Network 2013.12.10
Computers දෙකක් Network කිරීම (මුල සිට සරලව).
ඔන්න යාළුවනේ අදත් Network සිංහලෙන් පැත්තට වාර්තා කලා. මේ ටිකේ ප්‍රශ්ණ
වැලකට මුහුණ දුන්නා ඒකයි මේ පැත්තට වාර්තා කරන්න බැරි වුනේ. ඒකෙන් මේකෙන්
කමක් නෑ අද ආපු වැඩේට බහිමුකො.
ඔන්න එහෙනම් කස්ටියට කියලා දෙන්න යන්නේ Computers දෙකක් හරියට Network කරන
විදිය තමයි. මෙ විදියට පරිගණක 2ක Network කලාම පහසුවෙන් අපිට අනික්
පරිගණකයෙ ඇති Data access කරන්න. වගේ සෙල්ලම් ටිකක් දාන්න පුලුවන්. :O
ප්‍රශ්ණ ආවොත් අනිවා අහන්න. :)
මුලින්ම කියන්න එපැයි ඕන කරන ටික.. ඕන්න එහෙනම්
Windows 7 පරිගණක දෙකක් Network කිරීම.
අවශයය දෑ.
* පරිගණක 2ක්.
* Cross-Over Cable එකක්.
එහෙනම් පටාන් ගමු.
Cross-Over Cable
Cross-Over Cable එකක් කියන්නේ යම්කිසි පිළිගත් Standard
එකක් අනුව සාදන Cable එකකි. මෙය සාදන ආකාරය Color Code එක ගැන. මෙය
සම්භන්ධ කල යුත්තෙ මොන වර්ගයේ Device වලට ද යන්න මම පරණ Post එකකින් කියා
දුන්නා ඔබට මතක ඇති. අමතක නම් ඉතින් ආයි බලන්න..
ඔය තියෙන්නේ නිවැරදි ආකාරයට සාදා ගත් Cross-Over Cable එකක්. මෙම Cable එක පරිගණක දෙකට සවිඉ කරන්න.
හොදටම තේරෙන්න මෙන්න මෙහෙම කියලා දෙන්නම්.
PC A & PC B කියලා පරිගණක දෙකක් තියෙනවා කියලා හිතමුකො..
PC A
හරි එහෙනම් Start -> Control Panel යන්න.
ඊලඟට Network And Internet එකට යන්න.
Network And Sharing Center යන්න.
Change Adapter Setting යන්න. සමහරු කියයි අහ් ඔතනට යන්න ද මෙච්චර දුර ආවෙ.
! ඔතනට අර වෙලාව තියෙන තැන Network Icon එකෙනුත් යන්න තිබ්බා කියලා. ඔව්
හරි. එත් යන හරි පාර ඕක නෙවෙයි නේ ද..? මම ඔය පාර කියලා දුන්නා කියමුකො.
බැරිවෙලා ඔතන Network Icon එක Hide උනොත්. අනාතයි නේ ද.. :P
ඔන්න තැනට ආවා. Local Area Connection උඩ Right Click කරලා Properties යන්න. (Double Click කරත් හරි)
ඔතන Internet Protocol Version 4 (TCP/IP) Double Click කරත් හරි නැත්තම් Properties ගියත් අන්තිමට එන්නේ පහල තියෙන රූප සටහන තමයි.
මෙතන තමයි PC A කියන පරිගණකයෙ කිරීමට ඇති අවසාන Step එක.
ඔය ආකාරය type කර ok කරන්න.
දැනට
* 192.168.1.1 මෙම IP එකේ අග ඉලක්කම 255 වෙනකම් ඕන ඉලක්කමක් යෙදිය හැක.
* එක වරක් යෙදු IP තව වරක් යෙදිය නොහැක.
ඉදිරියේ දි IP addressing ගැන කියලා දෙන්නම්. ok
PC B
මේ තමයි අනික් පරිගණකය (PC B) ඔයාලට තියෙන්නේ කලින් වගේම (PC A) ගිය path එකේ ඔන්න ඔය තැනට අවිත් ඔය ආකාරය type කර ok කරන්න.
දැන් වැඩේ හරි.
අපි Ping දාලා වැඩෙ හරියටම හරිද කියලා check කරලා බලමු. (PC A එකේ ඉදන් PC B එකට.)
