරි Tools දෙකක් මෙන්න.
Snipping tool
මේ Tool එක ලබා ගැනීමට ඕනෙ නම්
Win key + R -> Type snippingtool
වැඩකරමින් තිබෙන ඕනම Screen එකක් Capture කල හැක.. තව වැඩ කල හැක Try කරලා බලන්න.
Problem step recorder
මේ Tool එක ලබා ගැනීමට ඕනෙ නම්
Win key + R -> Type PSR
අපි මොකක් හරි වැඩක් කරගෙන යද්දි Steps ටික Step by Step Image විදියට
Record කරගන්න විදියක්. මේහි Start record දී අපි කරන සියල්ල Record වෙනවා.
Stop කරලා Name එකක් දීලා Save කරන්න. Zip File එකක් විදියට save වෙයි.
ඒකෙ ඇතුලෙ *.mht File එකක් ඇති ඒක Open කලාම Internet Explorer වලින් Open
වෙයි. (Record වෙන Images ප්රමණය නිතරම තිබෙන්නේ 25කි මෙය වෙනස් කල හැකිය)
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
ADSL Router Configuration & Sharing Step By Step
ඕන්න අදත් කස්ටියට හුගාක් ප්රයොජනවත් වෙන දෙයක් අරගෙන ආවා. සමාවෙන්න ඕන
වැඩ අධික බව නිසා මේ Post එකක් ලියන්නත් මේ පැත්තට එන්න බැරි උනා. කොහොමහරි
කොල්ලා ආවානේ ;).
මේ දවස් වල හුගක් අය අහන දෙයක් තමයි SLT එකෙන් දෙන Wifi-Router එක හොඳද
ගත්තොත Pc දෙක තුනක් set කරලා Network පාරක් දාලා File Share කරන්න පුලුවන්
ද කියන එක. SLT එකෙන් ගෙදරට එනකන් ඉන්න දෙයක් නෑ. ඔන්න එහෙනම් සරලව
සිංහලෙන් මුල සිට...
එහෙනම් මුලින්ම Router එකේ නම කියලා ඉමුකො ZTE ZXV10 W300.
මෙන්න මෙහෙමයි Router එකේ ඉදිරිපස.
මෙන්න මෙහෙමයි Router එකේ පසුපස.
හරි දැන් Router එක කොයි වගේද යන්න පොඩි Idea එකක් තියෙනවානේ.
මේ තමයි Manual එකේ තියෙන විදිය
ඉහත රූපසටහනින් සියල්ල පැහැදිලිව පෙනේ
හරි. තව පොඩ්ඩෙන් අමතක වෙනවා Router එකේ Reset Button එක තියෙන තැන. පෑණක් භාවිතා කරලා Reset කරගන්න.. :P
මෙන්න මේක තමයි ADSL Splitter කියන්නේ.
මේකෙන් කරන දේ දන්නවත් ඇතිනෙ..! SLT එකෙන් ගෙදරට එන Connection එක Line
කියන තැනට දෙන්න. Phone Line එක Phone කියන තැනට ද Modem කියන එක Router
එකත ද දෙන්න. :)
මේ තියෙන්නෙ Network Cable (Ethernet Cable) එකක්. (RJ45)
මේ Cable එක Connect කරන්නේ PC to Router.
මේ තියෙන්නෙ Phone Cable එකක්. (RJ11)
මේ Cable එක Connect කරන්නේ Phone to Router.
ඔන්න එහෙනම් User Manual එකත් තියෙනවා. Click Here
හරි එහෙනම් Configuration Part එකට යමු.. :)
Internet Explorer, FireFox, Chrome...etc ඕන Browser එකක් Open කර ගන්න.
කරගෙන Address Bar එකේ 192.168.1.1 යන IP එක Type කර Enter කරන්න.
දැන් මේ තිරය දිස්වේ මෙහි
* User Name - admin
* Password - admin ලෙස type කරන්න මෙය මේම Router එකේ Default Password එක කිව්වොත් වඩාම නිවැරදි.
වැදගත්
Router එකේන් එකට Password වෙනස් වේ. මොකක් හරි Router එකක Default Password එක දැන ගන්න ඕන නම් මෙනන මේ ලින්කුවට යන්න. Click Here. තව දෙයක් Router එක Reset කල පසු Password වෙන්නේ Model එකට එන Default Password එක තමයි.
