ප්‍රොසෙසර් ට්‍රබ්ල්ෂූටිං...


 
ප්‍රොසෙසර් ට්‍රබ්ල්ෂූටිං...








ප්‍රොසෙසරය ආශ්‍රිතව මතුවන දෝෂ සමනය කර ගන්නා හැටි...







                    ප්‍රොසෙසරයක්
ආශ්‍රිතව මතු වන දෝෂ බොහෝමයක්ම,නිවැරදිව සවිනොවීම,හීට් සින්ක් හා කූලින්
ෆෑන් වල දූවිලි බැඳී ඒවා හරිහැටි ක්‍රියා නොකිරීම,බයෝස් සෙටින්ග් ව දෝෂ සහ
මවුපුවරුවේ දූවිලි බැඳීම වැනි දේ හේතු කොටගෙන මතු වෙන ඒවාය.









බීප් හඬවල් ඇසේද?




                    පරිගණකය
පණ ගැන්වූ විට එක කෙටි බීප් නාදයක් හෝ දෙකක් ඇසීම සාමාන්‍යයි.දීර්ඝ බීප්
නාද දිගින් දිගටම ඇසේ නම් ඉන් කියවෙන්නේ ප්‍රොසෙසරය අධික ලෙස රත්වී දෝෂ ගෙන
දෙන බවයි.දැන් ඒ දෝෂ ඇත්තේ කොතනදැයි සොයා ගත යුතුය.ඒ සඳහා පිලිවෙලින් සොයා
බැලිය යුතු දේ මෙසේය.







  • ප්‍රොසෙසරය නිසි පරිදි සවි වී තිබේද?





                    ප්‍රොසෙසරයක්
සාමාන්‍යයෙන් සවි වන්නේ සොකට් එකකට බව දනිමු.පෙන්ටියම් II සහ පෙන්ටියම්
III යන කාණ්ඩ වල ඇතැම් ප්‍රොසෙසර් ස්ලොට් ආකෘතියකින් නිර්මාණය කර
තිබිණි.මෙවැනි ප්‍රොසෙසර් සහිත පරිගණක වල බහුලව දක්නට ලැබෙන දෝෂයක් වෙන්නේ
කලක් යන විට ප්‍රොසෙසර් කාඩ් එක බුරුල් වීමයි.එවිට පරිගණකය ක්‍රියාවිරහිත
වේ.ප්‍රොසෙසර් කාඩ් එක නියමාකාරයෙන් තද කිරීමෙන් ගැටලුව නිරාකරණය වෙනු
ඇති.මීට අමතරව සොකට් ආකෘතිය සහිත මවුපුවරුවකදී වුවද ඇතැම් විට එහි ලොක්
එකෙහි ඇති දෝෂයක් නිසා හෝ ලොක් එක බුරුල් වීමෙන් ප්‍රොසෙසරය බුරුල් විය
හැකක.එවිට ප්‍රොසෙසරය මත ඇති කූලින් ෆෑන් එක හා හීට් සින්ක් එක එකිනෙකින්
ගලවා නැවත ඒවා එකිනෙකට සවි කර එම කට්ටලයම කලින් තිබුණාක් මෙන් ප්‍රොසෙසරය
මතුපිට සවි කල යුතුය.




bantigeadaviya.blogspot.com
P II හා P III වර්ගයේ පරිගණක වල භාවිතා වූ ප්‍රොසෙසර්

(මෙය P III වර්ගයේ සමහරක් පරිගණක වල පමණක් දක්නට ලැබේ.)




bantigeadaviya.blogspot.com
P II හා P III පැරණි පරිගණක වල ප්‍රොසෙසරය සවි වූ ආකාරය





                    































































































                
   ෆෑන් එකෙහි දෝශයක් නිසා ප්‍රොසෙසරය අධික ලෙස රත්වී ක්‍රියා නොකරනවා විය
හැක.මේ ආකාරයෙන් ප්‍රොසෙසර් ෆෑන් එක නිසියාකාරව ක්‍රියා නොකිරීමෙන් ඇතැම්
විට ප්‍රොසෙසරය අක්‍රිය වීමට පවා ඉඩ ඇත.








bantigeadaviya.blogspot.com
ප්‍රොසෙසරයේ කූලින් ෆෑන් එක මවුපුවරුවට සවි වන ආකාරය







  • ප්‍රොසෙසර් ෆෑන් එක හොඳින් ක්‍රියා කරයිද?