Start-> Run
(Win 7 වල Default Run Disable enable කරගන්න ඕනේ නම් ඔන්න. Taskbar Right
Click-> Properties-> Start Menu Tab-> Customize button-> Run
Command කියන තැන ට්ක් කර OK කරන්න.)
Type CMD ok.
ඊටපස්සේ ඔය Window එක Open වෙයි.
Type කරන්න ping 192.168.1.2 Press Enter.
ping කරනවා කියන්නේ Temporary Packets වගයක් එක ස්ථානයක සිට තවත් තැනකට
Send කරලා බලනවා. එම Packets නිසියාකාරව අනික් පුද්ගලයාට හො එම ස්ථානයට
ලැබෙනවා ද කියලා. අපිට පොඩි Report එකක් දෙනවා. අන්න ඒක තමයි ඉහත රූපයේ රතු
පාටින් කොටු කර ඇති ස්ථානයෙන් පෙනෙන්නේ.
Pc දෙකක් හෝ ඊට වැඩි ගණනක Data Share කරන විදිය තමයි මෙන්න.
හොදටම තේරෙන්න මෙන්න මෙහෙම කියලා දෙන්නම්.
PC A & PC B කියලා දෙකක් තියෙනවා කියලා හිතන්න. මේ දෙකේ IP 192.168.1.1. & 192.168.1.2
කියලා හිතමුකො
PC A
Start->Run
ඔන්න ගැහුවා PC B එකේ IP එක. \\ 192.168.1.2 මෙහෙමත් පුලුවන් Computer Name
එක ගහන්නත් පුලුවන්. හැබයි කොහොම ගැහුවත් \\ මේක අනිවා ඕනෙ.
ඕන්න ඇහුවා PC B Username Password හරියට දුන්නොත් පමණයි පරිගණකයට log වෙන්න පුලුවන්.
ඔන්න හරි.
කෝ මුකුත් නෑනෙ.. අහ් ඔහොම ඉන්න. තව වැඩ තියෙනවා.
PC B
මේ ටික කරන්න (PC B වල)
හැම Partition එකක්ම අවශය නම් Share කරගන්න. මන් හිතනවා රූපසටහනින් මනාව පැහැදිලිවන නිසා නැවත විස්තර කිරීමට ඕන වෙන එකක් නෑ.
PC A
Start->Run->Type \\192.168.1.2
ඔන්න Share කරපු Partition එක පෙන්නුවා. ඇතුලට ගිහින් බලන්න එහෙනම් වැඩේ හරි. :)
දිග වැඩි ද මන්දා Post එක.. :D
"Pc දෙකක් හෝ ඊට වැඩි ගණනක Data Share කරන විදිය තමයි මෙන්න" මේ කලින් Lesson එකක් මතකද දන්නේ නෑ
ADSL ROUTER CONFIGURATION & SHARING STEP BY STEP කොටසක් මේ Lesson එකට මෙහෙම කලේ සියල්ල සම්පූර්ණ වෙන ආකාරයටය. පරිගණක පිළිබද දැනුමක් නොමැති අයකුට වුනත් කල හැකි ආකාරයට දක්වා ඇත
Network
මන් හිතන්නේ මුල ඉදලාම Step By step ගියොත් හොදයි කියලා.. ;)
1.මොකක් ද මේ Network එකක් කියන්නේ..?
කෙටියෙන්ම කිව්වොත් පරිගණකයන්ට තවත් බොහෝ පරිගණක සමග සන්නිවේදනයෙහි කිරීම හා එහි සම්පත් හවුලේ බෙදා හදා ගැනීමටය.
උදා : මේ
රූපයෙන් පෙනෙන්නෙත් ඉතා කුඩා ජාලකරණයක් මෙහි පරිගණක Data, Printer 1ක්
සවිකලහොත් එයද Share කල හැක, තව මේකට Router 1 සම්භන්ද කලොත් Internet පවා
බෙදා දිමට හැකියි.. :)
පහලින් ඇති රූපය බලන්න
මේ රූපයෙ තියෙන්නේ Modem 1කින් Router/Switch 1කට Connect කරලා Pc 2කට
Connect කරලා 1ක Pc එකක Printer 1ක් Set කරලා.. මේ Pc 2කටම Derect Internet
ලැබෙන අතර Printer 1ක Share කර ඇත්නම් Pc දෙකෙන්ම Printout දැමිය හැක...
