mother board










විවිධ වර්ගයේ මදර්බෝඩ් සහ එහි තිබෙන චිප් සෙට්ස්...









විවිධ වර්ගයේ මදර්බෝඩ් සහ එහි තිබෙන චිප් සෙට්ස්...






                    අ
අතරේ පරිගණක පිළිබඳ හසල දැනීමක් ඇති මිතුරු මිතුරියන් කොතෙකුත්
සිටීද.ඔවුන්ට මාගේ මේ ලිපිය සිංහල හෝඩිය වැනි වන්නට පුලුවනි.නමුත් තවමත්
පරිගණක පිළිබඳ ප්‍රාථමික දැනීමක් පමණක් ඇති සොයුරු සොයුරියන්ට මෙය අත්වැලක්
වේවායි පතමි.









                    පරිගණක
ප්‍රධාන පරිපථ පුවරුව වෙන්නේ මවුපුවරුව හෙවත් මදර්බෝඩ් එකයි.මේන්
බෝඩ්,සිස්ටම් බෝඩ් සහ ලොජික් බෝඩ් ලෙස හදුන්වන්නේද මදර්බෝඩ් එකමයි.පරිගණකයට
සම්බන්ධ කෙරෙන භාහිර උපකරණ සියල්ල සම්බන්ධ කරන්නේ මදර්බෝඩ් එකටයි.ඊට අමතරව
මෙමරි කාඩ්,ප්‍රොසෙසරය,ග්‍රැෆික් කාඩ්,සවුන්ඩ් කාඩ්, හාඩ් ඩ්‍රයිව් සහ
ඩිස්ක් ඩ්‍රයිව් යනාදිය මදර්බෝඩ් එකට කෙලින්ම සම්බන්ධ කෙරේ.මෙම උපාංගය අතර
තොරතුරු හුවමාරු කරමින් ඒවා එකිනෙකට සම්බන්ධව හොඳින් ක්‍රියාත්මක වීමට
පසුබිම සකසන්නේ මදර්බෝඩ් එකෙනි.





  
                      මදර්බෝඩ් එකිනෙකට වෙනස් වන්නේ මූලික කාරණා දෙකක්
පදනම් කොටගෙනය.එනම් එහි අඩංගු CPU එක හෙවත් ප්‍රොසෙසරය සහ මවුපුවරුවේ
ප්‍රමාණයයි.





ප්‍රොසෙසරය අනුව මදර්බෝඩ් වර්ග කිරීම...





                    දැන්
තිබෙන මදර්බෝඩ් වැඩි ප්‍රමාණයක් එක්කෝ ඉන්ටෙල් (Intel) ප්‍රොසෙසර් භාවිතා
කරන ඒවාය.නැතහොත් ඒඑම්ඩී (AMD) ප්‍රොසෙසර් භාවිතා වන ඒවාය.ඒ අනුව ප්‍රධාන
වර්ග දෙකකි.





ප්‍රමාණය අනුව මදර්බෝඩ් වර්ග කිරීම...






                    මදර්බෝඩ්
සාදන්නේ ජාත්‍යන්තරව පිලිගත් මිනුම් වලට අනුවය.එහි ප්‍රමාණය හඳුන්වන්නේ
ෆෝම් ෆැක්ටර් (Form Factor) කියාය.මෙය වෙනස් වෙන්නේ මූලික වශයෙන් මදර්බෝඩ්
එකෙහි දිග,පළල,එහි තිබෙන සවිකිරීමේ සිදුරු ගණන,ස්ලොට් සංඛ්‍යාව සහ ස්ලොට්
පිහිටා ඇති පිලිවෙල,කනෙක්ටර් පිහිටා ඇති පිලිවෙල හා සංඛ්‍යාව යනාදියෙනි.