                    සිස්ටම්
යුනිට් එකෙහි කවරය පිටතින් ගලවා බැලූ විට ප්‍රොසෙසර් ෆෑන් එක ක්‍රියා කරන
ආකාරය පෙණුනත්,එය නියමිත වේගයෙන් කරකැවේද යන්න අපට අවබෝධ කරගැනීම
අපහසුයය.ඇතැම් විට අධික දූවිලි රැඳීම නිසාද ප්‍රොසෙසරයේ ෆෑන් එක නියමිත
වේගයෙන් ක්‍රියා නොකිරීමට පුළුවන.ම්ව්වැනි අවස්ථාවක කූකින් ෆෑන් එක ගලවා
පිරිසිදු කර බැලිය හැක.එසේම හීට් සින්ක් එක මතද වැඩිපුර දූවිලි බැඳීම
ප්‍රොසෙසරය රත් වීමට බලපායි.මේ නිසා එයද පිරිසිදු කරන්න.ප්‍රොසෙසර් ෆෑන්
එකෙහි දෝෂයක් තිබෙන විට එය කරකැවෙන්නේ ශබ්දයක් නගමිනි.සිස්ටම් යුනිට් එකෙන්
නුහුරු ශබ්ධයක් ඇසේනම් ප්‍රොසෙසර් ෆෑන් එක ගැන විමසා බලා එහි ඇති මුලින්
කී දෝෂ සමනය කල යුතුය.





                
   ප්‍රොසෙසරයේ තත්වය පෙන්වීමේ තොරතුරු බයෝස් වැඩසටහන තුල තිබේ.මොනිටරය මත
ඩිස්ප්ලේ එකක් ලබා දෙන මට්ටමින් පරිගණකය වැඩ කරන්නේ නම් බයෝස් වැඩසටහන වෙත
පිවිස එහි PC Health Status තුලින් ප්‍රොසෙසරයේ උෂ්ණත්වය,ප්‍රොසෙසර් ෆෑන්
එක කරකැවෙන වේගය ආදිය බලා ඒවා නිවැරදි ප්‍රමාණයෙන් තිබේදැයි දැන ගන්න.








bantigeadaviya.blogspot.com
PC Helth වැඩසටහන





                
   ප්‍රොසෙසර් ෆෑන් එක නිසියාකාරව ක්‍රියා නොකරන්නේ එය සම්බන්ධ කර ඇති
කනෙක්ටරය බුරුල් වීමෙන්ද විය හැකිය.ඇතැම් බ්‍රෑන්ඩඩ් පරිගණක වල ඇති
ප්‍රොසෙසර් ෆෑන් ක්‍රියාත්මක වෙන්නේ ප්‍රොසෙසරය රත් වූ විට පමණි.එසේ වුවත්
එවැනි පරිගණක වලදීද, පරිගණකය ක්‍රියාත්මක කල සැනින් ප්‍රොසෙසර් ෆෑන් එක
ක්‍රියාත්මක වේ.එවැන්නකදී පරිගණකය ක්‍රියාත්මක කරන අවස්ථාවේම ප්‍රොසෙසර්
ෆෑන් එක පිළිබඳ අවධානයෙන් සිටීමෙන් එහි දෝශයක් ඇත්දැයි හඳුනාගත හැක.මෙහිදී
අදාල ෆෑන් එකෙහි සුලු හෝ දෝෂයක් ඇත්නම්,ඒ වෙනුවට නියමිත වර්ගයේ ප්‍රොසෙසර්
ෆෑන් එකක් යෙදිය යුතුය.







  • මව්පුවරුවේ සෙටින්ග්ස් ඩිෆෝල්ට් කලේද?