මන් හිතනවා Basic idea 1ක් යන්න ඇති කියලා..
ඉදිරි පාඩම් වලදි මේ පිලිබද සවිස්තරාත්මකව කියා දෙන්නම්.. :)
2.පරිගනක ජාලයක මුලික කොටස් මොනාද..?(Basic Component of the Network)
- PC
- NIC(Network Interface Card)
- HUB
- SWITCH
- ROUTER
- TRANSMISSION MEDIA
*PC
PC එකක් යනු
දෙනලද දත්තයන් දී ඇති උපදෙස් මත ක්‍රියාකරණ යන්ත්‍රයකි.
*NIC (Network Interface Card)
ඔය රූපයේ තියෙන්නේ Onboard Network Port 1ක්... ;) (RJ45 Port)
ඔය රූපයේ තියෙන්නේ Separate Network Card.. (RJ45 Port) මෙය Plug කරනු ලබන්නේ PCI Port 1කටය..
ඔය රූපයෙ තියෙන්නේ USB To Lan කියන Technologyය.. Mother Board 1කේ Network
Port 1ක පිච්චුනාම ඉතින් Pc 1ක ගලවලා ටිකාක් විතර නාන්න එපැයි.එ දගලපු
කාලේ ඉවරයි... USB Port 1කට ගැහුවා Driver 1ක Install කලා වැඩේ ගොඩ.. ;)
NIC යනු
පරිගණකයේ දත්ත හුවමාරු කිරිමට පරිගණකයේ Inbult or Separate මේ RJ45
Port 1ක එනවා.. මේ ගැන නම් වඩිය කියන්න දෙයක් නෑ.. ඕනම Network Card 1ක්
එක්කම එනවා Unic Address 1ක් එක තමයි Mac Address 1ක් කියන්නේ. Mac Address 1ක හැදෙන විදිය පහල රූපසටහනේ ඇති..
*HUB
HUB එකක් යනු
පරිගණක ජාලයෙ අනිකුත් පරිගනක එක් කරන උපකරණයකි.. මධ්‍ය
ඒකකය නැතහොත් MAU උපකරණයක් යොදා තනන ලද ජාලයක් STAR ක්‍රමය වෙ..
මෙහි HUB වර්ග 2 ක් ඇත.
- PASSIVE HUB
- ACTIVE HUB
Passive Hub
වලදී සිදු කරනු ලබන්නේ ඒ ඒ පරිගණක වලට කේබල් සම්බන්දතා ලබා දීම පමණකි
.POWER ලබා දීමට අවශ්‍ය නැත .දත්ත ගලායාම පාලනයකින් තොරය .එක පරිගණකයකින්
නිකුත් කරන ලද දත්ත අනෙක් සෑම පරිගනයකටම යොමු කරනු ලබයි.
Active Hub
වලදී ඉහත කරුණු කරනා එසේම පැවතියද ,අතිරේකව බලය සැපයිය යුතු වීම හා එම
Active Hub පරිගණක ජාලය තුල දත්ත සංඥා (SIGNALS) වර්ධනය කරන නිසා Active
Hub එකකින් තවත් එකකින් තවත් Active Hub කට සම්බන් ද කල හැකිවීම මගින් ජාලය
පුළුල් කිරීමට හැකිවීම මෙහි ඇති ප්‍රධානතම වෙනස් කම වේ.Passive Hub වලදී
ජාලය පුළුල් කිරීමට නොහැකිවන අතර ,එයට සම්බන්ද කල හැක්කේ අඩු පරිගණක
සංඛ්‍යාවකි.එයට හේතුව නම් පරිගණක සංඛ්‍යාව වැඩිවත්ම දත්ත සංඥා (SIGNALS) වල
ප්‍රභල තාව (STRENGTH) අඩු වීමයි.
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Computers දෙකක් Network කිරීම (මුල සිට සරලව).
ඔන්න යාළුවනේ අදත් Network සිංහලෙන් පැත්තට වාර්තා කලා. මේ ටිකේ ප්‍රශ්ණ
වැලකට මුහුණ දුන්නා ඒකයි මේ පැත්තට වාර්තා කරන්න බැරි වුනේ. ඒකෙන් මේකෙන්
කමක් නෑ අද ආපු වැඩේට බහිමුකො.