  
                 ෆෝම්ෆැක්ටර් අනුව දැන් වැඩි වශයෙන් පාවිච්චි කරන
මදර්බෝඩ් වර්ග තුනකි.ඒටීඑක්ස් (ATX) , මයික්‍රො ඒටීඑක්ස් (Micro-ATX) සහ
මිනි අයිටීඑක්ස් (Mini-ITX) යනු ඒවාය.මීට අමතරව නැනෝ අයිටීඑක්ස් (Nano-ITX)
සහ පිකෝ අයිටීඑක්ස් (Pico-ITX) නම් කුඩා මදර්බෝඩ්ද එලෙස භාවිතයට ගන්නා
මදර්බෝඩ් අතර පවතී.






http://bantigeadaviya.blogspot.com
ෆෝම් ෆැක්ටර් එකට අනුව තිබෙන විවිධ වර්ගයේ මදර්බෝඩ්

http://bantigadaviya.blaogspot.com







       ATX මදර්බෝඩ්


  
                 ATX මදර්බෝඩ් මධ්‍යම ප්‍රමාණයේ කේසින් එකක සවි කල
හැකිය.මෙහි ඇති වාසිය නම් අලුතින් කාඩ් වර්ග එක්කරගැනීමට එක්ස්පැන්ෂන්
(Expansion) ස්ලොට් ගණනාවක් එහි තිබීමයි.දැන් මෙම ස්ලොට් හයක් හෝ හතක්
තිබෙන මදර්බෝඩ් වැඩි ව්ශයෙන් තිබේ.ඒවාට පීසීඅයි (PCI) ස්ලොට් හතරක් හෝ පහක්
අඩංගු විය හැකිය.එමෙන්ම පීසීඅයි එක්ස්ප්‍රස් (PCI Express) ස්ලොට් දෙකක්
හෝ තුනක් මෙන්ම සාටා (SATA) පෝට් කිහිපයක්ද ATX මදර්බෝඩ් වල තිබේ.



  
                 වැඩි ධාරිතාවක් සහිත පරිගණක වල තිබෙන්නේ ATX
මදර්බෝඩ්ය.මේවයේ PCI ස්ලොට් වැඩි ගණනක් ඇති නිසා කාඩ් වර්ග වැඩි ගණනක් සවි
කරගත හැක.එමෙන්ම වැඩි PCI Express ස්ලොට් ප්‍රමාණයක් ඇති නිසා ග්‍රැෆික්
කාඩ් කිහිපයක් සවි කර මොනිටර් කීපයකින් රූප රාමු ලබා ගැනීමට වුවත් පුළුවන.



  
                 සාමන්‍යයෙන් SATA පෝට් හයක් හෝ ඊට වැඩි ගණනක් ATX
ප්‍රමාණයේ මදර්බෝඩ් තුල තිබෙන බැවින් හාඩ් ඩිස්ක් දෙකක් හෝ කීපයක් මෙන්ම
DVD රයිටර් කීපයක් වුවත් ATX මදර්බෝඩ් වලට සම්බන්ධ කල හැකිය.



  
                 ATX ප්‍රමාණයේ මදර්බෝඩ් වල ඇති තවත් වාසියක් වන්නේ,වැඩි
රැම් ස්ලොට් ගණනක් තිබීමයි.එමෙන්ම ඒවාට වැඩි ධාරිතාවක් සහිත රැම් මොඩියුල්
සවි කල හැකි බැවින් ධාරිතාවෙන් වැඩි රැම් මතකයක් පරිගණකයට එක් කල හැක.


Micro-ATX මදර්බෝඩ්


  
                 මිඩ් ටවර් මෙන්ම,මිනි ටවර් කේසින් සඳහාද සවි කල හැක්කේ
Micro-ATX මදර්බෝඩ්ය.කාර්‍යාල වල සහ ගෙදර දොරදී පාවිච්චි කරන පරිගණක සඳහාද
Micro-ATX මදර්බෝඩ් උචිතය.ATX ප්‍රමාණයේ මදර්බෝඩ් හා සසඳන විට මෙහි ඇති
එක්ස්පැන්ෂන් ස්ලොට් ගණන අඩුය.බොහෝ විට ඇත්තේ PCI Express ස්ලොට් එකකි.SATA
පෝට් හතරක් පමණ තිබේ.