                    මවුපුවරුවෙහි
බයෝස් සැකසුමට අදාල විවිධ වෙනස්කම් නිසාද පරිගණකය නිසි පරිදි ක්‍රියා
නොකරයි.මෙවැන්නකදී බයෝස් සැකසුම් රීසෙට් කිරීමෙන් අදාල දෝෂ මගහරවාගත
හැක.බයෝස් සැකසුම් රීසෙට් කිරීමේ පහසුකම බයෝස් වැඩසටහනට ඇතුලත්
වුවත්,මොනිටරයේ කිසිවක් දිස් වන්නේ නැති නම් බයෝස් වැඩසටහනටද පිවිසිය
නොහැක.මෙවැනි තත්වයක් යටතේ මවුපුවරුවෙහි ඇති CMOS (Complementary Metal
Oxide Semiconductor) ජම්පර් එක Clear ආකාරයට සකස් කර නැවතත් Normal ලෙස
වෙනස් කර, පරිගණකය පණගන්වන්න.සාමාන්‍යයෙන් CMOS ජම්පර් එක මත ඇති ජම්පර්
කැප් එක ගලවා අනෙක් පින් යුගලයට සවි කිරීම හෝ අදාල ජම්පර් කැප් එක ගලවා
නැවත තිබූ ස්ථානයටම සවි කිරීම යන ක්‍රම දෙකෙන් එකකින් CMOS සෙටින්ග්
ඩිෆෝල්ට් කල හැක.




bantigeadaviya.blogspot.com
මවුපුවරුවක් මත සීමෝස් ජම්පරය පිහිටා ඇති ආකාරය





                
   මවුපුවරු මැනුවල් එකක් නැත්නම්,මවුපුවරුව මත ඇති සටහන් හොඳින් පරික්ෂා
කිරීමෙන් සීමෝස් ජම්පර් එක ඇති තැන සොයා ගත හැකිය.සීමෝස් ජම්පර් එක ඇති තැන
නිවැරදිව සොයා ගැනීමට නොහැකි නම්,අනුමාන කර ජම්පර් එකක් වෙනස් නොකල
යුතුය.සීමෝස් ජම්පර් එක ඇති තැන නිවැරදිව සොයාගැනීමට නොහැකි නම් කල හැකි
පහසුම දෙය වන්නේ මවුපුවරුව මත ඇති බැටරිය ගලවා විනාඩි දහයක් තබා නැවත සවි
කිරීමයි.එවිටද සීමෝස් සෙටින්ග් ඩිෆෝල්ට් වේ.






bantigeadaviya.blogspot.com
සීමෝස් බැටරිය ගලවන ආකාරය







  • පරිගණකය මූලික පරික්ෂාවකට ලක් කරන්න.





                   සාමාන්‍යයෙන්
ඕනෑම මවුපුවරුවක් කේසින් එක වසන්නේ නැතිව ක්‍රියාත්මක කල හැකිය.ඒහෙත්
ඇතැම් බ්‍රෑන්ඩඩ් පරිගණක කේසින් එකෙහි පිටත කවරය විවෘත කල විට ක්‍රියාත්මක
නොවන ආකාරයට සකස් කර ඇත.එවැනි පරිගණකයක් විවෘත කර පරීක්ෂා කරන්නේ නම්,අදාල
කේසින් එක සවි කලේයැයි හැඟවෙන ආකාරයට කේසින් එකෙහි චැසිය මතුපිට ඇති කුඩා
බට්න් එක තද කල යුතුය.මෙය කේසින් එකෙහි ඉදිරිපස පියන විවෘත කල පසු චැසිය මත
තිබෙනු පෙනේවි.





                
   මවුපුවරුවක් මූලික පරික්ෂාවට ලක් කරන විට එය කේසින් එකෙන්ද ගලවා හොඳින්
පිරිසිදු කර,පිටතදී සවිකර බැලිය යුතුය.රැම් ස්ලොට් හා වීජීඒ ස්ලොට් හොඳින්
පිරිසිදු කල යුතුය.සිහින් කෙඳි සහිත බුරුසුවකට වයින් ස්ප්‍රිට් හෝ
ඇල්කොහොල් යොදා ස්ලොට් පිරිසිදු කල යුතුය.මේ ආකාරයට සම්පූර්ණ මවුපුවරුවම
වුවත් පිරිසිදු කරගත හැක.





                
   LGA ප්‍රොසෙසර් සොකට් එකක් සහිත මවුපුවරුවකදී නම් ප්‍රොසෙසර් සොකට් එක
පිරිසිදු නොකළ යුතුය.මන්ද, මෙසේ සෝදන විට මවුපුවරුවේ ඇතුලත කොටස් වල රැඳෙන
සියුම් ජල අංශු වාෂ්ප බවට පත්වී මවුපුවරුවේ පරිපථ කොටස් වලට හානි ගෙන දෙන
බැවිනි.මවුපුවරුවක් පිරිසිදු කල පසු එය අවුවේ වේලීම හොඳ නැත.මවුපුවරුව රත්
වී ප්‍රසාරණය වීම නිසා එහි සියුම් පරිපථ කොටස් වලට හානි විය හැක.මවුපුවරුව
වියලාගත යුත්තේ සාමාන්‍ය පරිසරයේ තබා විදුලි පංකාවකින් එයට සුළං ධාරා
එවීමෙනි.