ඔන්න එහෙනම් කස්ටියට කියලා දෙන්න යන්නේ Computers දෙකක් හරියට Network කරන
විදිය තමයි. මෙ විදියට පරිගණක 2ක Network කලාම පහසුවෙන් අපිට අනික්
පරිගණකයෙ ඇති Data access කරන්න. වගේ සෙල්ලම් ටිකක් දාන්න පුලුවන්. :O
ප්‍රශ්ණ ආවොත් අනිවා අහන්න. :)
මුලින්ම කියන්න එපැයි ඕන කරන ටික.. ඕන්න එහෙනම්
Windows 7 පරිගණක දෙකක් Network කිරීම.
අවශයය දෑ.
* පරිගණක 2ක්.
* Cross-Over Cable එකක්.
එහෙනම් පටාන් ගමු.
Cross-Over Cable
Cross-Over Cable එකක් කියන්නේ යම්කිසි පිළිගත් Standard
එකක් අනුව සාදන Cable එකකි. මෙය සාදන ආකාරය Color Code එක ගැන. මෙය
සම්භන්ධ කල යුත්තෙ මොන වර්ගයේ Device වලට ද යන්න මම පරණ Post එකකින් කියා
දුන්නා ඔබට මතක ඇති. අමතක නම් ඉතින් ආයි බලන්න..
ඔය තියෙන්නේ නිවැරදි ආකාරයට සාදා ගත් Cross-Over Cable එකක්. මෙම Cable එක පරිගණක දෙකට සවිඉ කරන්න.
හොදටම තේරෙන්න මෙන්න මෙහෙම කියලා දෙන්නම්.
PC A & PC B කියලා පරිගණක දෙකක් තියෙනවා කියලා හිතමුකො..
PC A
හරි එහෙනම් Start -> Control Panel යන්න.
ඊලඟට Network And Internet එකට යන්න.
Network And Sharing Center යන්න.
Change Adapter Setting යන්න. සමහරු කියයි අහ් ඔතනට යන්න ද මෙච්චර දුර ආවෙ.
! ඔතනට අර වෙලාව තියෙන තැන Network Icon එකෙනුත් යන්න තිබ්බා කියලා. ඔව්
හරි. එත් යන හරි පාර ඕක නෙවෙයි නේ ද..? මම ඔය පාර කියලා දුන්නා කියමුකො.
බැරිවෙලා ඔතන Network Icon එක Hide උනොත්. අනාතයි නේ ද.. :P
ඔන්න තැනට ආවා. Local Area Connection උඩ Right Click කරලා Properties යන්න. (Double Click කරත් හරි)
ඔතන Internet Protocol Version 4 (TCP/IP) Double Click කරත් හරි නැත්තම් Properties ගියත් අන්තිමට එන්නේ පහල තියෙන රූප සටහන තමයි.
මෙතන තමයි PC A කියන පරිගණකයෙ කිරීමට ඇති අවසාන Step එක.
ඔය ආකාරය type කර ok කරන්න.
දැනට
* 192.168.1.1 මෙම IP එකේ අග ඉලක්කම 255 වෙනකම් ඕන ඉලක්කමක් යෙදිය හැක.
* එක වරක් යෙදු IP තව වරක් යෙදිය නොහැක.
ඉදිරියේ දි IP addressing ගැන කියලා දෙන්නම්. ok
PC B
මේ තමයි අනික් පරිගණකය (PC B) ඔයාලට තියෙන්නේ කලින් වගේම (PC A) ගිය path එකේ ඔන්න ඔය තැනට අවිත් ඔය ආකාරය type කර ok කරන්න.
දැන් වැඩේ හරි.
අපි Ping දාලා වැඩෙ හරියටම හරිද කියලා check කරලා බලමු. (PC A එකේ ඉදන් PC B එකට.)
Start-> Run
(Win 7 වල Default Run Disable enable කරගන්න ඕනේ නම් ඔන්න. Taskbar Right
Click-> Properties-> Start Menu Tab-> Customize button-> Run
Command කියන තැන ට්ක් කර OK කරන්න.)
Type CMD ok.
ඊටපස්සේ ඔය Window එක Open වෙයි.
Type කරන්න ping 192.168.1.2 Press Enter.
ping කරනවා කියන්නේ Temporary Packets වගයක් එක ස්ථානයක සිට තවත් තැනකට
Send කරලා බලනවා. එම Packets නිසියාකාරව අනික් පුද්ගලයාට හො එම ස්ථානයට
ලැබෙනවා ද කියලා. අපිට පොඩි Report එකක් දෙනවා. අන්න ඒක තමයි ඉහත රූපයේ රතු
පාටින් කොටු කර ඇති ස්ථානයෙන් පෙනෙන්නේ.