Mini-ITX මදර්බෝඩ්


                
   වඩා කුඩා සිස්ටම් යුනිට් ඇති පරිගණක වල තිබෙන්නේ Mini-ITX මදර්බෝඩ්ය.මේ
වර්ගයේ මදර්බෝඩ් වල PCI හෝ PCI Express වැනි ස්ලොට් නොමැති තරම්ය.මේ
වර්ගයේ ඇතැම් මදර්බෝඩ් වල PCI ස්ලොට් එකක් පමණක් තිබේ.මේ වර්ගයේ මටදර්බෝඩ්
වල ස්ලොට් වර්ග අඩු නිසා අලුතින් කාඩ් එකතු කර ගැනීමට ඇති හැකියාවද
අඩුය.Mini-ITX ප්‍රමාණයේ මදර්බෝඩ් තුලදී මදර්බෝඩ් එකටම ග්‍රැෆික්
කාඩ්,සවුන්ඩ් කාඩ්,නෙට්වර්ක් කාඩ් වැනි කාඩ් වර්ග සවි කර ඇති නිසා ඒවා
භාවිතා කිරීමට පුළුවන.එහෙත් තිබෙන කොටසට වඩා තත්වයෙන් වැඩිදියුනු කොටසක්
එක් කරගත නොහැක.එමෙන්ම මදර්බෝඩ් එකෙහිම තිබෙන හෙවත් ඔන්බෝඩ් ග්‍රැෆික් කාඩ්
එක වැනි ඩ්‍රයිව් ක්‍රියා විරහිත වුවහොත් සම්පූර්ණ මදර්බෝඩ් එකම ඉවත් කල
යුතු වෙයි.


NLX මදර්බෝඩ්


                
   දැන් අඩුවෙන් භාවිතා වුවද,ටික කලකට කලින් නම් NLX ප්‍රමාණයේ මදර්බෝඩ්
බහුලව භාවිතා කරන ලදි.පැරණි,බ්‍රෑන්ඩඩ් හෙවත් වෙළෙඳ නාම යටතේ ආ බොහෝ
ඩෙස්ක්ටොප් පරිගණක වල තිබෙන්නේ NLX මදර්බෝඩ්ය.මේවා ප්‍රමාණයෙන්
කුඩාය.මදර්බෝඩ් එක මත PCI එක්ස්පැන්ෂන් ස්ලොට් නැත.ඒ වෙනුවට මදර්බෝඩ් එක මත
එක් NLX ස්ලොට් එකක් හෝ මදර්බෝඩ් එකෙහි පසෙකින් NLX කාඩ් එකක් සම්බන්ධ
කිරීම සඳහා පින් සහිත කොටසක් තිබේ.මේවාට PCI වැනි එක්ස්පැන්ෂන් ස්ලොට්
එක්කරගත හැකි වූයේ වෙනමම සවිකරගත හැකි NLX කාඩ් හරහාය.


චිප් සෙට් ගැන කෙටි හැඳින්වීමක්...


                    දර්බෝඩ්
එකට සම්බන්ධ කොට තිබෙන විවිධ උපාංග එකිනෙකට සම්බන්ධ කරමින් පාලනය කරනු ලබන
චිප් දෙකක් තිබේ.චිප් සෙට් කියා හඳුන්වන්නේ එයයි.ඉන් එක් චිප් එකක් වෙන්නේ
නෝර්ත්බ්‍රිජ් (Northbridge) චිප් එකයි.අනෙක (Southbridge) චිප් එකයි.






http://bantigeadaviya.blogspot.com
ඉන්ටෙල් එක්ස්ප්‍රස් (Intel X58 Express) චිප් සෙට් එකෙහි සම්බන්ධතා පෙන්වන සටහන හෙවත් බ්ලොක් ඩයග්‍රෑම් සටහන

http://bantigeadaviya.blogspot.com









නෝත්බ්‍රිජ් චිප් එක


                
   මෙම චිප් එක මගින් කෙරෙන්නේ ප්‍රොසෙසරය,රැම් සහ ග්‍රැෆික් කාඩ් සමග
සම්බන්ධ කිරීමයි.මෙම උපාංග සවුත්බ්‍රිජ් චිප් එක සමග සම්බන්ධ කෙරෙන්නේද
නෝත්බ්‍රිජ් චිප් එකෙනි.


සවුත්බ්‍රිජ් චිප් එක


                
   පරිගණකයට පිටින් සම්බන්ධ කරන උපාංග සහ පරිගණක ජාල අතර කටයුතු වලට අදාළ
තොරතුරු සන්නිවේදනය පාලනය කෙරෙන්නේ සවුත්බ්‍රිජ් චිප් එක මගිනි.



Comments

Popular posts from this blog

Network Commands

මෙන්න එහෙනම් Proxy list එක ...

ඉලෙක්ට්‍රොණික පන්තිය..