                
   ගලවාගත් මවුපුවරුව මෙසේ පිරිසිදු කර ගැනීමෙන් පසුව එය මූලික පරික්ෂාවකට
(Bench Test) ලක් කිරීම සඳහා හීට් සින්ක් එක හා කූලින් ෆෑන් එක සමග
ප්‍රොසෙසරය,රැම් එක හා වීජීඒ කාඩ් එක පමණක් සවි කර කේසින් එක මතුපිට
කාඩ්බෝඩ් කැබැල්ලක් වැනි විදුලිය කාන්දු නොවන යම් දෙයක් තබා,ඒ මත මවුපුවරුව
තබා පවර් කේබල් හා පවර් ස්විචයට අදාල කනෙක්ටර් සම්බන්ධ කර පරිගණකය ක්‍රියා
කරවා බලන්න.එවිට පරිගණකය ක්‍රියාත්මක වී තිරයේ බයෝස් වැඩසටහන පෙන්වයි නම්
දෝෂය නිරාකරණය වී ඇත.




bantigeadaviya.blogspot.com
Bench Test එකක් නිවැරදිව කරගන්නා ආකාරය





                
   මවුපුවරුව කේසින් එකට සවි කිරීමට කලින්,කේසින් එකෙහි යමක් සමග ගැටී
මවුපුවරුව ෂෝට් වන්නේදැයි පරීක්ෂා කරන්න.කේසින් එකෙහි බේස් ප්ලේට් එක මත
ඇති ඇණ සවිවන සිදුරු සහිත කොපු ඇත්තේ මවුපුවරුවෙහි ඇණ සවිවීම සඳහා වෙන් කර
ඇති සිදුරු වලට සමාන්තරව බව හොඳින් තහවුරු කරගන්න.මෙහිදී බේස් ප්ලේට් එක මත
ඇති ඇණ සවිවන සෑම කොපුවක්ම මවුපුවරුවෙහි ඊට ගැලපෙන සේ ඇති සිදුරු වලට තබා
ඇණ සවි කල යුතුය.ඇණ තද කිරීමේදී අනවශ්‍ය පීඩනයක් යොදා එය නොකළ යුතුය.







  • වෙනත් ප්‍රොසෙසරයක් යෙදූ විට පරිගණකය ක්‍රියාත්මක වේද?





                    ඉහත
පරීක්ෂාවෙන් පසුවද යම් බීප් හඬක්ද නොමැතිව පරිගණකය ක්‍රියාත්මක නොවන්නේ
නම් දෝෂය ඇත්තේ ප්‍රොසෙසරය තුල විය හැක.එවිට වෙනත් ප්‍රොසෙසරයක් යොදා
බලන්න.අළුත් ප්‍රොසෙසරයක් යෙදීමේදී ඊට ගැලපෙන හීට් සින්ක් එකක් හා ෆෑන්
එකක්ද යොදා බලන්න.මේ හැර ඇතැම් විට කිසිඳු බීප් හඬක් හෝ ඇසෙන්නේ නැතිව
පරිගණකය ක්‍රියා නොකර තිබෙන්නේ රැම් එකට හානි සිදුවීමෙන් හෝ එය බුරුල්
වීමෙන් විය හැක.එවන් අවස්ථාවක රැම් හොඳින් සවි කිරීම හෝ වෙනත් රැම් එකක්
යෙදීම කල යුතුය.







bantigeadaviya.bolgspot.com
පරිගණකයක මවුපුවරුවකට උපාංග සවිවන ආකාරය


                
   මෙම පරික්ෂාවද අසාර්ථක වේ නම් මවුපුවරුව දෝෂ සහගත යැයි නිගමනය කළ
හැක.එවිට අදාල මව්පුවරුව වෙනුවට අලුත් මවුපුවරුවක් සවිකල යුතුය.







Comments

Popular posts from this blog

Network Commands

මෙන්න එහෙනම් Proxy list එක ...

ඉලෙක්ට්‍රොණික පන්තිය..