Pc දෙකක් හෝ ඊට වැඩි ගණනක Data Share කරන විදිය තමයි මෙන්න.
හොදටම තේරෙන්න මෙන්න මෙහෙම කියලා දෙන්නම්.
PC A & PC B කියලා දෙකක් තියෙනවා කියලා හිතන්න. මේ දෙකේ IP 192.168.1.1. & 192.168.1.2
කියලා හිතමුකො
PC A
Start->Run
ඔන්න ගැහුවා PC B එකේ IP එක. \\ 192.168.1.2 මෙහෙමත් පුලුවන් Computer Name
එක ගහන්නත් පුලුවන්. හැබයි කොහොම ගැහුවත් \\ මේක අනිවා ඕනෙ.
ඕන්න ඇහුවා PC B Username Password හරියට දුන්නොත් පමණයි පරිගණකයට log වෙන්න පුලුවන්.
ඔන්න හරි.
කෝ මුකුත් නෑනෙ.. අහ් ඔහොම ඉන්න. තව වැඩ තියෙනවා.
PC B
මේ ටික කරන්න (PC B වල)
හැම Partition එකක්ම අවශය නම් Share කරගන්න. මන් හිතනවා රූපසටහනින් මනාව පැහැදිලිවන නිසා නැවත විස්තර කිරීමට ඕන වෙන එකක් නෑ.
PC A
Start->Run->Type \\192.168.1.2
ඔන්න Share කරපු Partition එක පෙන්නුවා. ඇතුලට ගිහින් බලන්න එහෙනම් වැඩේ හරි. :)
දිග වැඩි ද මන්දා Post එක.. :D
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Hub ගැන කියලා මෙවා ගැනත් නොකියා හිටියාම හරි නැහැනේ... ;)
ඔන්න එහෙනම්
*Bridge Network
*Bridge යනු
Network Bridge එක කියන්නේ දැනට අපි භාවිතා කරන Router එක
වෙනුවට අපි ඉස්සර භාවිතා කරපු උපකරණයක්. Bridge එකෙන් වෙන්නේ වෙනස්
Network (Lan) එකට සම්බන්ධ කිරීමේ උපකරණයක් උපකරණයකි.
*Repeater
Repeater එකක් යනු
රිපීටරය
භාවිතයෙන් සිග්නල් නැවත ප්‍රතිජනනය කර අදාල ස්ථානය වෙන යැවිය හැක.මෙහිදී
උපරිම රිපීටර ගනන 5 කට සීමා කිරීමක් සිදුකරනු ලබයි..එයින් බලාපොරොත්තුවනුයේ
සිග්නල් වල ගුනාත්මක බව තබාගැනීමයි. මෙය ගැන කෙටියෙන්ම කිව්වොත්
Network 1කේ Length වැඩි කිරිමට භාවිතා කරයි..
*Switch
Switch යනු
HUB එකකට වඩා බුද්ධිමත් උපාංගයකි(intelligent). ක්‍රියාත්මක
වීම සඳහා පිටතින් බලය ලබාදිය යුතු වේ. ස්විචයකට බලය ලබා දුන් පසු එයට
සම්බන්ධව ඇති පරිගණක වල MAC Address - Media Access Protocol Address,
ලබාගනී .මැක් ඇඩ්රස් එකක් යනු පරිගණක උපාංගයක් තුලට නිෂ්පාදනය කිරීමේදී,
නිෂ්පාදකයා විසින් ඇතුලත් කරනු ලබන සංඛේත අංකයකි. මෙහිදි MAC Address table
1ක් හදාගෙන එ අනුව Data Transfer කරනවා. මෙසේ ස්විචය එම අදාළ සංඛේත අංකය
මතකයේ තබාගන්නේ එක පරිගණයකකින් නිකුත් කරනලද තොරතුරු යැවීමට අදාළ වන අනෙක්
පරිගණකයට පමණක් ආරක්ෂාකාරීව තොරතුරු යැවීමටයි.හබ් එකක මෙන් මෙහිදී අදාල
තොරතුරු මුළු පරිගණක ජාලය පුරා මුදාහරිනු නොලබයි.