ඔන්න අපි එහෙනම් Router Log උනා.
හරි දැන් යන්න Interface Setup කියන Tab එකට. ඉන් පසුව Internet කියන Tab එකට යන්න.
* VPI : 8
* VCI : 35 දාන්න.
දැන්
* Service Name : SLT
* User Name : ###$$*****@sltbb.lk
* Password : ********** (User name & Password මොනාද කියලා
එයාලා Connection එක ගන්න දවසෙ කොලයක් දෙන්න ඇති ඒක බලන්න. නැත්තම් 1212
අමතන්න.)
* Encapsulation : PPPOE LLC
කලින් රූපයේ පහල කොටස. Save කරන්න.
Lan එකේ නම් කරන්න දෙයක් නෑ. නිකමට වගේ යන්න.. ;)
කැමති නම් Host IP change කරන්නත් පුලුවන් හැබැයි නොකර ඉන්න එක කෝකටත් හොදයි. :)
දැන් යන්න Wireless කියන Tab එකට. Activated කරන්න.
* SSID : Network සිංහලෙන් (කැමති නමක්)
* Authentication Type : WPA-PSK/WPA2-PSK තොරන්න
* Encryption : TKIP/AES
* Pre Shared Key : Any Password (කැමති Password එකක්)
කලින් රූපයේ පහල කොටස. Save කරන්න.
Router එකට log වෙද්දි අහන Password එක මාරු කරනවා නම් මෙන්න තැන. කැමති Password දුන්නා Save කලා.. :)
මේ දේ නම් දැන ගැනීම පිණිස. Router එකට අපි දීලා තියෙන්නේ DHCP IP ගන්න
කියලා. DHCP IP කියන එක හරියට කිව්වොත් Router එක විසින් IP address නිකුත්
කිරීම. අපිට අවශය නම් පුලුවන් මෙ දේ manual කරන්නත් එයට කියන්නේ Static
IP Address කියලා. පහත විදියට කරගෙන යන්න
දැන් හරි වැඩේ එහෙනම් ඉහත රූපයේ විදියට Pc වලට කැමති විදියකට දාන්න පුලුවන්. 192.168.1.1 නම් දාන්න බෑ. දාපු Ip එකක් ආයි දාන්නත් බෑ. ඉහත රූපයෙ Ip address කොටස පමණක් මාරු කරන්න
එනම්
* 192.168.1.3
* 192.168.1.4
* 192.168.1.5...etc
Pc දෙකක් හෝ ඊට වැඩි ගණනක Data Share කරන විදිය තමයි මෙන්න.
හොදටම තේරෙන්න මෙන්න මෙහෙම කියලා දෙන්නම්.
PC A & PC B කියලා දෙකක් තියෙනවා කියලා හිතන්න. මේ දෙකේ IP 192.168.1.2. & 192.168.1.3
කියලා හිතමුකො
PC B
Start->Run
ඔන්න ගැහුවා PC A එකේ IP එක. \\ 192.168.1.2 මෙහෙමත් පුලුවන් Computer Name
එක ගහන්නත් පුලුවන්. හැබයි කොහොම ගැහුවත් \\ මේක අනිවා ඕනෙ.
ඕන්න ඇහුවා PC A Username Password හරියට දුන්නොත් පමණයි පරිගණකයට log වෙන්න පුලුවන්.
ඔන්න හරි.
කෝ මුකුත් නෑනෙ.. අහ් ඔහොම ඉන්න. තව වැඩ තියෙනවා.
PC A
මේ ටික කරන්න (PC A වල)
හැම Partition එකක්ම අවශය නම් Share කරගන්න. මන් හිතනවා රූපසටහනින් මනාව පැහැදිලිවන නිසා නැවත විස්තර කිරීමට ඕන වෙන එකක් නෑ.
PC B
Start->Run->Type \\192.168.1.2
ඔන්න Share කරපු Partition එක පෙන්නුවා. ඇතුලට ගිහින් බලන්න එහෙනම් වැඩේ හරි. :)
දිග වැඩි ද මන්දා Post එක.. :D
Comments
Post a Comment