Home Network Setup
Home Network Setup
Copy Protected by Copyscape Plagiarism Checker!
පරිගණක ජාලයක් බාවිතය පහසු උනත් සරල උනත් හරියට කරගත්තේ නැත්නම් හැමදාම ලෙඩ
තමයි. ආයතනික මට්ටමින් පවතින පරිගණක ජාල වලට අමතරව මේ කාලයේ අලුත්ම
නැබුරුව වන්නේ Home Network කියන එක. ඉතින් Home Network එකක් තුල
මහාපරිමාණ ජාල වල පවතින බොහොමයක් දේවල් දක්නට ලැබෙන්නේ නම් නෑ. අඩු පරිගණක
ප්‍රමාණයක්, අඩු ආරක්ශිත ක්රමෝපායන් බාවිතා කරලා අඩු වියදමකින් තමයි මේ
Home Network එකක් හදාගන්නේ. ඉතින් සරල කරුණු කීපයක් පැහැදිලිව අවබෝද
කරගත්තාම ඔයාලටත් Home Network එකක් හදාගන්න එක ඒ තරම් දෙයක් නෙමෙයි.
Home Network එකක් හදාගන්න මූලික් අරමුණ මොකද්ද? උදාහරණයක් ගමු. පරිගණක 2ක්
තියන නිවසක් හෝ කුඩා කාර්යාලයක් තියනවා. ඒ නිවසට හෝ කාර්යාලයට අපි ADSL
හරි Cable modem එකක් හරි භාවිත කරලා අන්තර්ජාල පහසුකම ලබාගන්නවා කියලා
හිතන්න. අපිට එතකොට අන්තර්ජාල් පහසුකම බාවිතා කරන්න වෙන්නේ එක් පරිගණකයට
පමණයි. Home Network එකක් හදලා තිබුණ නම් අපිට පුලුවන් පරිගණක දෙකටම
අන්තර්ජාල පහසුකම ලබා දෙන්න.
ඉතින් මේකේ වාසි මෙන්ම අවාසිත් පවතින නිසා Home Network කියන සංකල්පයට යන්න
කලින් හොදින් මේ පෝස්ට් එක කියවලා ඉන්න. අපි එහෙනම් Home Network එකක්
හදාගන්න ආකාරය බලමු.
1: Hub එකකට හෝ Switch එකකට සියල්ල සම්බන්ද කිරීම
වාසි
- සරල පිහිටුවීම්
- සර්වර් පරිගණක වල අවශ්‍යතාවයක් නැත
අවාසි
- උපරිම පරිගණක 4 හෝ 8ක්
- පරිගණක සියල්ලටම ස්තාවර IP ලිපිනයන් තිබිය යුතුය
- Proxy භාවිතා කල නොහැකිය
- Hub ports = the number of PC's + 1
- එක වරකට එක පරිගණකයකට පමණක අන්තර්ජාලයට සම්බන්ද වීමට හැකි වීම
- සියලුම පරිගණක අතින් වින්‍යාසගත කල යුතුය (Manuel Configuration)
මේ ආකරයේ ජලයකදී සියලුම ජාල කේබලයන් (Ethernet cables) කෙලින්ම hub එකට හෝ
switch එකට සම්බන්ද වෙයි. අන්තර්ජාල පහසුකම වෙනුවෙන් ADSL connector එකක්
හෝ Splitter එකක් බාවිතා කරන්න සිදු වෙන අතර ඒ දෙක එකිනෙකට සම්බන්ද කිරීම
සදහා TP crossed-over කේබලයක් ඕනේ වේ
සැලැස්ම :
- ADSL කේබලය splitter එකට සම්බන්ද වෙයි.
- ADSL මොඩමය splitter එකට සම්බන්ද වෙයි.
- මොඩමයේ සිට hub එකට කේබලයක් සම්බන්ද වෙයි.
- සියලුම් පරිගණක කේබල් මගින් hub එකට හෝ switch එකට සම්බන්ද වෙයි.
2: Hub එකකට හෝ Switch එකකට සියල්ල සම්බන්ද කිරීම - එක පරිගණකයක් සර්වරයක් ලෙස ක්‍රියාත්මක වීම
වාසි
- සරල පිහිටුවීම්
- අතින් වින්‍යාස ගත කිරීමක් නැත
- පරිගණක 254 ප්‍රමාණයක් එකතු කල හැකිය
- Dialup සබදතාවයන් ඉබේ ක්‍රියාත්මක වේ
- Proxy (WinRoute හෝ ඊට සමාන මෘදුකාංගයක්)
අවාසි
- සර්වර් මෘදුකාංග අත්‍යවශයයි.
- සර්වරයක ගැලපෙන පරිගණකයක් අවශ්‍යයයි
- සර්වරයක් වින්‍යාසගත කිරීම අපහසු වෙන්න පුලුවන්
මෙහෙ සැලැස්ම් අංක 1 ආකාරයෙන්ම වන අතර එක පරිගණකයක් පමණක් සර්වරයක් ලෙස ක්‍රියා කරයි
සැලැස්ම :
- ADSL කේබලය splitter එකට සම්බන්ද වෙයි.
- ADSL මොඩමය splitter එකට සම්බන්ද වෙයි.
- මොඩමයේ සිට hub එකට කේබලයක් සම්බන්ද වෙයි.
- සියලුම් පරිගණක කේබල් මගින් hub එකට හෝ switch එ කට සම්බන්ද වෙයි.
- එක පරිගණකයක් සර්වරයක් ලෙසින් ක්‍රියාත්මක වේ. එයට
Proxy මෘදුකාංග ස්තාපිත කරන අතර එහි IP ලිපිනය අනෙක් පරිගණක වල
Proxy සැකසුම් වෙනුවෙන් බාවිතා කල යුතුය.
3: Hub එකකට හෝ Switch එකකට සියල්ල සම්බන්ද කිරීම - සර්වර් පරිගණකයට කෙලින්ම ADSL සබදතාවය ලබාදීම
වාසි
- සරල පිහිටුවීම්
- අතින් වින්‍යාස ගත කිරීමක් නැත
- පරිගණක 254 ප්‍රමාණයක් එකතු කල හැකිය
- Dialup සබදතාවයන් ඉබේ ක්‍රියාත්මක වේ
- අන්තර්ජාලය හා Home Network එක් අතර වෙන්වීමක් පවතී
- UTP කේබලයක් අවශ්‍යය නොවේ
- Proxy (WinRoute හෝ ඊට සමාන මෘදුකාංගයක්)
- අනෙක් පරිගණක පාලනය කල හැකිය
- සර්වර පරිගණකයක්
ඕනෑ වේ
ඕනෑ වේ
Comments
Post a Comment