උදා : Hub 1ක සෑම පරිගණකයටම කතා කරලා තමයි Data Transfer කරන්නෙ..
එත් Switch 1කෙන් MAC Address table 1කෙ විදියට නිවැරදි පරිගණකයට පමණක්
Data Transfer කරයි.. Switch 1කෙ MAC Address table 1ක Clear කිරිමට Off
කරලා on කරන්න...
මේ රූපයත් නිකමට වගේ බලලා පොඩි Idea 1ක් ඔලුවට දාගන්න.. :)
*Patch Panel
මෙය නම් අමතර දෙයක් දැනගැනිමට මෙකත් Add කලා.. :)
patch panel යනු
මෙය භාවිතා කරනුයෙ Switch 1කෙ ආරක්ශාවට.. Switch 1කෙන් line (Patch Code) 1ක බැගින් අරගෙන patch panel යට සවි කරයි.. ඉන් පසුව patch panel පසුපසට එක එක පරිගණකයෙ සිට එන Cable 1ක Punch කරනවා.. මෙම patch panel නොමැතිව ද (direct)
Switch 1කට සවි කල හැක.. එසෙ සිදු නොකරන්නෙ Switch 1කට නිතර නිතර Port වලට
Plug කලහොත් Switch 1ක සවුත්තු වෙන්න පුලුවන්.. Switch වල මිල අදිකයි.. එම
නිසා patch panel භාවිතා කරයි..
*Router
Router යනු
එකිනෙකට වෙනස් වූ දත්ත සම්ප්‍රේෂණ ජාලයන් හරහා පරිගණක ජාල අතර දත්ත
හුවමාරුව සඳහා රවුටර් යොදාගනී .උදාහරණයක් ලෙස ගතහොත් දුරකථන රැහන ඔස්සේ
දුරස්ථ ස්ථාන දෙකක පිහිටුවා ඇති ජාල දෙකක් එකිනෙක සම්බන්ද කිරීම දැක්විය
හැකිය .එකිනෙක කාර්යයන් සඳහා යොදාගන්නා රවුටර් වර්ග ,මාදිලි විශාල ගණනක්
වෙළඳ පලේ දක්නට ඇත. රවුටරයක
ක්‍රියාකාරීත්වය සහ පරිගණක ජාල අතර හා පරිගණක පරිගණක අතර සන්නිවේදන
ක්‍රියාවලිය තරමක් සංකීරණ එකකි. එමනිසා මෙහිදී උපකරණවල මුලික
ක්‍රියාකාරීත්වය පමණක් හඳුන්වාදී ඇත.
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Transmission Media
Transmission media යනු
කියන්නේ Network 1ක Computers එකින් එක සම්භන්ද කරන්න යොදා ගන්නා
දෙවල් Transmission media නම් වේ. මෙහි ප්‍රධාන වශයෙන් කොටස් 2කකට බෙදා දැක්විය හැක.. එය ඉහත රූපයෙන් පෙන්වා ඇත.
Coaxial Cable
Thinnet Coaxial Cable
මෙයට 10 Base 2 කියලත් කියනවා.. මෙහි 185Mක් පමණ දුර Data 10Mbits Speed 1කකින් ගමන් කල හැක..
Thicknet Coaxial Cable
මෙයට 10 Base 5 කියලත් කියනවා.. මෙහි 500Mක් පමණ දුර Data 10Mbits Speed 1කකින් ගමන් කල හැක..
10 Base T, 100 Base TX, 1000 Base T, 1000 Base SX, 1000 Base LX
මේවා නම් නොදැන ඉන්න විදියක් නෑ මේවා
තමයි සාමාන්‍යයෙන් Network Cabling වලට යොදා ගන්නේ.. :) එකෙන් එකට කොට කොට
ඉන්න ඕනෙ නෑ නේ ඔන්න පහල ඇති ඉතා කෙටියෙන්.. ;)
1000 Base SX, 1000 Base LX
මෙහි 1000 Base SX 550 Mක් පමණ දුර Data 1000Mbits Speed 1කකින් ගමන් කල හැකි අතර
අනෙකෙහි 1000 Base LX 5KMක් පමණ දුර Data 1000Mbits Speed 1කකින් ගමන් කල හැක..
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
RJ45 Connector
RJ45 connector 1කට UTP Cable තමයි Connect කරන්නෙ. මේ RJ45 connector 1කේ
Pin 8ක් තියෙනවා එ වගේම නිවැරදිව Wire නිසි අයුරින් දමා Punch හැටිත්
දැනගන්න ඕන. ඒ ගැන පැහැදිලිව වෙනම කියන්නම්..
Wire 1ක Punch කිරීමේ ප්‍රධාන ආකාර 3ක් තියෙනවා
- Straight Cable
- Crossover Cable
- Rollover Cable
Straight Cable
Straight Cable 1කින් කරන්නේ එකිනෙකට වෙනස් Device එකිනෙක සම්භන්ද කිරීමයි..
(MAC-------------> NON MAC)
(NON MAC------------->MAC)
උදා :
- Router <-------------> Switch
- NIC <-------------> Hub
- Hub <-------------> Router
- Switch <-------------> NIC
Straight Cable Punch කරන ආකාර 2ක් ඇත.
එනම් :
568A Straight-Through Ethernet Cable
568B Straight-Through Ethernet Cable
Crossover Cable
Crossover Cable 1කින් කරන්නේ සමාන Device එකිනෙක සම්භන්ද කිරීමයි..
(MAC-------------> MAC)
උදා :
- Router <-------------> Router
- NIC <-------------> NIC
- Hub <-------------> Hub
- Switch <-------------> Switch
Crossover Ethernet Cable
Rollover Cable
Rollover ව්දියට හදාගත්තු Cable 1ක් භාවිතා කරන්නේ Router
1කේ Console port 1කයි Computer 1කේ Serial Port (Com Port) සවි කරයි. එසේ
Connect කරන්නේ Router 1ක් Config කරගැනීමටය..
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxඔන්න අද කොල්ලා ආවා Cabling පාඩමක් අරන්...
Cabling කරන්න කලින් මේ සදහා යොදා ගන්නා දේවල් ටික හදුනා ගමු.. :)
Network කිරිමට අත්‍යාවශ්‍ය උපකරණ..
Cabling වලදි Basicaly කොටස් 3කට බෙදිය හැක.
- Coaxial Cabling
- UTP
Cabling - Fiber
Cabling
Coaxial Cabling
Coaxial
Cable ගැන කිව්වොත් දැනට ලෝකයේ අවම වශයෙන් භාවිතා වන විදියකි. මෙයට හේතුව
මේහි තිබූ Speed 1ක යාහැකි දුර අවම වීම නිසාය. මේ පිලිබද විස්තර කලින්
Post වල දක්වා ඇත.
Coaxial Connectors
මේවා ගැන නම් කියන්න දෙයක් නෑනෙ.. මේවා තමයි Coaxial Cable වලට සෙට් කරන
දේවල් එ කියන්නේ Connectors. මේවා නම් දැන් භාවිතය නම් හුගාක් අඩුයි..
Coaxial Boot
Coxial Cableය මේ තුලින් ගමන් කර සවිකරනුයේ කරනුයේ Connectorsටය.. පහත රූපය බලන්න
Coaxial Kingston Jack
Coxial Cable 1ක සහිත Connector 1ක සවි කරනුයේ මේ කොටසටය. මේ කොටස තමයි Face Plate 1කට සවි වෙන්නේ..
Coaxial Face Plate (Wall Plate)
මේ ගැන විස්තරයක් කියනවානම් මේ Face Plate කොටස සම්භන්ද වන්නේ Kingston Jack 1කට තමයි ඉන්පසු Sunbox 1ක් යොදා ගෙන අවශ්‍ය ස්ථානයට සවිකර කරගත හැක.
Coxial Crimping Gun
මේ Tool 1කෙන් කරන්නේ Coaxial Cable 1ක Kingston Jack 1ක දාමා Punch කරන 1ක
තමයි. සමහරAdvanced tool එනවා තව තව වැඩ කරගන්න පුලුවන්.. ;)
Coaxial Striping Tool
ඔන්න මේකෙන් නම් කරන්නේ Coaxial Cable 1කේ පිටත ආවරණය ඉවත් කරන 1ක තමයි..
Coaxial Network Cable Tester
Cabling කරනවානම් නැතුවම බැරි උපකරණයකි...Punch කරපු Cable Check කිරීමට, තව Network Issues..මේ Network Tester 1කෙත් Advanced Testers ඕනතරම් තියෙනවා..
Comments
Post a Comment